ප්‍රතිජීවක
ප්‍රතිශක්තිකරණ එන්නත්
ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්නේ නිපදවන්නේ අඩපණ කරන ලද හෝ මියගිය ක්ෂුද්‍ර ජීවීන් මගිනි.
1.අඩපණ කරන ලද ක්ෂුද්‍ර ජීවීන් මගින් නිපදවාගන්නා එන්නත්.
2. මියගිය ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන නිපදවාගන්නා එන්නත්.
ඒක මතක තියාගන්න කෙටි ක්‍රමය තමා ICT කියන ඉංග්‍රීසි වචනය.
I- ඉන්ෆ්ලුවෙන්සා
C- කොළරාව
T- ටයිෆොයිඩ්
3. විෂ හරණය(ඉවත් කරන ලද කියන අදහස) කරන ලද ක්ෂුද්‍ර ජීවීන් මගින් නිපදවන එන්නත්
ඒක මතක තබා ගන්නේ ගලපිට යන වචනයෙන්
ගල-ගලපටලය
පිට-පිටගැස්ම
4.ක්ෂුද්‍ර ජීවීන්ගේ කොටස් යොදා නිපදවන එන්නත්
හෙපටයිටීස් බී සදහා දෙනු ලබන එන්නත්.
මෙම මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ඔබගේ යහලුවන් සදහාද ලබා දෙන්න.
ජීව වායු නිෂ්පාදනය
යොදාගන්නා අමුද්‍රව්‍ය - ගොම , පිදුරු , හා ජලය අඩංගු මිශ්‍රණයක්
එම ද්‍රව්‍ය මත ක්‍රියාකරන ක්ෂුද්‍ර ජීවියාගේ නම - මෙතනොකොකස් /මීතනෝකොකස්
ජීව වායුවේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන වායුව - මීතේන් වායුව
ජීව වායුව යොදාගැනෙන්නේ - බලශක්ති උත්පාදනය සදහා
ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන ස්ථාන
යෝගට් නිෂ්පාදනය සිදුකිරීමේදී පලමුව අදික උෂ්නත්වයකට රත් කරන්නේ සාම්පලයේ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම සදහාය.
ශීතකරණයේ තැබීම සිදුකරන්නේ තවදුරටත් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල කිරීමටය
මෙහිදී මුහුම් ලෙස ස්ට්‍රෙප්ටොකොකස් , ලැක්ටොබැසිලස් වැනි බැක්ටීරියා මුහුම් ලෙස එකතු කරනු ලබයි.එසේ සිදු කරන්නේ කාබෝහයිඩ්‍රේට් වල අඩංගු ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කිරීම සඳහාය.
කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් යොදාගැනීමට හේතු
ඉහළ වර්ධන වේගය හා වර්ධන සීග්‍රතාව
විවිධ උපස්තර මත ක්‍රියා කිරීමේ හැකියාව
නූතන ජාන තාක්ෂ්නයේදී බහුලව භාවිතා කල හැකි වීම.
මහා පරිමාණ කර්මාන්ත සදහා බලශක්තිය බොහෝ ලෙස අවශ්‍ය උවද ක්ෂුද්‍ර ජීවීන් යොදාගන්නේ නම් බලශක්තිය මහා පරිමාණයෙන් අවශ්‍ය නොවීම.
ක්ෂුද්‍ර ජීවීන් බොහෝමයක් පරිසරයෙන් ඉතා අඩු මුදලකට නොමිලේම ලබාගත හැකි වීම.