නිවන II , III
සකදාගාමී ආර්ය ශ්‍රාවකයා
සෝවාන් වූ පුද්ගලයා,
1. කාමරාග
2. පටිඝ
යන සංයෝජන ධර්ම දෙක තුනී කිරීමෙන් සකදාගාමී වේ.
කාමරාග - පංචකාම වස්තූන්ට ඇලුම් කිරීම කාමරාගයයි.
පටිඝ - සිතෙහි ඇතිවන ගැටීම හෙවත් ද්වේශය පටිඝයයි.
සතර අපාය, මිනිස් ලොව, සදෙව් ලෝ යන ලෝක 11 කින් යුක්ත කාම ලෝකය ඕරම්භාග යන නමින් හඳුන්වයි.
ඕරම්භාගයෙහි උප්පත්තිය ලබා දෙන,
1. සක්කාය දිට්ඨි
2. විචිකිච්ඡා
3. සීලබ්බත පරාමාස
4. කාමරාග
5. පටිඝ
යන සංයෝජන ධර්ම 5 ඕරම්භාගිය සංයෝජන ලෙස හඳුන්වයි.
සකදාගාමී පුද්ගලයා කාමලෝකයෙහි උපදින්නේ එක් භවයක් පමණි.
එක් වරක් පැමිණෙයි යන අදහස සකදාගාමි (සකිං + ආගාමි) යන වචනයේ ඇත.
අනාගාමී ආර්‍ය ශ්‍රාවකයා
සකදාගාමී වූ පුද්ගලයා කාමරාග, පටිඝ යන සංයෝජන ධර්ම 2 සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් අනාගාමී වේ.
අනාගාමී පුද්ගලයා කාමලෝකයෙහි යලි උපදින්නේ නැත.
කාමලෝකයට නොපැමිණෙයි යන අදහස අනාගාමී (න + ආගාමි) යන වචනයේ ඇත.
අනාගාමී පුද්ගලයා රහත් වීමට පෙර මියගියහොත් රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපත ලබයි.
සටහන:-
අනාගාමී පුද්ගලයා රහත් වීමට පෙර මියගියහොත්,
i. අවිහ
ii. ආතප්ප
iii. සුදස්ස
iv. සුදස්සි
v. අකනිට්ඨ
යන සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5 න් එකක උපත ලබයි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක වලට අයත් වේ.
අභ්‍යාස:-
ශ්‍රේණි විභාගය 2015
1. සකදාගාමී තත්වයට පත් පුද්ගලයාගේ ස්වභාවය හඳුන්වා දෙන්න. (ල. 7)