ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අතුරෙන් ප්‍රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු මැටි පවතී.මේවාට අවශ්‍ය ප්‍රමාණයට වැලි මිශ්‍ර කර පදම් කරගත් මැටි යොදා අච්චුවල දමා සකස් කරගත් ගඩොල් වියලා පුළුස්සා ගැනීමෙන් ගඩොල් නිෂ්පාදනය කෙරේ.ගඩොල් පිලිස්සීමෙන් ඇතිවන රසායනික ක්‍රියාවලිය නිසා ගඩොල් ශක්තිමත් ඒකකයක් බවට පත්වේ.ගඩොල් නිපදවීමට යොදාගන්නා රතු මැටි වල ප්‍රධාන සංඝටක 02ක් අඩංගු වේ.
එනම් ඇලුමිනා (Al2O3),සිලිකා වැලි (Sio2) මීට අමතරව 2%ක් පමණ යකඩ ඔක්සයිඩ,මැග්නීසියම්,හුණු සහ සෝඩියම් ලවණ අඩංගු වේ.මෙම එක් එක් ද්‍රව්‍ය මගින් ගඩොල් සදහා විවිධ බලපෑම් ඇතිකරයිගඩොල්වල
ගඩොලට දැඩි බවක් ලබාදේ එමෙන්ම මැටි වලට ස්විකාර්යතාවය ලබාදේ.
තෙතමනය උරාගැනීම අවම කරන අතර දැඩි බව,කල් පැවැත්ම සහ තාපයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි.
ගඩොල් හැකිලීම අවම කරන අතර අඩු උෂ්ණත්වයකදී සිලිකා ද්‍රව බවට පත්වේ.එමගින් මැටි අංශු අතර බන්දන ශක්තිය වැඩි කරයි.
සුළු ප්‍රමාණයක් අන්තර්ගත වුවද වැලි මෘදු කිරීමට සහය වේ.එමගින් මැටි අංශු අතර බන්දන හැකියාව වැඩි වේ.ගඩොල් පිළිස්සීමේදී රතු පැහැයක් ගන්නේ මෙම යකඩ ඔක්සයිඩ නිසාය.
හැකිලීම අවම කරන අතර අදුරු කහ පැහැයක් ගනී.ප්‍රමාණය ඉක්මවා අන්තර්ගත වුවහොත් ගඩොල දිරාපත් වේ.
◊දංකොටුව ◊බංගදෙනිය
◊මහියංගනය ◊කොටදෙනියාව
◊අම්පාර ◊පොලොන්නරුව
◊අනුරාධපුර ◊මාතර
◊ගඩොල් වර්ග
01.අතින් සෑදු ගඩොල් (Hand made bricks)
සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකිරීමේදී මේවා භාවිතා වේ.
02.කම්බියෙන් කැපු ගඩොල් (Wire cut bricks)
මෙය හොද නිමාවකින් සහ වැඩි ශක්තියකින් යුක්තය.කපරාරු නොකරන බිත්ති සදහා භාවිත කල හැක.
03.සම්පීඩිත ගඩොල් (Compressed bricks)
මේවා නිෂ්පාදනය සදහා විශේෂ යන්ත්‍ර සහ අච්චු උපයෝගී කරගනී.නිවෙස් හෝ පොදු ස්ථානවල බිම ඇතිරීම සදහා භාවිතා වේ.වැඩි ශක්තියකින් යුක්තය.
04.ගිනිගඩොල් (Fire bricks)
වැඩි උෂ්ණත්වයකට ඔරොත්තුදෙන ස්ථාන සදහා භාවිතා කරයි.
05.කුහර සහිත ගඩොල් (Hollow bricks)
මෙහි කුහර තිබෙන නිසා ගඩොල් බර සාමාන්‍ය ගඩොලකට වඩා අඩුවේ.බර නොදරන බිත්ති සදහා භාවිතා කල හැක.
බ්‍රිතාන්‍ය ප්‍රමිතිය
ප්‍රමාණය කුස්තුර රහිතව | ප්‍රමාණය කුස්තුර සහිතව | |
දිග | 215mm | 225mm |
පළල | 102.5mm | 112.5mm |
උස | 65mm | 75mm |
SLS-39 ප්‍රමිතිය
ප්‍රමාණය කුස්තුර රහිතව | ප්‍රමාණය කුස්තුර සහිතව | |
දිග | 220mm | 230mm |
පළල | 105mm | 115mm |
උස | 65mm | 75mm |
මේ අනුව මෙම මිනුම් සලකා බලන විට දිග,පළල සහ උස අතර පහත සම්බන්දතාවය ලබාගත හැක.(බ්‍රිතාන්‍ය ප්‍රමිතිය ඇති ගඩොලක)
කුස්තුර සමග පළල = කුස්තුර සමග ගඩොලයේ දිගෙන් බාගයක් වේ.
කුස්තුර සමග උස = කුස්තුර සමග දිගෙන් 1/3ක් වේ.
අවශ්‍යතාවය මත යොදාගත යුතු බැමි වර්ගය වෙනස් වේ.එනම් ශක්තිමත් භාවය අලංකාරය පිරිවැය වැයවන ඉඩ ප්‍රමාණය යන සාදක පදනම් කරගෙන භාවිත කල යුතු බැමි වර්ගය තීරණය කරනු ලබයි.ඒ අතරින් බැමි වර්ග හතරක් පහතින් දැක්වේ.
1)බඩගල් බැම්ම (stretcher bond)
ගඩොලක බඩ මුහුණත ඉදිරියට දිස්වන සේ නිර්මාණය කරනු ලබන බැම්ම බඩගල් බැම්ම නම් වේ.
2)ඉංග්‍රීසි බැම්ම (English bond)
ඉදිකිරි ක්ෂේත්රයේ වඩා ශක්තිමත්ම බැම්ම මෙම ඉංග්‍රීසි බැම්ම වේ.ඔලුගල් වරි සහ බඩගල් වරි මාරුවෙන් මාරුවට යොදා නිර්මාණය කරනු ලබයි
3)ඔලුගල් බැම්ම (Header bond)
ගඩොලක ඔලුව පැත්ත ඉදිරියට දිස්වන සේ නිර්මාණය කරනු ලබන බැම්ම ඔලුගල් බැම්ම වේ.මෙහි පළල ගඩොලේ දිගට් සමාන වේ.
4)ෆ්ලෙමිෂ් බැම්ම (Flemish bond)
අලංකාරවත් බිත්ති නිර්මාණයේදී මෙම ෆ්ලෙමිෂ් බැම්ම නිර්මාණය කරයි.මෙහි විශේෂත්වය වන්නේ එකම වරිය තුල ඔලුගල් සහ බඩගල් වශයෙන් මාරුවෙන් මාරුවට ගඩොල් පිහිටවනු ලැබීමයි.