පෘතුවි ගෝලය මීට වසර බිලියන පහකට හෝ හයකට පෙර පහළ වූයේ යැයි විශ්වාස කරනු ලැබේ. මිනිසා ලොව පහළ වී දැනට වසර 50000 පමණ ගත වී ඇතයි අනුමාන කෙරේ. පසුගිය ඒ කාලය තුළ ස්වාභාවික විපත් වලින් සිදුවන පරිසර හානියක් මිස මිනිසාගෙන් සැලකිය යුතු හානියක් පරිසරයට සිදු නොවී ය. මිනිසා ගින්දර සොයා ගැනීමත් ගොවිතැන සදහා කැලෑ එළි කිරීමත් නිසා සුළු පරිසර හානියක් සිදු වුව ද පසුගිය දෙසිය වසර තුළ සිදු වූ මිනිස් ක්රියාකාරකම් නිසා ඉදිරියේ දී මුළු මානව සංහතියට ම කිසිදා නොසිතූ ආකාරයේ විපාක වලට මුහුණ දීමට සිදුවන බවට පරිසර විද්යාඥයෝ අනතුරු අගවති. කාර්මික විප්ලවය මානව ශිෂ්ටාචාරයේ සුවිශාල ඉදිරි පිම්මක් ලෙස විස්තර කෙරුණ ද මහා පරිමාණ පරිසර විනාශයක මූලාරම්භය එය කාර්මික විප්ලවය ම විය.
පොලෝ තලයේ ඇති යපස්, ගල් අගුරු, මිනිරන්, ඛණිජ තෙල් දිනපතා ටොන් ලක්ෂ ගණනින් ගොඩ ගැනීම නිසා පොලොව අභ්යන්තරයේ සිදුවන භූ චලන ඉතා රුදුරු ලෙස පෘතුවිය මතු පිටට බලපා මහා පරිසර විනාශයක් සිදුවන බව විද්යාඥයින් පෙන්වා දී ඇත. මෝටර් රථ, යන්ත්ර සූත්ර, විවිධ විදුලි මෙවලම් ආදිය නිසා වාතයට දිනපතා එකතු වන හරිතාගාර වායුව, මිහිපිට ඇති වායු ගෝලය දුෂණය කොට සූර්යයාගෙන් නිකුත්වන පාරජම්බූල කිරණින් මිනිසා රැක දෙන ඕසෝන් ස්ථරය ද විනාශ කරයි. මිනිසා විසින් දුෂණය කරන වාතය පිරිසිදු කිරීමේ කාර්යය ද පරිසරය විසින් ම සිදුකළ යුතුව ඇත. මිනිස් ක්රියාකාරකම් නිසා පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් (co2) වායුව උරාගෙන මිනිසාට හිතකර ඔක්සිජන් (o2) වායුව නිකුත් කරන්නේ ගස් වැල් මගිනි. ලෝකයේ රැකවරණයට යටත් පිරිසෙන් 20% ක වත් වන ගහනයක් තිබිය යුතු බව පිළිගත් මතයයි. එහෙත් මිනිසා සිදු කරන පාරිසරික හානි නිසා මේ අවම වනාන්තර ප්රමාණය වත් රැක ගත නොහැකි ව ඇත. තවමත් ලෝකයේ ප්රාථමිකය වනාන්තර කිහිපයක් ඉතිරි ව ඇත. දකුණු ඇමරිකාවේ ඇමර්සන් වැසි වනාන්තරය මෙයින් ප්රමුඛ තැනක් ගනී. මේ හැර ඉන්දියාව, මලයාව, බුරුමය හා ලංකාව වැනි රටවල ද මේ ආකාරයේ වැසි වනාන්තර පිහිටා ඇත.
මුදල මිස අනාගත මිනිස් සංහතිය ගැන නොසිතන ධන වැද්දන්ගේ ග්රහණයට මේ වනාන්තර ද කෙමෙන් කෙමෙන් හසු වෙමින් පවතී. සුවිශාල බහු ජාතික සමාගම් විසින් දුම් කොළ, කොපි, තේ, රබර්, කෙසෙල් ආදිය මහා පරිමාණයෙන් වගා කිරීම සදහාත් දැව ලබා ගැනීම සදහාත් වනාන්තර එළි කිරීම ඉවක් බවක් නැතිව සිදුකරගෙන යනු ලැබේ. වනාන්තර එළි කිරීම නිසා සුර්යය තාපය එක එල්ලයේ පොළෝ තලයට වැටී පසේ තෙතෙමනය වියලී යයි. ඒ සමගම ජල උල්පත් ද වියලී යයි. අධික වර්ෂාව මේ නිරාවරණ පොළෝතලයට පතිත වී සරු පස ගංගා, ඇළ, දොළ දිගේ ගලාගෙන ගොස් නිසරු මුඩු බිම් පමණක් ඉතිරි වෙයි. ලෝකයේ උෂ්ණත්වය වැඩි වී ආර්ටික් ප්රදේශ වල හිම දිය වීමෙන් මුහුදු මට්ටම ඉහළ යෑම ද මේ සමගම සිදු වේ. මේ නිසා මාල දිවයින වැනි දුපත් සමූහයක් ඉදිරියේ දී මුහුදට බිළිවනු ඇත. එමෙන් ම ජිවීන්ට අහිතකර සුර්යය කිරණ වල බලපෑම වාතයේ ඇති ඕසෝන් ස්ථරයේ බිදී යෑම නිසා එයට ද මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇත. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (CFC) වායුව පරිසරයට මුදා හැරීම නිසා මෙම ඕසෝන් ස්ථරයේ විනාශය ද වේගයෙන් වැඩි වෙමින් පවතී. මෙම සියලු මිනිස් ක්රියාකාරකම් වල අවසාන ප්රතිපලය වන්නේ මිනිසා කෙමෙන් කෙමෙන් මරණය වෙත කැදවීමයි.