ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින කර්මාන්කයකි. මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වාහන නිෂ්පාදනය කිරීම යටතේ සිදු වේ.
එමෙන් ම මෝටර් රථ කර්මාන්තය වර්තමානයේ දී එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ.
කිසියම් නිෂ්පාදනයකට අවශ්‍ය විවිධ කොටස් විශේෂ ප්‍රාගුණ්‍යය යටතේ විවිධ ස්ථානවල හෝ රටවල් වල නිපදවා එම කොටස් එක් ස්ථානයකට රැස් කොට භාණ්ඩය සැකසීම එකලස් කිරීමේ කර්මාන්තයක් මගින් සිදුවේ.
ශ්‍රම විභජනය විශේෂ ප්‍රාගුණ්‍යය හා තාක්ෂණයේ දියුණුව මෙහි මූලික පදනම වේ.
විවිධ අවශ්‍යතා සදහා නිෂ්පාදනය කරනු ලබන මොටර් රථ වර්ග කිපයක් මෙසේ දැක්විය හැක.
ප්‍රවාහනය කරන දෑ අනුව වාහනවල හැඩය විශාලත්වයට ඔරොත්තු දීමේ ශක්තිය හා අභ්‍යන්තර ව්‍යුහය එකිනෙකට වෙනස් වේ.
අතීතයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ප්‍රමඛ වූයේ සංවර්ධිත රටවල් ( developed counries) ය. විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සිදුවීම ප්‍රධාන වශයෙන් එයට හේතු විය.
වර්තමානයේ රටවල් රාශියක මොටර් රථ නිෂ්පාදනය සිදු කෙරේ.පාරිභෝගික රුචිය හා උපයෝගීතාව අනුව නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ වල මාදිලිය කලින් කලට වෙනස් වෙමින් පවති.
ක්‍රි.ව. 1950 සිට 2012 දක්වා තෝරාගත් වර්ෂ කීපයක මෝටර් රථ නිෂ්පාදන ප්‍රමාණය විශාලය.
ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ සංඛ්‍යාව පිළිබද ව සැලකීමේ දී චීනය, ජපානය, ඇමරිකා එස්සත් ජනපදය, ඉන්දියාව වැනි රටවල මෝටර් රථ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව පැහැදිළි වේ.
වර්තමානයේ මෝටර් රථ නිෂ්පාදනය සදහා රොබෝට් යන්ත්‍ර ස්වයංක්‍රීය යන්ත්‍ර වැනි යාන්ත්‍රික ශ්‍රමය බහුල ව යොදා ගැනේ. ඊට අමතරව ව එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස ජනප්‍රිය වීම ද නූතන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවට හේතු වී ඇත.
මොටර් රථ කර්මාන්තයේ ලක්ෂණ හා ප්‍රවණතා