පාදුවාහි අන්තෝනි මුනිදුන් - 8-වසර කතෝලික ධර්මය

පාදුවාහි අන්තෝනි මුනිදුන්

1195 -1231

පෘතුගාලයේ ලිස්බන් නගරයේ උසස් පවුලක උපත ලද පර්සියන් බුලියන් එතුමාගේ ප්‍රථම නාමය විය. මොහු ඉතාමත් ඥානවන්ත වුද, ලෞකික සැප සම්පතින්, පිරිපුන් වුද, කෙනෙක් විය. සියලු තාන්න මාන්න හා ලෞකික සැප සම්පත් අතහැර ජේසුතුමන් අනුව ඔහු පසුකාලයේ දී විවිධ සේවාවන් සඳහා විශේෂ කැදවීම් ලැබ ගන්නට තිබු හෙයිනි, ඒ එක් එක් වතාවකදීම ඔහු නව ජ්වලිතකමක් සහ ත්‍යාගවන්ත වු ප්‍රේමය කින් ඔහුගේ සමිදානන් වන ජේසුස් වහන්සේට වඩ වඩා සම්පුර්ණ සේවය කිරීමෙන් පිළිතුරු දෙමින් එම සේවාව සාර්ථකව ඉටු කළේය. දේව සේවකයකු ලෙස තම දිවි ගමන ඇරඹුයේ ඉතාමත් බාල වියේදීය.පසු කලෙක ඔහු සියලුම වස්තු හා බලය ත්‍යාජ කළේය. තවද අගුස්තිනු නිකායේ තාපසකයකු වීමට දැඩි ආශාවක් ඇතිවිය. මෙසේ තාපස ජීවිතයට ඇතුලත් වීමට ආශාවෙන් සිටිද්දී ඔහු වාසය කළ නගරය තුල ප්‍රැන්සිස්කානු ප්‍රථම ප්‍රාණපරිත්‍යාගිවරුන්ගේ ශරීරයන් පෙරහැරින් වැඩමවා ගෙන යනවිට , ශුභාරංචිය පත කිරීම සඳහා ඔහුද දිවි පිදීමෙන් ජේසුස් වහන්සේට ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වීමට මහත් ආශාවකින් නොවී ගියේය.එබැවින් නොබෝ කලකින් පර්ඩියන් බුලියන්, ප්‍රැන්සිස්කානු නිකායට ඇතුළත් විය.අද සෑම දෙනාම විසින් ආදර ගෞරව කරන නාමයක් වු අන්තෝනි යන නාමය එහිදී එතුමාට දෙන ලද්දකි. මුස්ලිම්වරුන්ට දේශනා කිරීමට එතුමා සුදානමින් සිටිය මුත් ඔහු හදිසියේ රෝගාතුර වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඉතාලියට  පෙරළා පැමිණි එතුමා දක්ෂ දේශනාවාදියෙක් වු නමුත් තාපසාරාමයේ දී ඉතාමත් බැහැපත් සාමාන්‍ය ජීවිතයක් ගත කළේය. බොහෝ වේලා යාච්ඤා වේ සහ වැදී සිටියේය. බයිබලය නිතර කියවමින් ,තාපසාරාමයේ ගෘහස්ත කටයුතු වල නිහතමානිව යෙදෙමින්,ඉතා නිහඬ ජීවිතයක් ගත කළේය.දුප්පතුන්ට එතුමා ඉතා කරුණාවන්ත විය.දිනක් දේවස්ථානයක පුජකවරය දානය කිරීමේ පිළිවෙතකදී දේශනා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවී බියෙන් සිටිවිට අන්තෝනි තුමාට හදිසියේම දේශනා කිරීමේ සේවයට විශේෂ කැදවීමක් ලැබිණි.බැහැපත් වුද ,කීකරුවුද එතුමා සැකයෙන් සහ  බියෙන් එම කැදවීම පිළි ගත්තේය.

කිසිදු සුදානමකින් තොරවු මේ අවස්ථාවේදී එතුමා ඉතා දුබල දේශනාවක් දෙනු ඇතැයි ඇතැම්හු කොඳුළෝය. ශුද්ධාත්ම වරම කෙරෙහි තදබල විශ්වාසයක් එතුමාට ඇතිවිය  . ශුද්ධාත්මයාණෝ මිනිසාගේ. දුබල වචන වලට කොතෙක් බලපාවී දැයි කියා එම ජනතාව නොදැන සිටියෝය. අසා සිටින්නන් මවිතයට ,ප්‍රීතියත් පත් කරමින් එතුමා ව්‍යක්ත දේශනයක් කළේය.ඉතා බැහැපත්ව විනීතව  හා හදපත්ලෙන්ම බයිබලය පහදා දීමට එතුමා ලබා ඇති හැකියාව දුටු ප්‍රැන්සිස් අසිසිතුමා මුළු දකුණු ප්‍රංශයේ සහ උතුරු ඉතාලියේ ද සහෝදරතුමන්ලාට දේව ධර්මය ඉගැන්වීම අන්තෝනිතුමාට භාර කළේය.සිත් ඇද ගන්නා සුළු පෞර්ෂත්වයද ,මිහිරිවු එහෙත් බලවත් වු කටහඬක් ද එතුමා සතු විය .එබැවින් ඉතාමත් පහසුවෙන් එතුමාට තම දැනුම ඔවුන් අතර බෙදා ගත හැකිවිය.තවද දෙව් වසරකින් ප්‍රාතිහාර්ය කිරීමේ පුදුම බලයක්ද ,අනාවැකි පත්කිරීමේ හා විවිධ භාෂා කතා කිරීමේ හැකියාව ද නැමැති විශේෂ බල එතුමාට දානය කට සේක.

ජේසුස් වහන්සේ ගැන ඉතාමත් ගෞරවයෙන් දේශනා කොට එතුමා දිනක් රාත්‍රියේ යාච්ඤා කියමින් සිටින විට ජේසුස් වහන්සේ කුඩා ළමයෙකු විලසින් පැමිණ පොත මත හිඳගෙන එතුමාව සිප වැළඳ ගත් බව ජනප්‍රවාද වල සඳහන්  වේ.අන්තෝනි තුමා වයස 36දී ස්වර්ගස්ථ විය .වසරක් පමණ නොබෝ කාලෙකින් 'දුප්පතුන්ගේ සාන්තුවරයා " යන විරුදාවලියෙන් ශුද්ධවන්තභාවයට ශුද්ධ වූ සභා මාතාව විසින් එතුමා ඔසවනු ලැබුවාය.නැති වු දේ සොයා දීමට සහාය වන සාන්තුවරයා ලෙසද ,අද එතුමා ලොව පතල වී ඇත.

 ශ්‍රි ලාංකීය බැතිමතුන් අතර විශේෂයෙන්  අන්‍යාගමිකයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති සාන්තුවරයා ශාන්ත අන්තෝනි මුනිඳුන්ය.