- අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
- අන්තර් පුද්ගල සන්නිවේදනය
- සමූහ සන්නිවේදනය
- ජන සන්නිවේදනය
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
- පුද්ගලයකු තුළම සිදු වන ආත්ම භාෂණයකි.
- සෑම පුද්ගලයකුම බිළිදු වියේ සිටම පංචේන්ද්‍රිය මගින් තොරතුරු රැස් කර ගති.
- රැස් කරන තොරතුරුවලින් බොහෝමයක් යටි සිතේ තැන්පත් කර ගනී.
- සමහර තොරතුරු කෙටි මතකයකින් පසු ඉවත් වේ.
- යටි සිතේ තැම්පත්ව ඇති තොරතුරු ජීවිත කාලය තුළ ස්මරණය කළ හැකි ය.
- අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී තමා සතු තොරතුරු යොදා ගනී.
- අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීම ප්‍රධාන කාර්යයකි.
- තමා සතු තොරතුරු හොද ඒවා නම් තීරණ ප්‍රශස්ත වේ.
- තමා සතු තොරතුරු නොවැදගත් ඒවා නම් තීරණ ගැනීම අසාර්ථක වේ.
- ඉතා හොද තොරතුරු බහුල ලෙස රැස් කර ගැනීම පුද්ගලයකු විසින් කළ යුතු ය.
- කෙනෙකු තමා පිළිබදව ඇති කර ගන්නා ස්වයං දෘෂ්ටියට මෙම තොරතුරු හේතු වේ.
ස්ව - සංකල්පය ගොඩ නැගෙන්නේ ද තමා සතු තොරතුරු අනුවය.
- ස්වයං - දෘෂ්ටිය හා ස්ව - සංකල්පය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී වැදගත් වේ.
- චිත්ත වේගයන් නිසා අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ.
- විවිධ චිත්තවේගයන් පාලනය කර ගැනීමට පුද්ගලයකු සතු කුසලතාව අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ගුණාත්මක බව ඉහළ නංවයි.
අන්තර් පුද්ගල සන්නිවේදනය
- මෙය පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් ද භාවිතා වේ.
- පුද්ගලයන් දෙදෙනෙකු අතර කෙරෙන සන්නිවේනය මෙයින් අදහස් වේ.
- සාමාන්‍යයෙන් මෙය මුහුණට මුහුණ ලා කෙරෙන සන්නිවේදනයකි.
- නව තාක්ෂණය භාවිතයෙන් මෙහි ස්රූපය වෙනස් වී ඇත.
- දුරකථනය හෝ අන්තර්ජාලය හෝ කෙටි පණිවුඩ හෝ මගින් ද මෙය සිදු වේ.
- නව තාක්ෂණය නිසා දුර සිටින දෙදෙනෙකුට මුහුණ බලා ගෙන කතා කළ හැකි ය.
- අන්තර් පුද්ගල සන්නිවේදනය ද්වි මාර්ගික සන්නිවේදනයකි.
- සෑම කෙනෙකුටම දෛනික ජීවිතයේ දී නිතරම අන්තර් පුද්ගල සන්නිවේදනයේ යෙදෙන්නට සිදු වේ.
- අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා හා ග්‍රාහකයා යන භූමිකාව මාරු වේ.
- සමහර විට අන්තර් පුද්ගල සන්නිවේදනය ඒක මාර්ගිකය.
අන්තර් පුද්ගල සන්නිවේදනයේ විවිධ අරමුණු ඇත
- තොරතුරු දැන ගැනීම
- දුක සැප බෙදා ගැනීම
- ප්‍රශ්න විසදා ගැනිම.
- උදව් උපකාර ලබා ගැනීම හා ලබා දීම.
- මග පෙන්වීම .
- උපදේශනය .
- චෝදනා ඉදිරිපත් කිරීම.
- තර්ජනය කිරීම.
- දොස් පැවරීම.
- රහස් අනාවරණය කර ගැනීම.
- ක්‍රියාවලීන් විශ්ලේෂණය .
- අන්තර් පුද්ගල සන්නිවේදනය ඵලදායී වන්නේ, පුද්ගලය තුළ පවත්නා ශික්ෂණය අනුවය.
- යහපත් අන්තර් පුද්ගල සන්නිවේදනය මගින් සමාජයක ක්‍රියාවලිය යහපත් වේ.
සමූහ සන්නිවේදනය
- දෙදෙනෙකු ඉක්මවා ගිය විට එහි සමූහයක් ඇති වේ.
- සමූහය කුඩා , විශාල හෝ අති විශාල විය හැකිය.
- සමූහ සන්නිවේදයේ දී ඒක - මාර්ගිය හෝ ද්වි - මාර්ගික සන්නිවේදනයක් සිදු වේ.
- අසා සිටීම හා සවන් දීම යන සංකල්පය සමූහ සන්නිවේදනයේ දී දැඩිව ක්‍රියාත්මක වේ.
- සමූහ යන්නට කණ්ඩායම් හා කල්ලි අයත් වේ.
කණ්ඩායම් වර්ග පහක් දැක්විය හැකිය
1 අහඹු කණ්ඩායම්
2 විශෝධන කණ්ඩායම්
3 ඉගෙනුම් කණ්ඩායම්
4 ප්‍රතිපත්ති සැකසුම් කණ්ඩායම්
5 ක්‍රියාකාරී කණ්ඩායම්
ජන සන්නිවේදනය
- විශාල ජනස්කන්ධයක් සමග කෙරෙන සන්නිවේදන කාර්යය ජන සන්නිවේදනය වේ.
- ජන සන්නිවේදනය සදහා භාවිත වන පුවත්පත් සහ සගරා, ගුවන් විදුලිය හා රූපවාහිනිය අයත් වේ.
- ජන සන්නිවේදනයේ දී ග්‍රාහක පිරිස කවුරුන්දැයි නිශ්චිතවම සන්නිවේදකයන් නොදනී.
- ජන සන්නිවේදනය සෑම විටම ආයතනගත හා සංවිධානාත්මකව සිදු වේ.
- එක් එක් ජන මාධ්‍යයන්හි සුවිශේෂ ලක්ෂණ තිබේ.
- පුවත්පත් පරිහරණයට භාෂා සාක්ෂරතාව අවශ්‍යය වේ.