දවුල
ශ්‍රී ලංකාවටම අවේණික වූ වාද්‍ය භාණ්ඩයක් වන දවුල ප්‍රධාන වශයෙන්
සබරගමු නර්තන සම්ප්‍රදායට ප්‍රධාන වූ අවනද්ධ වාද්යභාණ්ඩයයි. සබරගමු
පහන්මඩු යාගය, සබරගමු බලි ශාන්තිකර්මය තුළ හා විවිධ සබරගමු
නර්තනයන් සදහා යොදා ගන්නාමෙම වාදය භාණ්ඩය පංචතූර්ය වාද්‍ය භාණ්ඩ
අතුරින් විතතාතත ඝනයට අයත් වේ. එනම් සිලින්ඩරාකාර හැඩයකින් යුත්
මෙයඅතින් සහ කඩිප්පුවෙන් වාදනය කිරීමයි.
මෙම බෙරය දඹදෙණි යුගයේ දඹදෙණි අස්නෙහි ලොහො දවුල, ජින දවුල යන
නාමයන්ගෙන් දක්වා ඇත.ථූප වංශයේද බුරුලුබෙරය නම්න් දක්වා ඇත්තේ දවුල
බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. මෙවැනි අතීත සම්භවක් ඇති දවුල
ඉතිහාසයේ සිටම විවිධකටයුතු සදහා යොදාගෙන ඇත.
අතීතයේ සිටම රාජ්‍ය පරිපාලන කටයුතු සදහාද මෙම දවුල යොදා ගෙන ඇති
බව ඓතිහාසික සාධක මගින් තහවුරු වේ. රාජසභාව මගින් ජනතාව වෙත
පණිවිඩ ගෙන යාමේදී දවුල යොදා ගෙන ඇත. එහිදී එය #අණ_බෙරය යනුවෙන් හදුනවනු ලැබීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික කටයුතු වලදීද #හේවිසි_වාදනය සදහා
මෙම දවුල යොදා ගනු ලබයි. වෙහෙර විහාර ආශ්රිතවිවිධ පූජා කටයුතු වලදී
තම්මැට්ටම, හොරණැව හා දවුල මිශ්‍ර වූ හේවිසි නාදය යොදා ගන්නා අතර
පූජාර්ථය ඉස්මතු කරවනඅපූරු නාදයක් එමගින් ඇසේ.
එසේම මෙම දවුල අවමංගල්‍ය අවස්ථාවන් වලදීද යොදාගෙන ඇත.
එහිදී දවුල සුදු රෙදි කඩකින් ඔතා වාදනය කෙරේ. මෙයදඅතීතයේ පටන් ආ
වාදන අවස්ථාක් වන අතර අතීතයේ රජෙකුගේ අභාවයක් ඇති වූ විට ඒ බව
මහජනයා දැනුවත් කිරීමට#මිණී_බෙර වැයීම සදහා යොදා ගෙන ඇත.
එමෙන්ම අතීතයේ #යුධ_කටයුතු වලදී ජයග්‍රහණය ප්‍රකාශ කිරීම සදහාද යොදාගෙන ඇත. මීට අමතරව මෙය පෙරහැර, යාග, බලි, තොවිල්, ආදී සම්ප්‍රදායික නර්තන අවස්ථා සදහා යොදා ගෙන ඇත.
දවුල සකස් කිරීම සදහා මිල්ල, ඇසළ, කොහොඹ, වරකා හා කිතුල් වැනි තද ලී වර්ග යොදා ගනී. කදෙහි ගණකම අගල් භාගයක්සිටින සේ ඇතුලට හාරා ඉවත් කර කුහරයක් සාදා ගනු ලබයි. දිගින් අගල් 15 පමණත්, වට ප්‍රමාණය අගල් 45ක් පමණ වන ලෙසත්දවුල් කද සකස් කර ගනී. ඉන්පසු දෙපසට එළුහම් යොදා නියද වලින් නූල් යොදා තට්ටු දෙක බෙර කදට සම්බන්ධ කර ගනී. බෙරකදෙහි අලංකරණය සදහා රිදී හො පිත්තල පටි යොදා ගන්නා අතර දවුල වාදනය සදහා අඩියක් පමණ දිගින් අට්ටේරියා ලී වලින්සාදා ගන්නා කඩිප්පුවක් යොදා ගනී.
දවුල් උපතෙහි එන කවි කිහිපයක්,
ඇසළය සොලොස්වක දා
මිල්ලය පේ කරපු ඒ දා
නියමින් සුභ මොහොත එදා
දවුලට කද කැපුව එදා
කද දිග පසලොස් අගුලේ
වට හතලිස් පස් ඇගුලේ
ඒ දැන රැසි නියම කළේ
ලෙස නියමයි දවුලේ
ගැටියද සුළු නයෙකු විතර
ලණුව නෙලුම් නැට්ට විතර
ද ලණු ලමින් නොහැර
සැදු දවුල කද ගොලු හැර
සැකසුම :- සංචලන කලායතනය
කලායතනාදිපති
අචලා නිමල්තී