පරිගණකය (Computer)
පරිගණකය යනු විදුලියෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික උපකරණයකි. එය අප විසින් ලබාදෙන හෝ පද්ධතිය විසින් රැස්කර ගනු ලබන දත්ත ලබා ගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස්වලට අනුව සකස් කරමින් ඔහුට/ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරනු ලබයි.
පරිගණකයේ කාර්යය
පරිගණකයක මූලික කාර්යය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සකස් කිරීම හා එම සැකසූ දත්ත (තොරතුරු) පිටතට ලබාදීම වේ.
ආදාන (Input) - පරිගණකයට දත්ත ඇතුළත් කිරීම
සැකසීම (Process) - පරිගණකයට ඇතුළත් කළ දත්ත, පරිගණකයට දී ඇති උපදෙස් අනුව සකස් කිරීම
ප්‍රතිදාන (Output) - සකස් කරන ලද දත්ත (තොරතුරු) පිටතට ලබාදීම
උදාහරණ
ආදාන - පරිගණකයට යතුරුපුවරුව මගින් A අකුර යතුරු ලියනය කිරීම
සැකසීම - යතුරුපුවරුව මගින් යතුරු ලියනය කරන ලද A අකුර පරිගණක තිරය මතට ගෙන ඒම
ප්‍රතිදාන - A අකුර පරිගණක තිරය මත දිස්වීම
පරිගණකයේ ලාක්ෂණික ගුණාංග
පරිගණකය විශේෂිත වන්නේ එය සතුව පවත්නා ඉතා වේගයෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාවයි. මිනිසෙකු විසින් වසර ගණනක් තුළදී කරනු ලබන කටයුතු පරිගණකයකට විනාඩි කිහිපයකින් හෝ පැය කිහිපයකින් කළ හැකිය.
පරිගණකයට ඉතා නිවැරදිව කටයුතු කිරීමේ හැකියාව ඇත. එය පෙර සකසන ලද උපදෙස් සමූහයකට අනුව ක්‍රියාත්මක වන නිසා, අප විසින් ලබා දෙන තොරතුරු වල නිවැරදිතාව මත ඉතා හොඳින් හා නිවැරදිව දත්ත සැකසීම් කරනු ලබයි.
පරිගණකයක් හොඳින් ක්‍රියාත්මක වන්නේ නම් ඔනෑම කාලයක් විඩාවකින් තොරව වැඩ කිරීමේ හැකියාව පරිගණකය සතුය. එය කිසි විටෙකත් විඩාවෙන් යුක්තව අඩ පණ නොවේ.
පරිගණකය තුළ යම් පරිශීලකයකු තැන්පත් කරන සෑම දත්තයක්ම අප ට ඕනෑම කාලයක් තැන්පත් කරතැබිය හැක. එය තීරණයවන්නේ එහි දෘඩ තැටියෙහි ධාරිතාවය මතය.
පරිගණකය සතුව ඇත්තේ කෘතීම බුද්ධියකි. එය කිසිවිටෙකත් තනිව තීරණය කරමින් කටයුතු සිදු කරනු නොලබයි. (විද්‍යා ප්‍රබන්ධයන්හි එවන් ස්වයං තීරණය කිරීමේ හැකියාවන් ඇති බුද්ධිමය පරිගණක පිළිබඳව කතා කළත් තවමත් එම සංකල්පය ඇත්තේ පරික්‍ෂණ මට්මේය. එය කාර්යකෂමව, නිවැරදිව ක්‍රියාත්මක වන්නේ පරිශීලකයා විසින් ලබාදෙන තොරතුරු වල නිවැරදි තාව මතය.
විවිධ වූ කාර්යන් සඳහා පරිගණකය භාවිතා කළ හැකි වීම එහි ඇති විශේෂ ලක්ෂණයකි. කිසිදු වැරදීමකින් තොරව කාර්යයන් කිහිපයක් එකවර කිරීමේ හැකියාව.
ක්‍රියාවලිය හා ප්‍රතිදානය විශ්වාස කළ හැකිය
කිසියම් එක් ක්‍රියාවලියක් සඳහා ලබාදෙන ප්‍රතිදානය සැමවිටම සමාන වේ.
මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැය වුවද නඩත්තු කිරීම පහසු වේ.
නිහිත පරිගණක සහිත උපාංග
නිහිත පරිගණක සහිත උපාංග යනු නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා වන පරිගණක වැඩසටහන් සහිත උපාංග වේ.
උදාහරණ :
පරිගණක සංරචක
පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුලු කිරීම සඳහා යොදා ගන්නා උපාංග ආදාන උපාංග නම් වේ.
චිත්‍රක පරිශීලක අතුරු මුහුණතෙහි දැක්වෙන දර්ශකය හැසිරවීම සඳහා යොදාගන්නා උපාංග දැක්වීමේ උපක්‍රම ලෙස හැදින්වේ.
මූසිකය Mouse |
ප්‍රකාශ ( ආලෝක ) තුවක්කුව light Gun |
ස්පර්ශ සංවේදී පුවරු (Touch Pad) |
විනෝද දණ්ඩ / මෙහෙයුම් යටිය Joy Stick |
පැඩලය Paddle |
ප්‍රකාශ ( ආලෝක ) පෑන light pen |
ස්පර්ශ තිරය Touchscreen |
සුක්කානම Steering Wheel |
|
සංඛ්‍යාංක කැමරාව (Digital Camera)
|
වෙබ් කැමරාව (Web camera) |
පියවූ පරිපථ සහිත කැමරා CCTV
|
සුපරීක්ෂකය (පරිලෝකන යන්ත්‍රය) Scanner |
තීරු කේත කියවනය Barcode Reader |
ව්‍යාපාරික කාර්ඩ්පත් කියවනය Business Card Reader |
මයික්‍රොෆොනය (Microphone)
පරිගණකයෙන් පිටතට දත්ත ලබා දීමට භාවිතා කරනු ලබන උපක්‍රම මෙනමින් හඳුන්වයි.
මෘදු පිටපත් යනු තිරය මත නැරඹීම සඳහා පමණක් තොරතුරු ප්‍රතිදානය වේ.
පරිගණකතිරය (Monitor/ Screen) |
බහුමාධ්‍ය ප්‍රක්ශේපකය (Multimedia Projector) |
ආලෝක විමෝචක දියෝඩ (LED) |
ස්පර්ෂ කළහැකි පරිගණක ප්‍රතිදාන දෘඩ පිටපත් නම්වේ.
මුද්‍රණ යන්ත්‍ර (Printer)
ශබ්දය ප්‍රතිදානය කරනු ලබන උපක්‍රම මේ නමින් හැදින්වේ.
ස්පීකර්ස් (Speaker) |
ඉස්බනුව (Head Phone) |