කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන යහපත් පුද්ගල චරිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන යහපත් ගුණධර්ම කිහිපයක් මෙම පාඩමින් උගනිමු.
1. අප්පකිච්ච
අප්පකිච්ච යනු අල්පකෘත්‍යතාව හෙවත් වැඩි වැඩ නැති කමයි. වැඩ අඩු බවයි.
කායික හා මානසික ශක්ති ප්‍රමාණය ඉක්මවමින් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය වැඩි වැඩ ලෙස හැඳින් වේ.
ප්‍රමාණය ඉක්මවා වැඩ කිරීමෙන් ලැබෙන අයහපත් ප්‍රතිඵල බොහෝය.
1. කායිකව හා මානසිකව දුර්වල වීම.
2. රෝගාබාධ වැළඳීම.
3. කරන වැඩ වල ගුණාත්මක බව අඩු වීම.
4. අසාර්ථක පුද්ගලයෙකු වීම.
තම ශක්තිය පරිදි ඉටු කළ හැකි වැඩ කොටසක් භාරගන්නා පුද්ගලයාට විවේකය භුක්ති විඳීමට හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ.
2. සල්ලහුකවුත්තී
සල්ලහුකවුත්තී යනු සැහැල්ලු පැවතුම් ඇති බවයි.
බහු භාණ්ඩිකත්වය අතහැරීම සැහැල්ලු පැවතුම් ඇති බව ලෙස හැඳින් වේ.
බහු භාණ්ඩිකත්වය නිසා ලැබෙන අයහපත් ප්‍රතිඵල බොහෝ ය.
1. වැඩියෙන් මුදල් සෙවීම නිසා අධික වෙහෙසකට පත් වීම.
2. ලබා ගත් දේ රැක ගැනීමට අපහසු වීම.
3. ඒ තුලින් පුද්ගලයාගේ පරිහාණිය සිදු වීම.
සැහැල්ලු පැවතුම් ඇති පුද්ගලයාට සුවපහසුවද, සතුටද, තෘප්තියද භුක්තිවිඳිමින් සාර්ථක ජීවිතයක් ගත කළ හැක.
3. සන්තින්ද්‍රිය
සන්තින්ද්‍රිය යනු, ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් සංවර කර ගැනීමයි.
ලැබෙන ලැබෙන අරමුණු සොය සොයා ඒවා පසු පස නොයෑම ඉන්ද්‍රිය සංවරය ලෙස හැඳින් වේ.
පොහොය දින අටසිල් සමාදන් වීම ඉන්ද්‍රිය සංවරය පුහුණු වීමට ඉතා හොඳ අවස්ථාවකි.
4. නිපක
නිපක යනු නුවණ ඇති බවයි.
නුවණ ඇති බව යනු තැනට සුදුසු නුවණින් යුතුව ක්‍රියා කිරීම යනුවෙන්ද හැඳින්විය හැක.
යහපත අයහපත හැඳින ගැනීමේදී මෙන්ම භාණ්ඩ පරිභෝජනයේදී ද සුදුසු දේ නුසුදුසු දේ නුවණින් යුතුව තෝරා බේරා ගැනීම මෙහිදි බලපොරොත්තු වන නුවණයි.
අභ්‍යාස:-
1. පෙළ පොතේ ක්‍රියාකාරකම් සියල්ල කරවන්න.