(අ) පූර්ණ සංඛ්‍යා දෙකක් අතර වූ ගණිත කර්ම
1. එකතු කිරීම,ගුණ කිරීම,අඩු කිරීම සහ බෙදීම යන ගණිත කර්ම සදහා පිළිවෙළින් +,*,-, සහ / යන සංකේත යොදා ගනී.
2. පූර්ණ සංඛ්‍යා දෙකක් එකතු කිරීම සහ ගුණ කිරීම ද, එක් පූර්ණ සංඛ්‍යාවකින් තවත් පූර්ණ සංඛ්‍යාවක් අඩු කිරීම ද, එක් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම ද සිදූ වේ.
(ආ)පූර්ණ සංඛ්‍යා දෙකක් අතර එක් ගණිත කර්මයක් යෙදීම පහත පරිදි වේ.
12 + 6 = 18
12 – 6 = 6
12 * 6 =72
12 / 6 = 2
(ඇ)සංඛ්‍යාත්මක ප්‍රකාශනයක ගණිත කර්ම යෙදී ඇති පිළිවෙළ.
20 + 8 * 2 යන ප්‍රකාශනය සලකමු.
ඉහත ප්‍රකාශනය පූර්ණ සංඛ්‍යා තුනකින් ද ගණිත කර්ම දෙකකින් ද සමන්විත සංඛ්‍යාත්මක ප්‍රකාශනයකි.
* සහ + යන ගණිත කර්ම අනූපිළිවෙළිනි.
20 / 5 – 2 යන ප්‍රකාශනය සලකමු.
ඉහත ප්‍රකාශනය පූර්ණ සංඛ්‍යා තුනකින් ද ගණිත කර්ම දෙකකින් ද සමන්විත සංඛ්‍යාත්මක ප්‍රකාශනයකි.
/ සහ - යන ගණිත කර්ම අනුපිළිවෙළින් වේ.
(ඈ)සංඛ්‍යාත්මක ප්‍රකාශනය සුළු කිරීම
එකතු කිරීම පමණක් ඇති ප්‍රකාශන සූළු කිරීම
8 + 14 + 4 යන ප්‍රකාශනය ආකාර දෙකකට සූළු කළ හැකිය.
8 සහ 14 පළමු ව එකතු කර එම පිළිතුර ට 4 එකතු කිරීමෙන් 24 ලැබේ.
4 සහ 14 පළමු ව එකතු කර එම පිළිතුරට 8 එකතු කිරීමෙන් 24 ලැබේ.
ගුණ කිරීම පමණක් ඇති ප්‍රකාශන සූළු කිරීම
2 * 7 * 5 යන ප්‍රකාශනය ආකාර දෙකකට සූළු කළ හැකි ය.
පළමු ව 2 සහ 7 ගුණ කර ලැබෙන පිළිතුර 5 ගුණ කිරීමෙන් 70 ලැබේ.
පළමු ව 5 සහ 7 යන ගුන කර ලැබෙන පිළිතුර 2 ගුණ කිරීමෙන් 70 ලැබේ.
*මේ අනූව සංඛ්‍යාත්මක ප්‍රකාශනය එකතු කිරීම පමණක් හෝ ගුණ කිරීම පමණක් හෝ ගණිත කර්ම ලෙස ඇති විට සූළු කරන පටිපාටිය කුමක් වූවත් එකම පිළිතුර ලැබේ.
(ඉ)සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කිරීම තවදුරටත්
20 + 4 * 6 යන ප්‍රකාශනය ආකාර දෙකකට සුළු කරමු.
පළමු ක්‍රමය
20 + 4 * 6 = 144
20 සහ 4 එකතු කර දෙවනුව 6 ගුණ කිරීමෙන් 144 ලැබේ.
දෙවන ක්‍රමය
4 * 6 + 20 = 44
4 සහ 6 ගුණ කර දෙවනුව 20 එකතු කිරීමෙන් 44 ලැබේ.
ඉහත ක්‍රම දෙකට සුළු කිරීමෙන් පිළිතුරැ දෙකක් ලැබේ.
මෙවැනි සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් සුළු කිරීමේ දී භාවිතා කරන සම්මතය පහත පරිදි වේ.
1. පළමු ව බෙදීම ( / ) සහ ගුණ කිරීම ( * ) පමණක් ඇති කොටස් වමත් පස සිට දකුණත් පසට සුළු කිරීම.
2. ඉන් පසු එකතු ( + ) කිරීම සහ අඩු කිරීම ( - ) පමණක් ඇති කොටස් වමත් පස සිට දකුණත් පසට සුළු කරන්න.
මේ අනුව,
1. අඩු කිරීම ( - ) සහ එකතු කිරීම ( + ) හෝ බෙදීම ( / ) සහ ගුණ කිරීම ( * ) හෝ යන ගණිත කර්ම පමණක් යෙදී ඇති ගණිත සුළු කිරීමේ දී වමත් පස සිට දකුණත් පසට එම ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙළට සිදු කරනු ලැබේ.
2. අඩු කිරීම ( - ) හෝ බෙදීම ( / ) හෝ එක් ගණිත කර්මයක් පමණක් යෙදී ඇති ප්‍රකාශනවල, ඒවා සිදු කළ යුතු පටිපාටිය වන්නේ වමත් පස සිට දකුණත් පසට වේ.
+ , - , * , / , සහ () ඇතුළත් පූර්ණ සංඛ්‍යා සහිත ප්‍රකාශන ය පහත පරිදි වේ.
1. පලමු ව වරහන් තුළ කොටස සුළු කිරීම ද,
2. දෙවනු ව බෙදීම් සහ ගුණ කිරීම් වමත් පස සිට දකුණත් පසට සුළු කිරීම ද,
3. ඉන් පසු එකතු කිරීම් හා අඩු කිරීම් වමත් පස සිට දකුණත් පසට සුළු කිරීම ද කළ යුතු ය.