වචන කිහිපයක් විදිහට යෙදිය හැකි තනි වචනයක් තනිපද ලෙස හැදින්වේ.
- ලියද්දකින් ලියද්දකට ජලය බසින තැන - වක්කඩ
- රජුට අවවාද අනුශාසනා කරන්නා - පුරෝහිත
- විද්‍යාව හොදින් දන්නා තැනැත්තා - විද්‍යාඥයා
- කළගුණ නොසලකන - ගුණමකු
- මිල කල නොහැකි - අමිල
- ගසක අතු බෙදෙන තැන - දෙබල
- දුන්නෙන් විදින්නා - දුනුවායා
- සෑම අතින්ම සම්පූර්ණ වූ - පිරිපුන්
- ලීයක හරවත් කොටස - අරටුව
- සිතේ ඇතිවන හැඟීම - සිතිවිල්ල
- කුරුල්ලන් කරන නාදය - කූජනය
- අපරාධයක් කිරීමට රහසේ කෙරෙන කතා බහ - කුමන්ත්‍රණ
- රටක් බලයෙන් අල්ලා ගැනීම - ආක්‍රමණය
- දුර දිග බලා කටයුතු කිරීම - දූරදර්ශී
- මුහුණ බලන කණ්ණාඩිය - කැඩපත
- කැඩී ගිය යමක් නැවත අලුත්වැඩියා කිරීම - ප්‍රතිසංස්කරණය
- කාන්තාරයේ ඇති සරු බිම - ක්ෂේම භූමිය
- අලුතින් රටවල් සොයා ගැනීම - දේශගවේෂණය
- ඉබේම පහළ වන සත්වයන් - ඕපපාතිකයන්
- සතුට ගෙන දෙන ආරංචිය - ශුභාරංචිය
- වසර දහයයක කාලය - දශකය
- පාර වැරදුණු - මංමුලාව
- මිනී දමන හෝ පුළුස්සන තැන - සොහොන
- අධිකව මත්පැන් පානය කරන්නා - බේබද්දා
- රැැස්වීමක කතා කරන්නා - කථිකයා
- කෙනෙකු මියගොස් නැවත ඉපදීම - පුනරුත්පත්තිය
- යමකු විසින් සාදන ලද - කෘතීම
- සාමයෙන් සිටිමට කැමති - සාමකාමීී
- ආහාර හිඟ කාලය - දුර්භික්ෂය
- පසු පස එලවා යාම - ලුහුබැඳීම
- මසුන් මරන්නා - ධීවරයා
- උයන රකින්නා - උයන්පල්ලා
- ගස් වැල් වැවී නැති නිසරු බිම - මුඩුබිම
- සැමට අයිති - පොදු
- දිරාගිය කිළිටු ඇඳුම් - වැරහැලි
- අවුරුදු සියයක කාලය - සියවස
- පවු කරන්නා - පවුකාරයා
- ඇතා විසින් කරන නාදය - කුංචනාදය
- ආහාර සඳහා වඩාත් ප්‍රිය කරන - කෑදර
- සතුන් පිට බඩු පටවාගෙන යාම - තවලම
- වනයට ගොස් සතුන් මැරීම - දඩයම
- අසුපිට ගමන් කරන්නා - අසරුවා
- වසරක් පාසා පැවැත්වෙන - සාංවාත්සරිික
- වැඩපල කිරීමට අකමැති - කම්මැලි
- ලංකාවේ වාසය කරන්නෝ - ලාංකිකයෝ
- ගසක ඵල හට නොගන්නා කාලය - අවාරය
- යමක් මිලදී ගන්නා තැනැත්තා - පාරිභෝගිකයා
- අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත
- ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
- ජනයාගෙන් හිසු වූ - ජනශූන්‍ය වූ
- රටින් රට සංචාරය කරන්නා - දේශාටකයා
- තමා උපන් රට - මව්රට
- දොරටුව මුර කරන්නා - දොරටුපාලකයා
- කිසිවකුට සම කළ නොහැකි - අසමසම
- තාරුකා ගැන පර්යේෂණ කරන්නා - තාරකා විද්‍යාඥයා
- ගෙවල් බඳින්නා - පෙදරේරුවා
- සවන් දෙන තැනැත්තා - ශ්‍රාවකයා
- දේශයට ආදරය කරන - දේශප්‍රේමී
- යමක් දැන ගැනීමේ ආශාව - කුතුහලය
- ඔටුනු පැළඳවීමේ උත්සවය - රාජාභිෂේකය
- හිරු උදාවට පෙර අවස්ථාව - අළුයම
- සිතෙහි ඇතිවන ජාතිික ඇල්ම - ජාත්‍යාලය
- කටින් කට පැවත එන කියමන් - ජනප්‍රවාද
- ඔටුනු පැළඳවීමේ උත්සවය - මෞලි මංගල්‍යය
- විස්තර කෙටිකර දැක්වීම - සාරාංශය
- සිතූ පැතූ සම්පත් දෙන මැණිික - සිිතුමිණ
- ගවයන් බලාගන්නා තැනැත්තා - ගොපල්ලා
- යමක් වෙන්කර හදුනා ගැනීමට යොදන ලකුණ - සංකේතය
- මිනිසුන් වාසය කරන ප්‍රදේශය - ජනපදය
- මෙරටින් විදේශ රටවලට යවන - අපනයන
- විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන - ආනයන
- සිතේ ඇතිවන හැඟීම - සිතුවිල්ල
- ඔටුන්න අඟ ඇති මැණික - සිළුමිණ
- ගෙවල් බදින්නා - පෙදරේරුවා
- මිනුම්ගත කළ නොහැකි - අපරිමිත
- සිත් පිනවන - සිත්කලු
- කන් පිනවන - කන්කලු
- ඇඳුම් මසන්නා - සන්නාලියා
- අපරාධයක් කිරීමට රහසේ කරන කතා බහ - කුමන්ත්‍රණ
- දොරටුව මුරකරන්නා - දොරටුපාලකයා
- පොත් කියවීමට ඉතා ලැදි තැනැත්තා - පොත්ගුල්ලා
- ආස්වාස ප්‍රිස්වාස කිරීම - ස්වසනය
- අයහපත් ගති ඇති මිනිසුන් - දුදනන්
- ලංකාවේ වාසය කරන්නා - ලාංකිකයා
- ඇතුපිට ගමන් කරන්නා - ඇතරුවා
- රජු වාසය කරන නිවාසය - රාජමාළිගය
- කිසිම ලෙඩක් නැති - නීරෝගී
- විද්‍යාත්මක පර්යේෂණ කරන තැන - පර්යේෂණාගාරය
- පෙති සියයක් ඇති - සියපත්
- මුහුදු පතුලේ ඇති ගඅඹුරුතම ප්‍රදේශ - ආගාධ
- පරම්පරාවෙන් ලැබෙන අයිතිය - උරුමය
- තාපසයින් ඉන්නා ස්ථානය - අසපුව
- ධර්මයට අනුව ජීවත්වන - ධාර්මික
- යම් ක්ෂ්‍රේත්‍රයකට අලුතින් එකතුවන්නා - ආධුනිකයා
- ඉතා සෙමින් දාවනය වන - මන්දගාමී
- සඳ නොමැති රාත්‍රිය - අමාවක
- ඇඳිරිවැටීගෙන එන වෙලාව - ගොම්මන
- පංච ඉන්ද්‍රීයන් - පසඳුරන්
- කියන දේ නොපිළිපදින - අකීකරු
- මල් හට නොගන්නා - අපුෂ්පක