නිවන IV
අර්හත් ආර්ය ශ්‍රාවකයා
අනාගාමි වූ පුද්ගලයා
1. රූපරාග
2. අරූපරාග
3. මාන
4. උද්ධච්ච
5. අවිජ්ජා
යන උද්ධම්භාගිය සංයෝජන 5 සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් රහත් වේ.
සටහන:-
1. රූපරාග - රූපාවචර ධ්‍යාන ලබාගැනීමටත් රූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉපදීමටත් ඇති ආශාව රූපරාගයයි.
2. අරූපරාග - රූපයන් කෙරෙහි කලකිරී අරූපාවචර ධ්‍යාන ලබාගැනීමටත් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උප්පත්තිය ලබා ගැනීමටත් ඇති ආශාව අරූපරාගයයි.
3. මාන - තමන් හා අනුන් සන්සන්දනය කිරීම මානයයි. මානය තෙආකාරය.
i. සෙය්‍යමාන - තමා අනුන්ට වඩා උසස් යැයි සිතීම.
ii. හීනමාන - තමා අනුන්ට වඩා පහත් යැයි සිතීම.
iii. සදිසමාන - තමා හා අනුන් සමාන යැයි සිතීම.
4. උද්ධච්ච - සිතෙහි විසිරුණු ගතිය උද්ධච්චයයි.
5. අවිජ්ජා - අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි.
රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම ලෝක උද්ධම්භාග යන නමින් හඳුන්වයි.
උද්ධම්භාගයෙහි උප්පත්තිය ලබාදෙන බැවින් ඉහත සංයෝජන ධර්ම පහ උද්ධම්භාගිය සංයෝජන ලෙස හැඳින්වේ.
දස සංයෝජන ධර්ම දුරු කොට රහත් වීමෙන් කාම, රූප, අරූප යන සම්පූර්ණ ලෝකයෙන් එතෙර වී ලෝකෝත්තර වෙයි.
අභ්‍යාස :-
පෙළ පොතේ අභ්‍යාසයම කරවන්න.