ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 8 - 13-වසර ආර්ථික විද්‍යාව

ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 8

ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න 1 ‌කොටස මෙතැනින් කියවන්න.

  1. මානව සංවර්ධන දර්ශකය පිළියෙළ කරන ජාත්‍යන්තර සංවිධානය කුමක් ද?
  2. ලෝක වෙළෙද සංවිධානය පිහිටු වන ලද්දේ කුමන වසරේ දී ද?
  3. UNESCO යනු කුමක් ද?
  4. මූලික උද්ධමනය මැනීමේ වැදගත්කම කුමක් ද?
  5. ජගත් අන්තර් බැංකු මූල්‍ය සන්නිවේදන සංගමය හෙවත් ස්විෆ්ට් ^ SWIFT& හි මූලස්ථානය පිහිටි රට කුමක් ද?
  6. ශ‍්‍රී ලංකා මහ බැංකුව මුලින් ම සමරු කාසියක් නිකුත් කළේ කුමන අවස්ථාවක් සැමරීම වෙනුවෙන් ද?
  7. තෙවැනි බිම්ස්ටෙක් (BIMSTEC) රාජ්‍ය නායක සමුළුව පැවැත් වූයේ කොහේ ද?
  8. තීරු බදු සහ වෙළෙදාම පිළිබද පොදු ගිවිසුම (GATT) වෙනුවට 1995 වර්ෂයේ දී පිහිටුවනු ලැබූ සංවිධානය කුමක් ද?
  9. ශ‍්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් පළමු වරට පවත්වනු ලැබුවේ කිනම් වසරේ දී ද?
  10. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රධාන අරමුණු කවරේ ද?
  11. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 1951 වර්ෂයේ නිකුත් කරන ලද ප‍්‍රථම මුදල් නෝට්ටු කාණ්ඩයේ ඇතුළත් නෝට්ටුවල මුහුණත වටිනාකම් මොනවා ද?
  12. 1961 වසරේ ස්ථාපිත කරන ලද දේශීය වාණීජ බැංකුව කුමක් ද?
  13. මිල ඉල්ලූම් නම්‍යතාව ඒකීය නම්‍ය වන්නේ නම්‍යතා සංගුණකය කුමන අගයක් ගන්නා විට ද?
  14. කාසි පිළිබද අධ්‍යයනය හැදින්වෙන්නේ කිනම් නමකින් ද?
  15. යුරෝ මුදල් කලාපයක් සදහා අත්සන් කරනු ලැබූ ගිවිසුම කුමක් ද?
  16. 2015 වන විට සපුරා ගැනීමට ලෝක නායකයන් එකග වූ සංවර්ධන අභිමතාර්ථ හදුන්වන නම කුමක් ද?
  17. මානව සංවර්ධන දර්ශකය අනුව වැඩිම වාර ගණනක් පළමු ස්ථානයට පත්වීමට සමත් වූ රටවල් දෙක නම් කරන්න
  18. රජයේ සුරැුකුම්පත් අලෙවිය ස`දහා ප‍්‍රාථමික අලෙවිකරුවන් පත් කරනු ලබන ආයතනය කුමක් ද?
  19. 2008/2009 මූල්‍ය අර්බුදයට ප‍්‍රධානතම හේතුව ලෙස සැලකෙන්නේ කුමක් ද?
  20. ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පහසුව ශ්‍රේණිගත කිරීමේ දර්ශකය සම්පාදනය කරනු ලබන්නේ කුමන අයතනය හෝ ආයතන මගින් ද?
  21. දැනට උද්ධමනය මැනීම සදහා යොදා ගනු ලබන පාරිභෝගික මිල දර්ශකයේ පාද වර්ෂය කුමක් ද?
  22. රජය වාණිජ පදනමකින් විදේශීය මුලාශ‍්‍රවලින් ණය ලබා ගන්නා ක‍්‍රමය කුමක් ද?
  23. ශ‍්‍රම බලකායල සේවා නියුක්තිය හා සේවා වියුක්තියේ ප‍්‍රවණතා පිළිබදව දත්ත සමීක්ෂණය කරනු ලබන ආයතනය කුමක් ද?
  24. ආනයන සහ අපනයනවලට සම්බන්ධ ගනුදෙනු සදහන් වන්නේ ගෙවුම් තුලන ගිණූම්වල ජංගම ගිණුමේ කුමන කොටසේ ද?
  25. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වසරේ ජනවාරි මාසයේ ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත කොරිඩෝවේ පහළ සීමාව නම් කර ඇත්තේ කෙසේ ද?

 

පිළිතුරු 

  1. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන - UNDP
  2. 1995 වසරේ
  3. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික කටයුතු පිළිබද සංවිධානය united nations educational scientific and cultural organization
  4. එය මූල්‍ය අධිකාරීන් ඔවුන්ගේ මුදල් ප‍්‍රතිපත්ති පිළිබද තීරණ සදහා භාවිතා කරන බැවින්
  5. බෙල්ජියම
  6. 2500 බුද්ධ ජයන්තිය සැමරීම වෙනුවෙන්
  7. මියන්මාරයේ නේපිටෝ නගරයේ
  8. ලෝක වෙළෙද සංවිධානය
  9. 1871
  10. ආර්ථික හා මිල ස්ථායීතාවය
  11. රු.1 සහ රු.10
  12. මහජන බැංකුව
  13. ඍණ 1 වන විට
  14. නාණක විද්‍යාව / නාණක ශාස්ත‍්‍රය
  15. මාස්ටි‍‍රච් ගිවිසුම
  16. සහස‍්‍ර සංවර්ධන අභිමතාර්ථ
  17. නෝර්වේ හා කැනඩාව
  18. ශ‍්‍රී ලංකා මහ බැංකුව
  19. ඇමරිකා එක්සත් ජනපදයේ ඇතනිවාස වු උප ප‍්‍රමුඛ  නිවාස ණය අර්බුදය
  20. ලෝක බැංකුව / ජාත්‍යන්තර මූල්‍ය සමායතනය
  21. 2006/2007
  22. ස්වෛරීත්ව බැදුම්කර නිකුතුව මගින්
  23. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
  24. වෙළෙද ගිණූමේ / භාණ්ඩ ගිණූමේ
  25. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය

 

 econ sinhala