ඓතිහාසික පසුබිම
දඩයම් යුගය, එඩේර යුගය පසුකරමින් ගොවි යුගයට පැමිණි මිනිසා සංක්රමණික ජිවිතයක් ගත කළහ. කාලයත් සමග තම අවශ්යතා සපුරාගැනීම සදහා ජලාශ ආශිත ව වාසස්ථාන ඉදිකරගෙන ජීවත්වීමට පටන් ගත්හ. තමන්ගේ ආහාර බෝග වගා කරගැනීමට සුදුසු පරිසරයක් ඇති බව දුටු ඔවුහු ආහාර බෝග වගාකර තම ආහාර අවශ්යතාවයන් පිරිමසා ගත්හ. මෙය ගොවිතැනේ ආරම්භය ලෙස දැකිය හැකි ය. කෘෂි කර්මාන්තය යනු, මීට වඩා පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්රයකි. මෙහි ප්රධාන අංශ 2කි.
1. බෝග වගාව
2. සත්ත්ව පාලනය
කෘෂි කර්මාන්තයේ අතීතය සොයා බැලීමේ දී අපට පෙනී යන්නේ එයට වසර දහස් ගනනක ඉතිහාසයක් ඇති බවයි. ශ්රී ලංකාවේ ජිවත් වූ යක්ෂ ගෝත්රික කාන්තාවක් වූ කුවේණි, විජය කුමරු හා සත්සියයක් පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ රෙදි කර්මාන්තය සදහා කපු නූල් සකස් කරමින් සිටි බවත් පසුව එම පැමිණි පිරිසට ගබඩා වලින් ලබාගත් සහල් වලින් රසවත් ආහාර සකස්කර දුන් බවත් මහා වංශයේ සදහන් වේ. වී වගාව හා කපු වගාව එවකට ලංකාවේ පැවති බවට සාධකයක් විය. වල්ලි අම්මා මෑණියන්ට කතරගම දෙවියන් මුණ ගැසෙන විට ඇය මෙනේරි යායක පක්ෂීන් එලවා හරිමින් සිටි බවට හින්දු ආගමික පුරාවෘත්ත වල සදහන් වේ. එසේ ම පුරාණයේ ගම්වල වැව් තිබූ බව “වාපි” යන පදයෙන් පැහැදිළි වේ. මෙම වැව් ස්වාභාවික පෝෂිත ප්රදේශ ආශ්රිත ව අන්යෝන්යව සබදතා පවත්වමින් වැව් සමූහයක් ලෙසින් විද්යාත්මක පදනමකට අනුව නිර්මාණය වී තිබුණි. එහි දී එක් වැවකින් පෝෂණය වන ප්රදේශය ඊට පහලින් ඇති වැව් පෝෂක ප්රදේශය ලෙස සකස් ව තිබිණි. එය “එල්ලංගා” පද්ධතිය ලෙස හැදින්වේ. අතීතයේ දී වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය අතීතයේ දී පටන් ශ්රී ලංකාවේ කෘෂි කර්මාන්තය හා බැදී පැවතුණි.
කෘෂි කර්මාන්තයට ලැබුණු රාජ්ය අනුග්රහය
මහසෙන් රජතුමා “ මින්නේරිය දෙවියෝ” ලෙස දේවත්වයෙන් පිදුම් ලැබුවේ එතුමා කෘෂිකර්මාන්තය වෙනුවෙන් අවශ්ය ජලය ලබා දීම සදහා මින්නේරිය වැව ඉදි කල නිසා ය. තව ද එතුමා විශාල වැව් රාශියක් සෑදීමට දායක වී ඇත. කලා වැව මෙන් ම කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යාමට සකස් කල ජය ගග හෙවත් යෝධ ඇළ වාරි මාර්ග ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයකි. මෙය පළමු සැතපුම් 17 තුල දී දිය බැස්ම සැතපුමකට අගල් 6 බව සදහන් වේ. මෙය ධාතූසේන රජුගේ තවත් විශිෂ්ඨ නිර්මානයකි. එසේ ම පරාක්රමබාහු රජතුමා පරාක්රම සමුද්රය ඉදි කරමින් ගොවිතැනට අවශ්ය දියවර ලබා දී ප්රදේශය විශාල භූමි ප්රමාණයක් අස්වැද්දීමට අවශ්ය කටයුතු සම්පාදනය කළේ ය. “අහසින් වැටෙන එක් දිය බිදක් වත් ප්රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට නොදිය යුතු ය.” යන්න එතුමාගේ සංකල්පයක් විය. මේ නිසා අතිරික්ත සහල් යැවීමට ද එතුමා කටයුතු කළේ ය.
යැපුම් කෘෂිකර්මය බිද වැටීම
යැපුම් කෘෂිකර්මාන්තය මත ජිවත් වූ මිනිසාට 1505 දී සිදු වූ යුරෝපීයන්ගේ ආගමනය නිසා පැවති තත්වය සහමුලින් ම වෙනස් විය. විදේශිකයන්ගේ පරමාර්ථය ඉටු කර ගැනීමේ අරමුණින් වැවිලි බෝග වගා කිරීම මුල් කරගත් වාණිජ කෘෂිකාර්මික රටාවක් ඇති විය. සාම්ප්රදායික බෝග වගාවන්ට තිබු තත්වය සම්පුර්ණයෙන් ම ඇහිරී ගියේ ය. වාරිමාර්ග පද්ධති සියල්ල බිද වැටුණි. තේ, පොල්, රබර් ආදී වැවිලි බෝග වගාව ආරම්භ විය. වතු වගා කටයුතු සදහා දේශීය ගොවීහු යොදවා ගත් අතර ඔවුන්ට ශ්රමය සදහා මුදලක් ගෙවීය. මේ නිසා දේශීය ගොවීහු අකර්මන්ය වූහ. මේ නිසා ලංකාවේ ආහාර හිගයක් ඇති විය. එහි ප්රතිඵලයක් ලෙස ආහාර ආනයනය කිරීමට සිදුවිය. මේ ආකාරයෙන් යැපුම් කෘෂිකර්මාන්තය බිද වැටුණි.