* පාදය සාධකයක් සේ ඇති වාර ගණන දර්ශකය හෙවත් බලය වේ.
A4 මෙහි පාදය A ද දර්ශකය 4 ද වේ.
56 මෙහි පාදය 5 ද දර්ශකය 6 ද වේ.
(අ) ප්‍රසාරණය කර ලිවීම
3x5 = 3 * x * x * x * x * x*
(-7)4 = (-7) * (-7) * (-7) * (-7)
(ආ) ඝාතීය අංකනයෙන් හෙවත් දර්ශකය සහිතව ලිවීම
B * B * B * B * B = B5
B සාධකයේ වාර ගණන 5 වේ.
(0.4) * (0.4) * (0.4) * (0.4) = (0.4)4
(ඇ) ධන දර්ශක සහ සෘණ දර්ශක
H7 මෙහි පාදය H ද දර්ශකය 7 (ධන 7 ) ද වේ.
K-3 මෙහි පාදය K ද දර්ශකය -3 (සෘණ) ද වේ.
(ඈ) දර්ශක නීතී
* ගුණ කිරීමේදි පාදය පොදු වු විට දර්ශක එකතු කරනු ලැබේ.
Xa * Xb = X( a +b )
නිදසුන්
1) 53 * 56 = (5 * 5* 5) * ( 5 * 5 * 5 * 5 * 5*5)
= 5(3 + 6)
= 59
5X2 * 2X4 * X7 = 5 * 2 * X2 * X4 * X7
= 10 X(2+4+7)
= 10 X 13
සංගුණක වූ 5 සහ 2 ගුණ කරන්න.පොදු පාදය වූ X හි දර්ශක එකතු කරන්න.
* බෙදීමේදී පාදය පොදු වු විට මුල දර්ශකයෙන් දෙවැනි දර්ශකය අඩු කරනු ලැබේ.
Xa / Xb = X(a-b)
නිදසුන්
1 24 / 21 = (2 * 2 * 2 * 2 ) / ( 2 )
= 2( 4 – 1 )
= 2( 3 )
2 65 / 62 = 6( 5 – 2 )
= 6( 3 )
* බලයක බලයක් ලෙස දර්ශක පිහිටයි නම් දර්ශක ගුණ කරනු ලැබේ.
( Ya )b = (Y)ab
1 ( 43)5 = 415
2 (72)3 = 76
*යම්කිසි දර්ශකයක් බලයක් පද කිහිපයකට පොදු නම්, එය වෙන වෙනම ලියා දැක්විය හැකිය.
( XY )5 = X5 Y5
නිදසුන
1 (78)3 = 73 83
2 (25)5 = 25 55
* ඕනෑම දර්ශකය 0 වන බලයක අගය 1 වේ.
X0 = 1
* සෘණ දර්ශකයක් ධන දර්ශකයක් ලෙසද ධන දර්ශකයක් සෘණ දර්ශකයක් ලෙසද ලීවීමේ දී පරස්පරය ගත යුතුය.
X-3 = 1 / X3
X2 = 1 / X-2
නිදසුන
1 6-2 = 1 / 62
2 93 = 1 / 9-3