හැදින්වීම :
මිනිසුන් හෝ භාණ්ඩ එක තැනක සිට තවත් තැනකට ගෙන යාම ප්‍රවාහනය නමින් හැදින්වේ.අතීතයේදී ප්‍රවාහනය සදහා මිනිස් ශ්‍රමය හා සත්ව ශ්‍රමය යොදා ගනු ලැබුවද නුතන ලෝකයේ දියුණු මෙවලම් මේ කාර්යය සදහා භාවිතා කෙරේ.ප්‍රවාහන මාධ්‍යයන්ගේ ගුණාත්මක සංවර්ධනය අනුව ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයන් ගණනාවක්ම හදුනා ගත හැකිය.එනම් මිනිස් ශ්‍රමය,සත්ව ශ්‍රමය,දුම්රිය,මෝටර් රථ,නල හා රැහැන් වේ.
ඓතිහාසික පදනම:
ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රවාහන මාධ්‍යයන් වන ජල මාර්ග,තොටුපළවල් ආදිය අතීතයේදී දියුණු මට්ටමක නොතිබුණු අතර අවශ්‍යතා සංකීර්ණ නොවීම නිසා ඒවා දියුණු කිරීමටද උත්සහ නොගත්තාහ.
ශ්‍රී ලංකාවේ විධිමත් ප්‍රවහනයක් අරබුනේ බටහිර ජාතීන්ගේ ආගමනයත් සමගය.ලන්දේසි පාලන සමයේදී ප්‍රවාහනය සදහා ඇළමාර්ග සාදන ලදී.එමෙන්ම ඉංග්‍රීසින් මෙරට පාලනය කරන කාලයේදී මහා මාර්ග,දුම්රිය මාර්ග ඉදි වුනි.ඒ අනුව බාර්න්ස් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී කොලබ-මහනුවර මහා මාර්ගය ඉදි වුනි.සර් හෙන්රි වෝල්ඩ් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී කොලබ-මහනුවර දුම්රිය මාර්ගය ඉදි වුනි.
වර්තමානයේ ප්‍රවාහන රටා :
1.ගොඩබිම් ප්‍රවාහනය - මහා මාර්ග,දුම්රිය මාර්ග,නළ මාර්ග
2.නාවික ප්‍රවාහනය - මුහුදු මාර්ග,ඇළමාර්ග,ගංගා
3.ගුවන් ප්‍රවාහනය - අභ්‍යන්තර,ජාත්‍යන්තර
ගොඩබිම් ප්‍රවාහනය
1.දුම්රිය මාර්ග නිමවීම
ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය මාර්ගය 1865 දී ඉදි වුනි.ඒ කොලබ සිට මහනුවර දක්වාය.එම මාර්ගය ඉදි වුයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී වතු වැවිලි ආර්ථිකය දියුණු කිරීම පදනම් කරගෙනය.දැනට මගී හා භාණ්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය මාර්ග යොදා ගනී.
2.මහා මාර්ග
දැනට ශ්‍රී ලංකාවේ ABCD ලෙස මහා මාර්ග වර්ග කර ඇත.මෙම ප්‍රධාන වර්ගිකරණයද නැවතත් අනු කොටස් යටතේ වර්ග කර ඇත.
උදා:
A1-කොලබ සිට මහනුවර දක්වා 115.2Km
A2-කොලබ සිට වැල්ලවාය දක්වා 313.6Km
A4-කොලබ සිට රත්නපුරය හරහා මඩකලපුව දක්වා 452.6 Km
A9-මහනුවර සිට යාපනය දක්වා 318.4 Km
100000 Km යුක්ත මාර්ග පද්දතියක් ශ්‍රී ලංකාව සතු වේ.25000 Km ක් වන ප්‍රධාන මාර්ග පද්ධති මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කොලබ නගරය හා සම්බන්ධ වේ.ශ්‍රී ලංකාවේ ප්‍රධාන මගී ප්‍රවාහන මාධ්‍යය බස් රථ වේ.
3.නළ මාර්ග
ඛනිජ තෙල් හා ගැස් ප්‍රවාහනය සදහා නළ මාර්ග යොදා ගනී.ජල ප්‍රවාහනය,මළ ද්‍රව්‍ය ප්‍රවාහන සදහාද නළ මාර්ග යොදා ගනී.
බහාලුම් ප්‍රවාහනය :
ගොඩබිම් හා නාවික ප්‍රවාහන මාධ්‍යක් ලෙස භාණ්ඩ ප්‍රවාහනයේදී කඩිනම් හා ආරක්ෂාකාරී ප්‍රවාහන ක්‍රමවේදයක් ලෙස බහාලුම් ප්‍රවාහනය හදුන්වා දිය හැක. බහාලුම් ප්‍රවාහනය සදහා සුවිශේෂී නැව් හා ට්රක්රථ යොදා ගනු ලබයි.
ජල ප්‍රවාහනය
මුහුදු මාර්ග ඔස්සේ ලංකාවේ කොලබ වාරයේ සිට ගාල්ල,ත්‍රිකුණාමලය,කන්කසන්තුරේ ආදී වරායවල් වලට භාණ්ඩ ප්‍රවාහනය කරයි.එමෙන්ම අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ සුළු වශයෙන් භාණ්ඩ හා මගින් ප්‍රවාහනය සිදු වේ.
ගුවන් ප්‍රවාහනය
කටුනායක ගුවන් තොටුපල ගුවන් ප්‍රවාහනයේ ප්‍රධානතම ස්ථානය වේ.මිට අමතරව මත්තල ගුවන් තොටුපලින්ද රත්මලාන,පලාලි,ආදී අභ්‍යන්තර කුඩා ගුවන් තොටුපළවල් හරහාද ප්‍රවාහන කටයුතු සිදු වේ.
ගුවන් ප්‍රවාහනයේ වැදගත්කම :
1.අන්තර් ජාතික ප්‍රවාහනයේදී කඩිනම් ප්‍රවාහන මාධ්‍යයකි.මල් වර්ග හා බෙහෙත් වැනි ඉක්මනින් ප්‍රවාහනය කල යුතු භාණ්ඩ ප්‍රවාහනයේදී ගුවන් ප්‍රවාහනය ඉතා වැදගත් වේ.
2.ගොඩබිමින් හෝ ජලයෙන් ලගා විය නොහැකි ස්ථාන වලට ලගා වීමට උපකාරී වේ.මාර්ග වැටි නොමැති විශාල කදු වැනි ප්‍රදේශ වලට ලගා වීමට මෙය උපකාරී වේ.
3.යුද කටයුතු,අභ්‍යවකාශ පර්යේක්ෂණ,ගුවන් චායාරුප ගැනීම වැනි දේවල් සදහා උපකාරී වේ.
4.භුමියේ පවතින කදු,ගංගා,වගුරු වැනි බෞතික බාධාවන් පහසුවෙන් ජය ගත හැකි වීම.
ප්‍රවාහන ක්ෂේත්රයේ ගැටළු:
1.මහා මාර්ග හා දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොවීම
2.ප්‍රධාන නගර වල වාහන නතර කිරීමේ ගැටළු
3.ප්‍රවාහන වියදම අධික වීම
4.මාර්ග නීති පිළිබද නොදැනුවත්කම
ප්‍රවාහන ක්ෂේත්රයේ නව ප්රවණතා:
1.අධිවේගී මාර්ග තැනීම ( මාතර-කොට්ටාව ,කොලබ-කටුනායක,කොලබ-මහනුවර)
2.බහාලුම් ප්‍රවාහනය දියුණු වීම
3.ශිතකරණ සහිත වාහන භාවිතය
4.කුඩා ප්‍රමාණයේ වාහන භාවිතය වැඩි වීම
5.ගුවන් පාලම් හා ගුවන් මාර්ග තැනීම
උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි)
(විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)