සටහන:-
මෙම ප්‍රකාශ අතරින් මතක තබාගැනීමට පහසු ප්‍රකාශ 5 ක් පමණක් දරුවාගේ මනාපය අනුව තෝරා සටහන් පොතට ඇතුලත් කරන්න.
බුදුරජාණන් වහන්සේ වනාහි උන්වහන්සේ විසින් දේශිත සියලූම ගුණ ධර්මයන්ගේ ප්රතිමූතියයි. ලෝකයට ඉතාම පරිපූර්ණ ආචාරධම පද්ධතියක් ඉදිරිපත් කලේද බුදුරජාණන් වහන්සේය.
-ජර්මන් මහාචාර්ය මැක්ස්මුලර් පඬිතුමා-
ඓතිහාසික පුද්ගලයන් අතර ප්‍රඥ්ඥාවෙන් හා ශීලයෙන් ඉහලම ස්ථානයේ සිටින්නේ බුදුරජාණන් වහන්සේය.
ලෝකයේ ප්‍රසිද්ධ ආගම් වලින් මා බුදුදහමට විශේෂයෙන් කැමති වන්නේ එය කිසිවෙකු නොපෙළවන බැවිනි.
-බර්ට්‍රන් රසල් දාර්ශනිකයා-
බුදුරජාණන් වහන්සේ ලෞකික ආශා නැමැති ගිනිගත් නිවෙස තුල දැවෙන දරුවන් බේරා ගැනීමට උපාය මාර්ග යොදන්නාවූත් පසුව නිර්වාණයට මග පෙන්වන්නා වූත් පියෙකු බඳුය.
-ලක්ෂ්මී නරසු මහාචාර්යවරිය-
බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්යයේ ස්වභාවය අද්විතීයයි. එබැවින් බුදුදහම ලෝකයේ අනෙක් සියලූ ආගම් වලින් කැපී පෙනේ.
- හස්රූත් ඉනායන් ඛාන්-
මිනිස් වර්ගයාගෙ වංශ කතාවෙහි ලොක ශිෂ්ඨාචාරය හා සැබෑ සංස්කෘතියක් ගොඩ නැංවීමට මෙහෙයක් කල, බුද්ධ ධර්මය තරම් බලවේගයක් තවත් නැත්තේය.
-එච්.ජී.වෙල්ස්-
බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්ෂයේ පිපුණු මලයි. ඒ මල පිපෙන්නේ අසීමිත ලක්ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුවය. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙන් ලෝකය පිරෙයි.
-එඩ්වින් ආර්නෝල්ඩ් කවියා-
මිනිස් වර්ගයාගෙන් වැඩිම සංඛ්‍යාවකින් පූජා ලද තැනැත්තා නම් බුදුරජාණන් වහන්සේය.
-මහාචාර්ය සොන්ඩර්ස්-
ඔබට ප්‍රශ්නයක් දෙස බැලීමට ඇත්තේ නම් බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ ලෙස ශාන්තව, ඉවසීමෙන් හා ප්රජාතන්ත්රවාදී ලෙස ඒ දෙස බලන්න.
-ජවහර්ලාල් නේරු-
බුදුරජාණන් වහන්සේ නව මානව වංශයක් පහල කළහ. එය සදාචාර යෝධයන්ගේ වංශයකි. බුද්ධ වංශයකි.
-මන්මථනාත් ශාස්ත්‍රී-
බුදුරජාණන් වහන්සේ ජීවත් නොවූ කෙනෙකු යැයි යමෙකු ඔප්පු කලත් බුදුදහමේ ඉගැන්වීම් නම් කෙසේවත් වෙනස් නොවී පවතිනු ඇත.
-ලේඛක ක්‍රිස්මස් හම්ප්‍රීස්-
තමා විසින් දේශනා කරනු ලබන ධර්මය වූවත් අන්ධ භක්තියෙන් නොපිළිගන්නා ලෙස අවවාද කරන ලොව සිටි එකම ආගම් කතුවරයා බුදුරදුන්ය.
-ඩේව් නීල් මැතිණිය-
බුදුදහම් අඳුරු, දුකින් පිරුණු ආගමක් ලෙස සමහරු පිළිගනිති. එය එසේ නොවේ. බුදුදහම, එය අදහන්නන් ආලෝකමත් හා ප්‍රීතිමත් බවට පමුණුවයි. දුක් කරදර මැද සතුටු වීමටත්, අන්‍යන්ගේ දියුණුව දැක ප්‍රීති වීමටත් එයින් අපට පිහිට ලැඛෙයි.
-පූජ්‍ය ඥානාතිලෝක හිමියෝ-
ආසියාව බුද්ධ ක්ෂේත්රය හෙවත් බුද්ධ විජිතයයි. ආසියාව නැවතත් එAකාබද්ධ කිරීමට හැක්කේ බුදුදහම නැමැති සාධකයට බව මම විශ්වාශ කරමි.
-එන්. ගැන්ගූලි-
බුද්ධ ධර්මයේ දීර්ඝ ඉතිහාසය තුල බෞද්ධයන් විසින් අන්‍ය ආගම් කාරයන් පෙළු අවස්ථාවක් වාර්තාගත වී නැත්තේය.
-රීස් ඩේවිස්-
ඉර හඳ පවතින තෙක් මෙන්ම මිනිස් වර්ගයා මිහිපිට ජීවත් වන තුරුම බුදුදහම පවතිනු ඇත. එසේ වන්නේ එය මිනිසාගේ ආගම වන බැවිනි.
-එස්. ඩ්බ්. ආර්. ඩී. බණ්ඩාරනායක-
මිනිසාට ඔහුගේම දෙපයින් නැගී සිටීමටත් ආත්ම විශ්වාසය හා ජීව ශක්තිය ලබා ගැනීමටත් ශක්තිය ලබා දෙන්නේ බුදු දහමයි.
-නාරද හාමුදුරුවෝ-
බෞද්ධයෙකුගේ යුතුකම හුදෙක් හොඳ බෞද්ධයෙකු වීම පමණක්ම නොව බුදුදහම් පැතිරවීම ඔහුගේ යුතුකම විය යුතුය. එය සමස්ථ මිනිස් වර්ගයාටම සේවය කිරීමකි.
-ආචාර්ය හිම්රාඕ රාම්ජි-