සිරස පාද කවි
කිසියම් රෝගයකට බදුන් වූ පුද්ගලයෙකුගේ හිසේ සිට පාදාන්තය දක්වා පවතින්නා වූ සියලුම දෝෂ විපත් දුරු කොට සෙතක් ශාන්තියක් සැලසීම අරමණු කොටගෙන ගායනා කරන කවි සිරස පාද කවි ලෙස හැදින්විය හැකිය.මේවා ලංකාවේ පවතින ශාන්ති කර්මව ගායනා කරනු ලබයි. එසේම බලි ශාන්තිකර්ම වලදී ද ගැයීම් විශේෂයෙන් සදහන් කල හැක. මේවා නර්තනය හා සම්බන්ධ කවි විශේෂයකි. විවිධ තාල රටා පදනම් කර ගෙන මෙම කවි ගායනා කරනු ලබයි.
සොලසා සංකය පලමුව පෙරුම් පිරූ බලයෙන් දා
මෙලෙස මුනිදු වද්රාසන වැඩසිට කෙලෙසුන් බින් දා
කලස රැගෙන මිහිකත් දෙස් කී අනහස් බලයෙන් දා
සිර නළල පැමිණි දෝෂ දරලන්මුනි බලයෙන් දා
සාර සංකය පෙරම් පුරමින් ගත්තු සූවිසි මුනි වරම්
සාර දහසක් රහත් සමගින් වැඩියේ දීපංකර බුදුන්
ඝෝර මඩවිට වැතිර බෝසත් ගත්තු විවරණ අනුහසින්
නෑර මොහුගේ සිරස නළලද දෑස මුඛයේ දොස හරින්නා
සවරම් කවි
සවරම්නැටුම දේශීය ගැමි නැටුම් අතර ඉතා අලංකාරවත් වූ විනෝදස්වාදය සඳහා භාවිතා කරන ගැමි නැටුමකි. සවරම් ලී දෙක දෑතින් ගෙන කරකවමින් නර්තනයේ යෙදෙන අතර මෙහිදී ගායනා කරන විශේෂය සවරම්කවි ලෙස හඳුන්වයි. සවරම් කවි විවිධ නාදමාලාවන් අනුව ගායනා කළ හැක.
මෙම කවිවල ගැමි ඇදහිලි හා විශ්වාස පිළිබඳව සඳහන් වන අතර නර්තනය කිරීමට පෙර සියල දෙවියන්ගෙන් අවසර ලබා ගැනීමදැකිය හැකි ලක්ෂණයකි. විනෝදාස්වාදය සඳහා නිරිමාණය වූ ගැමි නැටුමේ යෙදෙන කාන්තාවන් නැටුමට සැරසෙන ආකාරය ද ඔවන්ගේ ලාලිත්ය ද මෙම කවි වලින් පෙන්නුම් කරයි.
මාත්රා තුන තනි තිත
පෑවිය ගල් රැහැන් ජය රැස් වඩින්නට
වීරිය කල සිතින් ගණ දර හරින්නට
කාරිය තමයි සවරම් ගෙන නටන්නට
සූරිය දෙවි රජුනි අවසර දෙවන් මට
දෑතට ගන්නේ සවරම් නැටුම් නටන්නේ
සරඹ පාන්නේ පාකොඩි දෙක හසරන්නේ
ගීත කියන්නේ සුමිහිරි නැටම් නටන්නේ
සබයට එන්නේ සවරං නැටුම් නටන්නේ
මාත්රා හතර මහතනි තිත
මල් ගවසාලා කොණ්ඩය බැදලා
ඉන තද කරලා සව පැලද ගෙනේ
පියයුරු නිමලා එනලැම උදුලා
සළුපටකින් වසමින් යසිනේ
සිරියල් දීලා කටරත කරලා
නා දලු මෙන් තොල් දිලිසෙමිනේ
දෙවියන් වැදලා මෙරටට බැසලා
පටන් ගනිමු සවරම් රැගෙනේ
තල මල වරුණ කවි
ග්රාමීය පරිසරයේ ස්වභාව සෞන්දර්ය විදහාපාන තල ගස දීර්ඝ කාලයකට පසු එම ගසේ ආයු කාලය අවසන් වන මොහෙතක තල මල පිපෙන බව ගැමි ජන සමාජය තුල පවතින විශ්වාසයයි. එවන් පරිසරයක සුන්දරත්වය විදහා පාන තලමලෙහි ස්වභාවය, වර්ණය, ප්රමාණය වැනි සුවිශේෂී ලක්ෂණ ගැමි ජනතාව අවදි කර වීමට හේතු වේ. එසේම වුවද තල මල පිබිදීම ගැමියන්ට අසුභ සංකේතයක් බව ගැමි ජන සමාජයේ විශ්වාසයයි. එසේ හෙයින් එදා ගැමියා තල මල කපා ගමෙන් ඉවතට ගෙන යාම සඳහා එයට ගෞරව දක්වමින් හිසමත තබා ගෙන හෝ ඇතු පිට තබා ගෙන හෝ රැගෙන ගිය බව කවි ගායනා වලින් මතුකර දැක්වේ.
බෙර පදය - දොං ජිං ජිං කතට දොං
ලෙල දෙමිනේ මල උඩු ගුවනේ
මුතු කුඩ ලෙසිනේ ඈතට පෙනුනේ රන් කොත ලෙසිනේ
සොද ලෙසිනේ මිනි බරන ලෙසේ
ඈතට පෙනුනේ රන් කොත ලෙසිනේ
අප ගොසිනේ මල දැක නිතිනේ
සිත පිරිය වුණේ නිම නැති ලෙසිනේ
මෙම ලෙසිනේ තල මල පිපුණේ
සක් පිය සකිනේ සොද ගල මුදුනේ
යන්ට සොදයි ශ්රී මහ බෝ අනුරපුරේ
ගොන් බැදි රියකින් යා හැක අනුරපුරේ
හොඳට හොඳයි තල මල ඇති බරට බරේ
ඇතු පිට වඩවමු තල මල වීදි කරේ