සිද්ධාර්ථ ගෞතම තෙමේ 35 වන වියේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූහ.
පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක වන අත්තකිලමතානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය පහදමින් ඇසළ පොහෝ දින බරණැස ඉසිපතණයේදී දම්සක් පැවතුම වදාළහ.
අත්තකිලමතානු යෝගය - ශරීරයට දැඩි දුක් දීම.
කාමසුඛල්ලිකානු යෝගය - ශරීරයට දැඩි සැප දීම.
පස්වග් මහණුන් ධම්මචක්ක පවත්තන සූත්‍රය ශ්‍රවණයෙන් සෝවාන් මාර්ගඵල ලබා අනත්ත ලක්ඛණ සූත්‍රය ශ්‍රවණයෙන් අර්හත් මාර්ගඵලය ලැබූහ.
ප්‍රථම ධර්ම චාරිකාවට පෙර බුදුන් වහන්සේගේ උපදෙස,
“මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිිණිස දෙවි මිනිසුන්ට වැඩ පිිණිස ගම් නියම්ගම්හි හැසිරෙන්න. දෙදෙනෙක් එක මග නොයන්න. මුල, මැද, අග යහපත් වූ ධර්මය දේශනා කරන්න.” යනුවෙනි.
ප්‍රථම රහත් හැට නම (ප්‍රථම ධර්ම දූත පිරිස),
පස්වහ මහණුන්ය
කුල පුතු හා මිතුරන් 54 දෙනා.
දෙවන ධර්ම දූත පිරිස,
භද්දවග්ගිය කුමරවරු 30 දෙනා.
තෙවන ධර්ම දූත පිරිස,
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් හා ශ්‍රාවකයන් 1000 දෙනා.
බුද්ධත්වයෙන් පසු,
1 වන වසර,
1. බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය - මහියංගනය
2. බිම්බිසාර රජු දහම් අසා සෝවාන් වීම.
3. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව - වේළුවනාරාමය - බිම්බිසාර රජු විසින්
4. උපතිස්ස කෝලිත (සැරියුත් මුගලන්) දෙදෙනා රහත්ව අගසවු තනතුරු ලැබීම.
2 වැනි වසර,
1. බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩම කිරීම.
2. සුද්දෝදන රජු දහම් අසා සෝවාන් වීම.
3. නන්ද කුමරාත් රාහුල කුමරාත් පැවිදි වීම.
4. දෙව්දත් තෙරුන් පැවිදි වීම.
5. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීමට රතන සූත්‍රය දේශනා කිරීම.
සටහන:-
තුන් බිය,
1. රෝග බිය
2. අමනුෂ්‍ය බිය
3. දුර්භික්ෂ බිය
5 වැනි වසර,
1. මහා ප්‍රජාපතී ගෝතමී දේවියගෙන් භික්ෂුණී ශාසනය ඇරඹීම.
2. බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනය - නාගදීපය - චූලෝදර මහෝදර නා රජුන් මැණික් පුටුවට කළ ගැටුම වැළැක්වීමට.
7 වැනි වසර,
1. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම.
10 වැනි වසර,
1. කොසඹෑ නුවර ධර්මධර විනයධර භික්ෂූන්ගේ අසමගිය නිසා එම වස් කාලය පාරිලෙය්‍ය වනයෙහි ගත කිරීම.
12 වැනි වසර,
1. උදය බමුණාගේ ආරාධනයෙන් පැමිණ වේරංජා නුවර දුෂ්කර ලෙස වස් විසීම.
16 වැනි වසර,
1. අලව් නුවර ආලවක යක්ෂයා දමනය කොට අලව් කුමරුගේ දිවි බේරා ගැනීම.
20 වැනි වසර,
1. 55 වැනි වියෙහි සිටි බුදුරදුන්ගේ ස්ථීර උපස්ථායක ධූරයට අනඳ හිමි පත් කිරීම.
2. රෝහිණී නදියේ ජලය පිළිබඳ වූ අර්බුදය විසඳීමෙන් පසු ශාක්‍ය කෝලිය කුමාරවරු 500ක් සසුන් ගත වූහ.
අභ්‍යාස:-
ශ්‍රේණී විභාගය 2011
1. බුදුරජාණන් වහන්සේගේ මුල් විසි වසර තුල බුදුදහම ජනප්‍රිය වී පැතිරයාමට හේතු වූ කරුණු 04ක් කෙටියෙන් ලියා දක්වන්න. (ල. 4)
සටහන:- මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට පාඩමේ අවසාන ඡේදය පරිශීලනය කළ යුතු බව පවසන්න.
ආදර්ශ ප්‍රශ්න
1. බුද්ධත්වයෙන් මුල් විසි වස තුලදීම දඹදිව සොලොස් මහා ජනපද පුරාවටම බුදුසසුන ව්‍යාප්ත වී යාමට හේතු වූ සාධක විවරණය කරන්න. (ල. 10)