එස්. පණිභාරත මහතා
හතර කෝරලේ අල්ගම නම් ග්‍රාමයේ උපත ලද මෙතුමාගේ මුල් නම වූයේ පානිස් නම් විය. 1920 පෙබරවාරි මස 24 වන දින උපත ලද මෙතුමාට වැඩිමහල් සොහොයුරියන් හා බාල සහෝදරයන් තුන් දෙනෙකුද වූ අතර එක් බාල සහෝදරියක් ද සිටියා ය. ඇය නර්ථන ආචාර්ය වර්යක ලෙස චිත්‍රා අල්ගම නමින් ප්‍රසිද්ධියට පත් වූවාය.
පබානිස් නමින් හැදිනවූ සිය පියානන්ගේ එකම බලාපොරෙත්තුව වූයේ පානිස්ට වෙදකම ඉගැන්වීය එහෙත් පුංචි පානිස් සිය බාප්පා වූ අල්ගම කිරිගණිතයා ගුරුන්වහන්සේගේ නර්ථන දැක වෙදකම අත්හලේය.සිය බාප්පාගෙන් හා අත්තාගෙන් උඩරට නර්තනය ප්රග්රණකර පණීභාරතයන් උඩරට බෙර වාදය ප්‍රගුණ කලේ ංචිකිරා නම් වූ සිය ඥාතිවරයෙකගෙනි එසේම දවුල් වාදනය මෙන් ම තම්මැට්ටම් වාදනය ද පහතරට හා සබරගමු කර්තන කලාවද දක්ෂ ලෙස ඉගෙන ගත්තේය. කලා ගුරු ජේ.ඒ.ඩී. පෙරේරා මහතාගේ ආදරණීය බිරිඳ වූ චන්ද්‍රෙල්ඛා පෙරේරා මහත්මියගේ බෙර වාදකයා ලෙසද කටයුතු කර ඇත. 1944 වර්සයේදී ශිෂ්‍යත්වයක් ලැබ ඉනදියාවේ ශාන්ත නකේතනයට ගිය මෙතුමා කතකල්, මනිපුරි යන නර්තන සම්ප්‍රදායන් ද පක්වාර්, මෘදංගම්,ඛෝල වැනි වානයන් ද ඉතා දක්ෂ ලෙස හැදෑරුවේය.
මහාකවි රබිනද්රනාත් තාගෝර් මහතාගේ මුද්‍රා නාටක වලද රගදැක්වූ මෙතුමාට බොහෝ ප්‍රශංසා හිමි විය. මේ නිසා ම පණීභාරත යන ප්රශංසාත්මක නාමයෙන් මෙතුමා හැදින්විය.
පලම්ව බුද වරයෙකු ලෙස සේවය කල මෙතුමා පසුව මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යදූරයෙන් ද රජයේ ලලිත කලා ආයතනයේ නර්තන අධ්‍යන අංශ ප්‍රෂාන ලෙස මෙතුමා සේවය කලේය. වසර 31ක සේවාකාලයෙන්පස මෙතමාට කැලණිය විශ්ව විද්‍යාලය මගින් ආචාර්ය උපාධිය පිරි නමන ලද්දේ 1991 වසරේදීය.
පණිභාරත මහතා විසින් නිර්මාණය කරන ලද නව නර්තන නිර්මාණ අතර ගොයම් කැපීමේ නැටුම, නාර්ලතා නැටුම, මොණර නැටුම හා දඩයක්කාරයන්ගේ නැටුම යන ඒවා ඉතා ජනප්‍රිය නැටුම් අංගය.එමෙන් ම කෝච්චිය පොර පොල් පිටිය, ග්‍රහ අපලය, ගම්මානයේ මල් පිපිලා හා බතේ උප වැනි මුද්‍රා නාටකද සිකුර තරුව, කුරල බැද්ද, අහෝකා වැනි ිත්‍ර පටිවල නර්තන නිර්මාණයද මෙතුමා අතින් සිදුව කලා කාර්ය අතර වේ. ලෝකයේ බොහෝ රටවල සංචාරය කර ඇති මෙතුමාගේ අතිදක්ෂ ගෝලබාලයන් රාශියක් උඩරට නර්ථන කලාව වෙනුවෙන් දායක කර ඇත.
කේ.එස්.ප්‍රනාන්දු මහතා
ගාලු දිස්තික්කයේ කොස්ගොඩ ග්‍රාමයේ ලෝකන් වත්තේ උපත ලද කේ.එස්. ප්‍රනාන්දු පහතරට නර්තන සම්ප්‍රදායට විශාල සේවයක් කල නර්තන ශිල්පියෙකි. 1920.02.20 දින උපත ලද මෙතමා ගායනය, වාදනය, චිත්‍ර ශිල්පය, කැටයම් කලාව හා බලි ඇඹීම වැනි සකලවිද ශිල්පයන් මනාව ප්රග්ණ කර ඇත. ශාන්ති කර්මවලට සීමා වී තිබූ පහතරට මෙතුමාට හිමිවේ. ගිරිදේවි නැටුම, සුරබා වල්ලිය, රති රාග වන්නම, නාරිලතා නැටුම, සළුපාලිය වැනි නිර්මාණ එතුමා අතින් බිහිවිය.
පහතරට නර්තන ආචාර්ය වරයෙක ලෙස රජයේ සේවයට එක් වී අනතුරුව රජයේ නැටම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ උපදේශකවරයෙකු ලෙස දිගු කලක් සේවය කල මෙතුමා පහතරට නර්තනය විශ්ව විද්‍යාල මට්ටමට ගෙන ඒමට ඉතා කැපවීමෙන් කටයුතු කල අයෙකි.
යක් තොවිල් පලිබදව මෙන්ම බලියාග පිලිබදව හසල දැනමක් ලබා සිටි එතමා පහතරට බෙන්තර ශෛලියේ යක් තොවිලයක් වන සන්නි යකම පිලිබදව කෘතියක්ද නිර්මාන කර ඇත. ඒ සන්නියකම හෙවත් දහඅට සන්නියයි. මෙතුමා අතින් නිර්මාණය වූ නර්තන නිර්මාන ලෙසද ජනවේගය, මාහේන රිරි යකා, මලකොලම්, මිනිසලඹ වැදගත් වේ. හෙලරාසංග ඔහුගේ තවත් එක් නර්තන ප්‍රසංගයකි.රංග වස්ත්‍රාබරන නිර්මානයද එතුමාගේ සුවිශේෂී හැකියාවකි.
චිත්‍රසේන, පනීබාරත, නිත්තවෙල ගුණයා වැනි ප්‍රවීණයන් සමග විදේශ සංචාරවල නිරතවී ඇත. ඉතාලිය ඕලන්දය ප්‍රංශය එංගලන්තය කැනඩාව ඇමරිකාව ඔහු ගමන් කල රටවල් අතුරින් කිහිපයකි. පහතරට නර්තනය ප්‍රාසාංගික වේදීකාවට ගෙන ඒමටත් පාසල් පද්ධතියට උචිත ලෙස නර්තනය නිර්මාණයටත් එතුමා වෙහෙස දරා ඇත.