5-වසර කතෝලික ධර්මය

ජේසුගේ කුඩාමල වන ලීසියේ ශු. තෙරේසා මුනිවරිය

ප්‍රංශයේ ඇලන්සෝන් නගරයේ දී ක්‍රි.ව. 1873 ජනවාරි 02 වන දින මාරි ප්‍රැන්ෂුවා තෙරෙස් මාටින් උපත ලැබුවාය. ඇය නව දෙනෙකුගෙ න් යුත් පවුලක බාල දැරිය විය. පියා ලුවිස් මාටින් වූ අතර,මව සෙලි ගෙරෑන් විය. මේ දෙදෙනාටම එක් කාලයකදී තාපස ජීවිතයක් සදහා සිත් ඇදීයාමක් ඇතිවිය. ඔවුන් එම ජීවිතයට පත්වීම දේවකැමැත්ත නොවීය. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ දියණියන් පස් දෙනෙක්ම තාපස ජීවිතයට ඇතුලත් කළහ. දෙමාපියන් තුළ තිබු දේවභක්තිය, විශ්වාසය සහ ප්‍රේමය ඊට හේතුවිය. තෙරේසා අවුරුදු 08 වයස් වූ විට මේ යහපත් මව ස්වර්ග යට කැදවනු ලැබුවාය.ඉන්පසු ඇගේ භක්තිමත් පියා හා තෙරේසා අතර දැඩි සම්බන්ධකමක් ඇති කොට ඇගේ ඉදිරි ගමනට අත්වැලක් වුවේය.

තෙරෙස් ඉතා ලාබාල වයසේ සිටියදී පවා ශුද්ධවන්තියක් වීමට බලවත් ආසාවකින් පසු වුවාය. පියාගේ තේරුම් ගැනීම සහ ආදර්ශමත් ජීවිතයෙන් මේ යහපත් අදහස පුර්ණ කළේය. දිනක් ඇය රාත්‍රි යාච්ඤා කල පසු නිදා ගැනීමට ප්‍රමාද වී සීතල පොළොවේ දණගසා ගෙන සිටිනු දුටු ඇගේ මෙහෙකාරිය වූ වික්ටෝරියා ඇය ඉක්මන් නින්දට යැවීමට උත්සහ කළහ. තෙරේසා කතාකොට, “වික්ටෝරියා මට තව සුළු වෙලාවක් දෙන්න,මම අපේ ශුද්ධෝත්තම පියතුමන් වෙනුවෙන් කිව යුතු යාච්ඤා අවසාන වී නැතැයි” කීවාය. මේ යහපත් ගුණාංගයෙන් පිරි සිටිය තෙරෙස්ට වුවද ඇගේ ජීවිතයේ නොයෙකුත් අඬු ලුහඬුකම් ඇතිවිය. උදාහරණයක් වශයෙන් ඇය අහංකාර ගති ඇති හිතුවක්කාර ළමයෙක් වන්නට ඉඩ තිබුණි. නමුත් ඇගේ පියාගෙන්ද සොහොයුරියන්ගෙන්ද ලැබුණු අවවාද අසා ඇය තම සිත දමනය කර , වැරදි හරිගස්සා ගත්තාය. ඇගේ සොහොයුරියන් අනුගමනය කර, කාර්මෙල් තාපස පන්තියට ඉතාම ලාබාල වියේදීම ඇතුළුවීමට ශ්‍රේෂ්ඨතුමියගෙන්
අවසර ඉල්ලා සිටියාය. ඇය බාල වයස්කාරියක් නිසා අවසර නොලැබුන බැවින් ,ඉන් නතර නොවී, තම පියාගේ ආධාරය ඇතිව, රෝමයට වන්දනා ගමනක් ගිය අවස්ථාවේදී 13 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමා ඉදිරියෙහි දණින් වැටි ඇයට වයස අවු 15 වන විට කාර්මෙල් තාපස පන්තියට ඇතිලු වීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියාය. ඇයට අවසරය ලැබිණි .එම දිනය නම් ක්‍රි.ව. 1888 අප්‍රේල් 09 දිනයි.

ජේසු සමිඳුන්ගේ කුඩාමල වන තෙරේසා සොහොයුරිය පුදුමාකාර විශ්වාසවන්ත තාපස ජීවිතයක් ගත කළායජේසු සමිඳුන් මහත් ආදරයෙන් ඉතා සරල මාර්ගයක ගමන් කරමින් ඇගේ දිනපතා ජීවිතයේ සාමාන්‍ය යුතුකම් හා විශ්වාසවන්තව ඉටු කළාය. ඇයට මහා පව්කාරයන් දෙවියන් වහන්සේ වෙතට හැරවීමට හැකි වුයෙන්, ශුද්ධවන්තියක් වීමට හැකි වුයෙන් මේ සරල මාර්ගයේ ආධාරයෙනි. ඇගේ නව අවුරුදු කන්‍යාරාම ජීවිතය ඉතා මුවාවූ ජීවිතයකි.ඒ කෙසේද යත් ඇගේ සොහොයුරියන් පවා මෙවැනි උතුම් ශුද්ධවන්තියක් ඔවුන් අතර ජීවත් වූ බව කිසි කලෙකත් නොසිතුවෝය.

ඇගේ විශේෂ කාර්ය වුයේ මර්ධන ක්‍රියා මගින් පව්කාරයන් ගලවාගැනීමත්, ධර්මදූත කටයුතු සඳහා වෙහෙස දරණ පුජාප්‍රසාදීන් වෙනුවෙන්, ශු. සභාවේ වර්ධනය සඳහාත් යාච්ඤා කිරීමත්ය. ශාරීරිකව හා මානසිකව ඇය බොහෝ පීඩා වින්දාය. අවසානයේදී ක්ෂය රෝගය මෙතුමියට වැළ`දුන අතර එමගින් තමා දේව අභිමතයට සම්පූර්ණයෙන්ම යටත්කර, නිර්භීතව, ඉවසීමෙන් යුතුව, දෙවියන්වහන්සේගේ දයාබර ප්‍රේමයේ යාගයක් ලෙස තමාවම පුද කළාය. වයස 24 දී ක්‍රි.ව. 1897 සැප්තැම්බර් 30 වන දින අයගේ මරණයට සුළු මොහොතකට පෙර යහන මත වාඩිවී, ඉදිරියේ බැඛෙලෙන දීප්තිමත් බැල්මෙන් “අහෝ ජේසුනී, ඔබ වහන්සේට කොතරම් ප්‍රේම කරන්නෙම්ද?” කියා අන්තිම හුස්ම හෙළුවාය.

ක්‍රි.ව. 1925 මැයි 17 දින ශුද්ධවන්තයින්ගේ සංඛ්‍යාවට ඇය ඇතුලත් කරන ලදී. දස වන පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රකාශය අනුව ශු. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමා සමග ශු. කුඩා තෙරේසා තුමියද ධර්මදුත සේවයේ අරක්ගත් මුනිවරිය ලෙස පත් කෙරිණි. ලංකාවේ මෙතුමියගේ නමට කැපවූ දෙව්මැදුරු ලෙස නාකන්දපොල, කැළණිය, පේරාදෙණිය, තල්විල, තිඹිරිගස්යාය, දෙහිග හපිටිය, කිලිනොච්චිය, යාපනය වන්කාලෙයි යන ස්ථාන වල පිහිටා තිබේ. මෙතුමියගේ නමට කැපවු ලොව පළමු දෙව්මැඳුර ශ්‍රී ලංකාවේ බිහිවු අතර එය නාකන්දපොළ ප්‍රදේශයේ ඉදිකොට ඇත. ධර්මදුත සේවයේ හා තාපසිකාවන්ගේ අරක්ගත් මුනිවරිය ලෙස සැලකෙන මෙතුමියගේ මංගල්‍යය ඔක්තෝබර් 01 වනදා ට යෙදී ඇත.


ලිපිය නිර්මාණය කලේ,
S
Shanuka Dilshan


SUPER ADMIN

අදාල තවත් ලිපි,



Shanuka Dilshan

5-වසර කතෝලික ධර්මය

අනෙකුත් ලිපි