ශ්‍රී ලාංකික විද්‍යාඥයින් - 02

විශ්වය හෙල්ලූ තාරකා විද්‍යාඥ - විද්‍යාජෝති මහාචාර්යය නලින් චන්ද්‍රා වික්‍රමසිංහ

තාරකා විද්යාව යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු සහ චක්‍රාවාට ආදී පෘථිවි වායුගෝලයෙන් එපිට සිදුවන සිදුවීම් සහ අභ්‍යවකශ වස්තූන් පිලිබඳ ව අධ්‍යනය කරන විද්‍යාවයි. මෙම විෂය පථයේ අන්තර්ගතය වන්නේ, විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොව, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි. සැපයීම වටිනා කරුණකි. මෙවැනි වටිනාකමක් සහිත තාරකා විද්‍යාව ඉතා ඉහළින් උගත් මහාචාර්ය නලින් චන්ද්‍රා වික්‍රමසිංහයන්ගේ චරිතාපදානය පිළිබඳ සරල දිග හැරුමක් මෙම ලිපියෙන් දක්වා ඇත.

1919 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකාවේ උපත ලැබූ නලින් චන්ද්‍රා වික්‍රමසිංහ ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකුද වන්නේය. වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, 1960 වර්ෂ්යේදී  B.Sc ප්‍රථම පංතියේ විද්‍යාවේදී ගෞරව උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබාගත් අතර, එක්සත් රාජධානියේ කේම්බ්රිජ් හි ත්‍රිත්ව විද්‍යාලයේ සහ ජීසස් කොලේජ් හි ඔහුගේ ආචාර්ය උපාධි හා ශාස්ත්‍රාලීය උපාධි ලබා ගත්තේය. අධ්‍යාපන වැඩකටයුතු අවසන් කිරීමෙන් පසු වික්‍රමසිංහ මහතා 1963 සිට 1973 දක්වා කේම්බ්රිජ් විශ්ව විද්‍යාලයේ ජීසස් කොලේජ් හි සාමාජිකයෙකු විය. ඉන්පසුව ඔහු එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය හා තාරකා භෞතික විද්‍යාව සඳහා ජ්‍යේෂ්්ඨ මහාචාර්යවරයෙකු වශයෙන්  කටයුතු කළහ.

මහාචාර්ය වික්‍රමසිංහ සිදු කල පර්යේෂණ අතුරෙන් ප්‍රමුඛත්වයක් දරන්නේ, තාරකා අතර පවත්නා මාධ්‍ය, අධෝරක්ත තාරකා විද්‍යාව, ආලෝක විසිරුම් සිද්ධාන්තය, තාරකා විද්‍යාව සඳහා භෞතික විද්‍යාවේ ඝන පදාර්ථ වල යෙදීම්, පැරණි සෞරග්‍රහ මණ්ඩලය, වල්ගාතරු, නක්ෂත්‍ර රසායන විද්‍යාව, ජීවයේ මූලාරම්භය සහ නක්ෂත්‍ර ජීව විද්‍යාව යන ඒවා වේ. මහාචාර්ය නලින් ලෝකප්‍රකට ප්‍රවීන තාරකා විද්‍යාඥ්‍ය ෆ්රෙඩ් හොයිලිගේ ශිෂ්‍යයෙකු හා පර්යේෂණ සහයකයෙකුද වූ අතර වසර 40 කට වැඩි කාලයක් විශ්වයේ වෙනත් දියුණු ඝනයේ ජීවී විශේෂ වාසය කිරීමට හිතකර සාධක පවතින ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල ආදිය පැවතිය හැකි බව ප්‍රකාශ කරන ලදී. 1974 දී විශ්වයේ අන්තර් දූවිලි අවකාශයේ විශාල වශයෙන් කාබනික ද්‍රව්‍ය වලින් සැදුම්ලත් එකක් වන බව මතයක් ඉදිරිපත් කළහ. පසු කාලීනව එය පර්යේෂණ මඟින් සනාථ විය.

හියුලි සහ වික්‍රමසිංහ විසින් පෘථිවියේ රෝගාබාධ පැතිරයාම පිටත දේශගුණික සම්භවයක් ඇති බව ද, 1918 වසරේදී වසංගත රෝග හා පෝලියෝ වැනි රෝග පාරභෞම මූලාරම්භ වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශ කරන ලදී. වර්ෂ 1918 මෙම රෝග පෘථිවිය මත පැතිරීමට වල්ගාතරුවල දූවිලි අංශු හේතුවනු ඇතැයි මතයක් ඉදිරිපත් කරන ලදී. නමුත් පාරිසරික රෝග සහ පාරභෞක්ෂික පාරිසරික ව්‍යාධිජනක සම්බන්ධ කරන ප්‍රකාශ විද්‍යාත්මක ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

වික්‍රමසිංහ මහතා විසින් තාරකා භෞතික විද්‍යාව හා අදාළ මාතෘකා පිළිබඳ පොත් 30 කට වැඩි ගණනක් ග්‍රන්ථාරූඪ කර ඇත. තවද එතුමන් ගුවන්විදුලියේ, රූපවාහිනියේ, චිත්‍රපට වල සහ අන්තර්ජාල බ්ලොග් ලිපි සහ ඊ සඟරා ඔස්සේ මේ මුළු සමාජය හට දැනුම ඛෙදාදීම ආදිය සිදුකර ඇත.

1992 වසරේදී මහාචාර්ය වික්‍රමසිංහ කළ අනභිභවනීය සේවය උදෙසා ශ්‍රී ලංකාවේ විද්‍යාව සඳහා පිදෙන උසස්ම සම්මානය වන විද්‍යා ජෝති සම්මානයෙන් පිදුම් ලබන ලදී. තවද මෙතුමන් 1982 - 1984 කාල වකවානුව තුල ජනාධිපති උපදේශක තනතුරෙහි නියැලෙමින් අප රටේ විද්‍යා අධ්‍යාපනය ඉහළ නැංවීමේ කර්තව්‍ය සඳහා දායක වූ උතුම් මිනිසෙකි. ලෝකය ජයගත් මිනිසුන් අතර විශ්වය ජයගත් මිනිසෙකු ලෙස විද්‍යාජෝති මහාචාර්යය වික්‍රමසිංහ  හැදින්විය හැකි වීම ශ්‍රී ලාංකික අපහට මහඟු ආඩම්බරයෙකි.

 

මූලශ්‍ර :

 https://en.wikipedia.org/wiki/Chandra_Wickramasinghe

 

තවත් ලාංකික විද්‍යාඥයෙකුගේ තොරතුරු රැගෙන ලබන සතියේ හමුවෙමු. සුභ දවසක් !
මෙම ලිපියට ඔබ කැමති නම් පහත LIKE BUTTON එක ඔබා සහය දක්වන්න.