මෙහෙයුම් පද්ධතිය
මෙහෙයුම් පද්ධතිය යනු පරිගණක මෘදුකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනකි. මෙමඟින් කෙරෙන කාර්යයන් පහත දැක්වේ.
මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ -
පරිශීලක අතුරු මුහුණත
මෙහෙයුම් පද්ධතිය විවෘත කළ වහාම පරිගණක තිරයේ පෙන්නුම් කරන අතුරු මුහුණත (User Interface) වේ.
ගොනු හැසිරවීම
පරිගණකයක විවිධ වර්ගයේ ගොනු (Files) ගබඩා කර ඇත. උදාහරණ ලෙස ඔබේ පාසලේ පහත වර්ගයේ ගොනු දක්නට තිබිය ඇත.
ගොනුවක් කොටස් දෙකකින් සෑදී ඇත.
Application-in-Sinhala.pdf
Presentation Size.jpg
Tiute 3.docx
අධිරාජ්යයාගේ නව ඇදුම්.mp4
ගොනු විවිධ සංකේත (icons) මඟින් දැකිය හැකිය.
ගොනුව හඳුනා ගැනීම සඳහා සුදුසු නමක් භාවිත කළ හැකි අතර, ගොනුව අයත් වන මෘදුකාංගය ගොනුවේ දිගුව මඟින් පෙන්වයි.
වැඩ කවුළුව (Working window)
මෘදුකාංගයක් විවෘත කළ පසු වැඩ කවුළුව දිස්වෙයි. මෙම කවුළුව සමඟ වැඩ කිරීමට පහත අවස්ථා හඳුනා ගනිමු.
Minimize
විවෘත වී තිබූ කවුළුව තිරයෙන් ඉවත් වී මත Task bar තැන්පත් වේ. Task bar හි පෙන්වන වචනය හෝ අයිකනය මත ක්ලික් කිරීමෙන් නැවත තිරයේ දර්ශනය වේ.
Maximize
කවුළුව විශාල කළ හැකිය. නැවත ක්ලික් කිරීමෙන් කවුළුව තිබූ ප්‍රමාණයටම සකස් වෙයි.
Close
කවුළුව වසා දැමිය හැක. Save කර නොමැති ගොනුවක් නම් එය Save කළ යුතුද යන ප්‍රශ්නය ඔබෙන් විමසයි.
Resize - කවුළුව තිරයේ දිස්වන ප්‍රමාණය අඩු වැඩි කිරීමට Mouse
pointer මඟින් එහා මෙහා කිරීමෙන් කළ හැකිය.
ගොනු බහාලුම
සකස් කරන ලද ගොනු පිළිවෙලකට තබා ගැනීම සඳහා ගොනු බහාලුම භාවිත කරයි. (Folders) සුදුසු නමක් යොදා සකස් කරන ගොනු බහාලුමක ඊට අදාල ගොනු සුරැකිව තබා ගත හැකිය.
උදාහරණ
Folder name (ගොනු බහාලුමේ නම) - Grade 6
Files (ගොනු වල නම්) - Students.dbf
Teachers.dbf
Teachers.xlsx
(එකම මෘදුකාංගයකින් සමාන නම් දෙකක් සහිත ගොනු දෙකක් එකම ගොනු බහාලුමක සුරැකීමට අවස්ථාව ලබා නොදෙන බව මතක තබා ගන්න.)
ගොනු (Files) පිළිබඳ පහත අවස්ථා අධ්‍යයනය කරමු.