කූඹි කතාව මුද්‍රානාට්‍ය (10 වසර )
*.කුබිකතාව ළමා මුද්‍රා නාට්‍යයක් ලෙස හැඳින්වේ මෙහි කතා පුවත සහ අවස්ථා නිරූපණය ගොඩ නඟා ඇත්තේ කුඩා දරුවන්ගේමනසට ගැළපෙන ආකාරයෙන් හා ඔවුන්ට යහපත් ආදර්ශ ලබා දෙන ආකාරයෙනි..
01. සමගිය එහි ඇති වැදගත්කම
02.පරාජය හමුවේ නොසැලී උත්සාහය නැගී සිටිය යුතු බව
03. සතුරාට වුව ද විපතේදී පිහිට විය යුතු බව කූඹි කතාව මුද්‍රා නාට්‍යයෙන් සමාජ ආදර්ශයක් ලබා දෙයි.
*. කූඹි කතාව මුද්‍රා නාට්‍යයේ නර්තන නිර්මාණයන්
මෙම ඉගි නලුව මුළුමනින්ම සත්ව චරිත තේමා කරගත් හෙයින් එම සත්වයන් ගේ හැසිරීම් රටා පාදක කර ගත් රංග රචනයත්මෙහි දැක්වේ එමගින්ම නර්තනය හැසිරීමේදි සංගීත සංරචනය මගින් මතු කරන සියුම් අවස්ථා පවා නර්තනයෙන් ඉදිරිපත් කර ඇත
*.කූඹි කතාව මුද්‍රා නාට්‍යයේ සංගීත නිර්මාණයන්
මුද්‍රා නාට්‍යයෙහි රංග රචනය හා එහි සංගීතය මනාව ගැළපෙන ලෙස නිර්මාණය කර ඇත
මෙහි දක්නට ලැබෙන ක්‍රියාකාරී සංගීතය මුද්‍රා නාට්‍යයේ ගලා යාමද මනා පිටුවහලක් වේ.
*. කූඹි කතාව මුද්‍රා නාට්‍යයේ රංග වස්ත්රාභරණ
විවිධ වර්ණ රටාවන් වෙත නැඹුරුවීම මෙහි රංග වස්තාභරණ භාවිතය විශේෂත්වයයි එමෙන්ම ළමා නාට්‍යයට උචිත වනපරිද්දෙන් මෙහි වස්ත්රාභරණ සඳහා එම වර්ණ හා රටාවන් යොදාගෙන ඇත.
*. කූඹි කතාව මුද්‍රා නාට්‍යයේ කතා කථා පුවත.
කූඹි හෝ තම රාජධානියේ එදිනෙදා කටයුතුවල නිරත වෙති. විවිධ කුහුඹු පවුල් එහි වාසය කරමින් කුහුඹු රැජිනගේ අණට අනුවකටයුතු කරති. රෙදි විවීම, රෙදි සේදීම, කෑම පිසීම, පිරිසිදු කිරීම මොවුන්ගේ කාර්යයෝය.
දිනක් කුහුඹු පවුලක් තම රාජ්‍යයෙන් ඈතට කෑම සෙවීම සඳහා පිටත් වේ. මේ අතරතුර මදුරුවෙක් පැමිණේ. කූඹින්ගේ නිවාස කඩාබිඳ දමයි. කුහුඹින් නැවත එනවිට දක්නට ලැබුණේ ඒවා විනාශ වී ඇති බවයි. ඔවුහු නැවත රාජ්‍ය ගොඩනැගූහ ඉන්පසුව තමඅසල්වැසි යහළුවන්ට තේ පැන් සංග්‍රහයක් සූදානම් කළහ. එම සාදයට තණකොළ පෙත්තෝ, කුරුමිණියෝ හා සමනලයෝපියාඹාගෙන පැමිණෙති.
සාදයට ජයට පවතින විට සුළඟ සම විට සුළඟ සමඟ වැස්සක් විත් මුළු ප්‍රදේශයම ජලයෙන් යටවෙයි. පියාපත් ඇති අයඉගිලී ගෙන යති කුහුඹුවෝ හා අනෙක් අය ටින් එක උඩට නැගී බලා හිඳිති පණ බේරා ගැනීමට දඟලන මදුරුවා ද කූඹීන් විසින්බේරා ගනු ලැබේ .
ප්‍රථම නිෂ්පාදනය : 2007
පිටපත : ටානියා බැරකෝමා
රංග රචනය : අංජලිකා චිත්‍රසේන
කලා කටයුතු හා
රංග වස්ත්රාභරණ
නිර්මාණය : මහේෂ් උමගලිය
සංගීතය : රොබට්ජුලන්හි ඇතුළු පිරිස
කරදිය මුද්‍රා නාට්‍යය සහ කූඹි කතාව මුද්‍රා නාට්‍ය ඇගයිම
01. කරදිය/කූඹි කතාව මුද්‍රා නාට්‍යයට පසුබිම් වූ කතා පුවත කෙටියෙන් ලියන්න ?
02. එම මුද්‍රානාට්‍ය සඳහා තේමාව විකාශනය සඳහා නර්තන යොදාගෙන ඇති ආකාරය විස්තර කරන්න ?
03.කරදිය මුද්‍රා නාට්‍යයේ ආලෝකකරණය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න ?
04. කූඹි කතාව මුද්‍රා නාට්‍යයේ රංග වස්ත්රාභරණ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න?
05. කරදිය මුදා නාට්යයේනිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය විදහා දක්වන අවස්ථාවන් කිහිපයක් හඳුන්වන්න?