තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්
තොරතුරු සන්නිවේදන තාක්ෂණය අප සමාජය තුල විවිධ ක්ෂේත්‍රයන් වල අත්‍ය අවශ්‍ය කාර්යයන් විශාල සංඛ්‍යාවක් ඉටු කර ගැනීම සඳහා අත්‍යඅවශ්‍යම සම්පතකි.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය භවිතා වන විවිධ ක්ෂේත්‍රයන්
ඉ - රාජ්‍ය යෙදවුම් (e – Government)
රජයේ නිල වෙබ් අඩවිය, රජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය සමග සම්බන්ද වීම තුලින් රජය සම්බන්ධ කටයුතු සිදු කර ගැනීම හා තොරතුරු ලබා ගැනීම ඉතා පහසුවෙන් සිදු කර ගත හැක.
ඉ - රාජ්‍ය සංකල්පය තුලින් පහසුකම් සලසා ගන්නා සේවාලාභීන්
රාජ්‍ය තොරතුරු හා රජය මගින් ලබා දෙන සේවාවන් ලබා ගත හැකි නිල වේබ් ලිපින හා අන්තර්ජාල අතුරුමුහුණත් ජායාරූප
G2C - Government To Citizen
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් පුරවැසියන්ට ලබා දෙන සේවාවන් -
o රාජ්‍ය ආයතන පිළිබඳ නාමාවලිය ලබා ගත හැක
o රාජ්‍ය ආයතන පිළිබඳ තොරතුරු ලබා ගත හැක
o රාජ්‍ය ආයතන මගින් පුරවැසියන් වන අපට ලබා ගත හැකි සේව විස්තර ලබා ගත හැක
o බිල්පත් ගෙවීම් සේවාවන් ලබා ගත හැක
o වාහන බලපත්‍ර අලුත් කිරීමේ සේවාවන් ලබා ගත හැක
o රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන් ලබා ගත හැක
o රටේ නීති පද්දතිය පිළිබඳ තොරතුරු ලබා ගත හැක
o රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තොරතුරු ලබා ගත හැක
o රටේ සිතියම හා ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැක
Government To Government
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් තවත් රජයකට ලබා දෙන සේවාවන් -
o තානාපති කාර්යාල හා විසා පහසුකම් පිළිබඳ විස්තර ලබා ගැනීමට
o රජයේ නීති රීති ආදිය පෙන්වා දීම
o සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම
o රටෙහි සුන්දර ස්ථාන පිළිබඳ දැනුවත් කිරීම
o රේගුව පිළිබඳ විස්තර ලබාදීම
o රටේ සිතියම හා ඒ පිළිබඳ තොරතුරු
G2B - Government To Business
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් ව්‍යාපාර සම්බන්ධව ලබා දෙන සේවාවන් -
o මුදල් ගෙවීම් සේවා ලබා දීම
o බැංකු/රක්ෂණ සමාගම් පිළිබඳ තොරතුරු ලබා දීම
o ව්‍යාපාර ලියාපදිංචි කිරීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීම්
o වාණීජ සංවිධාන තොරතුරු ලබා ගත හැකි වීම
o ව්‍යාපාර පිළිබඳ තොරතුරු ලබා දීම
G2E - Government To Employees
ඉ-රාජ්‍ය ක්‍රමය තුලින් රජයකින් රටේ සේවකාදීන්ට ලබා දෙන සේවාවන් -
o ආකෘති පත්‍ර ආදිය ලබා දීම
o ගැසට් පත්‍ර ආදිය නිකුත් කිරීම
o චක්‍රලේඛන හා විභාග ආදිය හදුන්වා දීම
o බැංකු කටයුතු හා රාජ්‍ය සේවක ණය පිළිබඳ විස්තර ලබා දීම
o රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචි කිරීම් සේවා ලබා දීම
o පුහුණු වැඩ සටහන් ලබා දීම
THE END
Prepaird by - Udaya kariyawasam