සිතේ ගති II
අකුසල චෛතසික (14)
අකුසල සිත් සමග පමණක් යෙදෙන චෛතසික අකුසල චෛතසික නම් වේ.
අකුසල චෛතසික 14 කි.
ඉන් චෛතසික 4ක් සියලූම අකුසල සිත් වල අඩු නැතිව යෙදේ. ඒවා සබ්බ අකුසල සාධාරණ චෛතසික නම් වේ.
ඉතිරි චෛතසික 10 ඒ ඒ අකුසල සිත් සමග සුදුසු පරිදි යෙදේ.
අකුසල චෛතසික කිහිපයක් පහත විස්තර කොට ඇත.
කුක්කුච්ච - කළ අකුසල් හා නොකළ කුසල් පිළිබඳව සිතමින් පසුතැවිලි වීම.
ථීන - සිතේ ඇතිවන අලස බව.
මිද්ධ - චෛතසිකයන්ගේ අලස බව.
කුක්කුච්ච චෛතසිකය ද්වේශ සිත් 2 සමග පමණක් යෙදේ. එයද පසුතැවීමක් ඇති විටම පමණක් යෙදේ.
යම් සිතක් සමග වරෙක යෙදෙන, තවත් වරෙක් නොයෙදෙන එබඳු චෛතසික අනියතයෝගී චෛතසික නම් වේ.
උදා:-
1. කුක්කුච්ච
2. ථීන
3. මිද්ධ