අතීත මහා සම්මත මනු රජ දවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව රටේ ප්‍රකට නැටුම්කරුවන්, ඉන්ද්‍රජාලිකයින්, කරණම්කරුවන් වැනි නොයෙක් අය ගෙන්වා ඈ ඉදිරියේ දස්කම් දැක්වූවද ඒ කිසිවකටවත් ඈ සිනා නොවූවාය. මේ හේතුවෙන් රජු ඉතා කණස්සල්ලට පත් විය. රජුගේ කණස්සල්ල දුටු සක්දෙවි ඔහුට උපකාර කරනු වස් රජුගේ මගුල් උයනේ කෝළමු මුහුණු රාශියක් තැබ්බවීය. පසුදින උදෑසන එම මුහුණු දුටු රජතුමා, ඒවා මිනිසුන්ගේ මුහුණුවල බන්දවා බිසව ඉදිරියේ විවිධ විකාර පාන්නට සැලැස්විය. මේ විකාර දුටු බිසව මහත් ප්‍රීතියට පත්ව සිනාසූයෙන්, දොලදුක සංසිදුණු අතර මෙම සිදුවීම කෝළම් හී උපත ලෙස විශ්වාස කෙරේ.
ලංකාව අධිරාජ්‍යවාදීන්ට නතු වූ පසු ලාංකේය සමාජය නොයෙකුත් විපර්යාසයන්ට ලක්විය. අලුත් සමාජ ක්‍රමයක් හැඩගැසෙන්නට වූයෙන් පැවතුණ සංස්කෘතිය, සිරිත් විරිත්, සිතුම් පැතුම් වෙනස් වීමක් සිදු විය. ඉංග්‍රීසීන්ගෙන් අලුත් තනතුරු ලැබීමත් සමඟ ඔවුන්ගෙන් පොදු ජනයාට නොයෙකුත් තාඩන පීඩන සිදුවිය. මේවාට එරෙහි වීමට නොහැකිවූ පොදු ජනයා ඔවුන්ගේ ක්‍රියාකලාප විවේචනයට ලක් කරමින් නොයෙකුත් රංගනයන් සිදුකළහ. එහි ප්‍රතිඵලයක් ලෙස කෝළම් විවිද චරිත ඈතුලත් කර තිබේ බිහිවීම සිදුවූයේ යෑයි සිතිය හැකිය.
කෝලම් නැටුම් වල ඇති විශේෂම දේ තමයි වෙස් මුහුණු පැළඳ කෝලම් නාට්‍ය රඟ දැක්වීම. මෙම වෙස් මුහුණු යොදාගත්තෙ කෝලම් නැටුම් සඳහාම පමණයි. එම කෝලම් වලට එන චරිත අනුව වෙස්මුහුණු නිර්මාණය කරනවා. මුල් කාලයේදී කෝලම් මුහුණු නිර්මාණය කරලා තියෙන්නේ අද වගේ කදුරු ලීයෙන් නෙවෙයි. ගඟේ අයිනේ තිබිලා තියෙනවා ජලාශ්‍රිත ශාකයක් වන ගිම්පොල් එම ශාකයෙන් තමයි කෝලම් මුහුණු කපලා තියෙන්නේ. පසුව පැරණි කෝලම්කරුවන්ට තේරුම් ගිහින් තියෙනවා. ගිමිපොල් වෙනුවට වෙස් මුහුණු කැපීම සඳහා වෙල් කඳුරු ලීය සුදුසු බව ලීයේ ඇති සැහැල්ලු බව කල්තබා ගැනීමට හැකිවීම හා කැටයම් කිරීමේ පහසුව මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
සිංහල වෙස්මුහුණු කලාව හෙවත් කෝලම් නැටුම් කලාව ගැන කියවෙන විට දකුණු ලක ස්ථාන කිහිපයක් ඇති නමුත් ජාතික සහ අන්තර් ජාතික වශයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශය බව පෙනීයයි. අම්බලන්ගොඩ කෝලම් නැටුම් සම්භවය කවද සිදු වි දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද කෝලම් වෙස් මුහුණු වසර 250කට වඩා පැරණි බව මහාචාර්ය එම.එච්. ගුණතිලක මහතාගේ මතයයි. මුල් අවදියේදී මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරම්පරාව මූලික කර ගත් කෝළම් ගුරුකුලය Professor M.H . Goonathilaka has proved that in his book ' Mask and Mask System ' and also proved by the explorer Mr.Jinendra Wansa De Silva in his books ‘ කලාගුරු ටුක්කා වඩු ගුණදාස’ and ‘Amdalangoda Puranaya ‘. (http://www.tukkawadumask.com/) පසුව දෙකොටසකට කැඩී මහ අම්බලන්ගොඩ ගුරු කුලය ටුක්කාවඩු පරම්පරාවේ නායකත්වයෙන් පවත්වාගෙන එන අතර, හිරේවත්තේ ගුරුකුලය ජුවන්වඩු පරම්පරාවේ නායකත්වයෙන් පැවත එයි.
කෝලම් නැටුම් වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දක්නට ඇත්තේය. මෙහිදී අම්බලන්ගොඩ ටුක්කාවඩු පරපුරට අයත් පිටපතේහි එන චරිතාංග අනුපිළිවෙළ මෙසේය. මුලින්ම සබයට එන්නේ සභාපති කවි චරිතයයි. සබේ විදාන හා සභාපති පමණක් වෙස් මුහුණු පළදින්නේ නැත. සභාපති නික්ම ගිය පසු පිළිවෙළින් ලියනආරච්චි, අණබෙර, නොංචි, පොලිස්, හේවා ජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා, කාපිරි , රජ කට්ටුව පැමිණේ. ඉක්බිත රජ හා බිසව පැමිණේ අනතුරුව නාග, මරුකව, ගුරුළු යන රාක්ෂ නැටුම් රඟ දැක්වේ. ඉන් අනතුරුව රඟ දක්වන්නේ තෝරාගත් කථා පුවතකි. ජාතක කතාවක් හෝ අපේ වීර කතා පුවතක් ඒ සදහා තොර ගැනේ. සද කිදුරු. මනමේ ගොටිම්බර ජයසේන සටන ජාතක කතාවක් හෝ අපේ වීර කතා පුවතක් ඒ සදහා තොර ගැනේ.