කඩතුරා කවි
උඩරට, පහතරට හා සබරගමු යන සම්ප්‍රදායන් තුනට පොදු ගායනා විශේෂයකි. බෞද්ධ මුහුණුවරක් ගායනා වල අන්තර්ගත වේ. ශාන්තිකර්ම වල දී සුදු පිරිවුටයක් ලෙස රංග සැරසිල්ල ආවරණයට බාවිතා කල ආවරණය කඩතුරා කවි වෙයි. විවිධ වූ නාද මාලා අනුව මෙම ගායනා කෙරේ.
මාත්‍රා 3 තාලය
සිහින් සිනිඳු සළුව පැලද උන් මරගන
වහන්ස නුඹ අප අතහැර මහණ උන
අහංකාර ඒ මරගන දැක්කේ බුදු ගුණ
මිහින්තලා ධාතු බෙලෙන් කඩ තිර හරිමින
සිත්ත මුනිදු වැඩහිද බෝ විදුරාසන
යුද්ධ කරන්නට දස පින්බර විත් පැරදුන
වැද්ද නොදී හැම පිරිපත දුරලා හරිමින
බුද්ධ රත්න කඩතිර හරිමින
ගොයම් කැපීමේ කවි
කෘෂිකාර්මික ජන සමාජය තුළ වූ මිනිසා තම වෘත්තීය ලෙස ගොවිතැන යොදා න ඇත.මෙම කාර්යෙහි යෙදෙන ගොවියා තම ශරීරයට දැනෙන වෙහෙස මහන්සිය පාලුව මග හරවා ගැනීම පිණිස ගොයම් කැපීමේ කවි ගායනා කරයි. මේ ගැමි ජනතාවගේ සහජීවනය ඉස්මතු කරන සාමූහික ක්‍රියාවලියකි. ගැමි සමාජයේ දක්නට ලැබෙන සමාජ සාරධර්ම මෙන්ම ඔවුන් තුල පවතින විශ්වාස පහත කවි වලින් ගම්‍ය වේ. සරල තාල රූප හා නාද මාලා අනුව ගැමි බස් වහර පිළිබිඹු වන පරිදි මෙම කවි නිර්මාණය වී ඇත.
රන් දකැති ගෙන නිති සැරසෙනවා
රන් වන් පටි ඉන වට දිලිසෙනවා
රිවි දුටු පිනි බිදු ලෙස පහවෙනවා
දුම්බර කෙතේ අපි ගොයම් කපනවා
ඉරු දෙවියන්ගේ ඉර ගල ගාවා
සද දෙවියන්ගේ සද ගල ගාවා
ඝන දෙවියන්ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපල ගාවා
උදේ ඉදන් වකුටු කොන්ද දිග හැරපල්ලා
අතේ තියන ගොයම් මිටිය බාම දමපල්ලා
හිසේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩ පලයල්ලා
එපා කියන තැන තැන නොසිටිල්ලා
පිපාස නම් දිය වර බී පල්ලා
අපාසු නම් සෙවණේ සිටපල්ලා
කපා ගොයම් කඩිනම් කරපල්ලා
පන් නෙළීමේ කවි
පහතරට ශාන්ති කර්ම වල දී පැදුරේ උපත පිළිබඳව කියවෙන කවි ගායනා දක්නට ලැබෙන අතර උඩරට සොකරි නාට්‍යයේ එක් අවස්තාවක් ලෙස පන් නෙලීමේ දැක්විය හැකිය. ගුරු විට විඩාව හැර ගැනීමට පැදුරක් ඉල්ලූ විට පැදුරක් නොතිබුණු හෙයින් විලකට ගොස් පන් උදුරා ගෙනවිත් පැදුරක් වියා ගන්නා අයුරු අනුරූපණයෙන් දක්වයි.
උදා -
වියා පැදුර පන් කපමින් ගෙන එවිට
මෙයා කාර පැදුරක් දමුවද අසට
කියා පැදුර අරගෙන ඇවිදින් ළඟට
වියා පැදර එළුවේ ගුරු හා මින්ට
ගැමි නැටුමක් ලෙස අදුන්වන පන් නෙලීමේ නැටුම ඈත අතීතයේ සිට පැවති විනෝදාස්වාදය සඳහා නිර්මාණය වූවක් බව කිව හැකිය. පහත දැක්වෙන්නේ තවත් පන්නෙලීමේ කවි කිහිපයකි.
තානම - තාන තනා තන තම්දන තම්දන තානා
තෙතන තනා තන තම්දන තම්දන තානා
ගාන තෙල් සදන් වරලස ඔමරි කොට
මුහුණ පුරා තෙල් ගාගෙන යන කලට
මාන බලති මිනුවන් පන් තිබෙන කොට
නෑනො නුඹත් එනව ද පන් නෙලන්නට
කොනින් කොනට පන් උදුරා ගන්නේ
තැනින් තැනට පන් අහුරු දමන්නේ
අනන්ගෙ පන් කොල එක් නොකරන්නේ
බැනුම් අහන්නට වෙයි දැන ගන්නේ