උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ක්‍රමලේඛන භාෂා අතරින් ප්‍රධාන තැනක් හිමි C++ හදුනා ගනිමු

 

පරිගණක ක්‍රමලේඛන භාෂාව පිලිබදව උනන්දුවක් දක්වන සෑම කෙනෙක්ම හැදෑරිය යුතු මුලික ක්‍රමලේඛන භාෂා අතර c++ ප්‍රදාන තැනක් ගන්නා භාෂාවකි.

 

C++ භාෂාවට මුල් වූ C භාෂාව හදුනා ගනිමු.

C පහල මට්ටමේ භාෂාවකි (low level language) එම නිසා මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේදී  යන්ත්‍ර මත ක්‍රියා කරන වුවමනා ක්‍රමලේඛන ලිවීමට යොදාගනී C භාෂාව ප්‍රථමයෙන්ම භාවිත කලේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය සදහායි. C භාෂාවේ පදනම් කරගෙන නිර්මාණය  කර ඇති  C++ භාෂාව හැකියාව අතින් ඉහලය.

C++  හදුනා ගනිමු .

  • C++ භාෂාව ඔබ්ජෙක්ට් ඔරියන්ට් (objeject orieted) වර්ගයේ භාෂාවකි.
  • 2 මෙය (middle- level language) මැද මට්ටමේ භාෂාවකි.
  • 3 මෙහි ඉහල මට්ටමේ ගති ලක්ෂණද පහල මට්ටමේ ගති ලක්ෂණද ඇත.
  • 4 පයිතන්,ජාවා, විෂුවල් බේසික් වලින් සකස් කරන වැඩසටහන් වලට වඩා C++  ක්‍රම ලේඛන භාෂාවෙන් සකසන වැඩසටහන් වේගවත්ය.

C ++ භාෂාව භාවිතය.

  • C++ භාවිතයේදී වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ මෙන්ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුලද එකසේ වැඩ කල හැකියි.
  • C ++ මගින් කේත ලිවීමේදී කැපිටල් හා සිම්පල් අකුරු මුල් කේතයේ ඇති සේම ලබාදිය යුතුය ඊට හේතුව අක්ෂර සංවේදී (case sensitive) භාෂාවකි.
  • කේත ලිවීමට ඕනෑම ටෙක්ස්ට් එඩිටර් එකක් යොදාගත හැකිය. නමුත් කේත ක්‍රියාත්මක කර බැලීමට කම්පයිලර් (Compiler) එකක් යොදාගත යුතුය.

එඩිටර් සහ කොම්පයිලර් (Compiler)

  1. C++ හිදී යොදා ගන්නේ (GNU c/c ++) එකකි.
  2. ටෙක්ස් එඩිටර් එකක් සහ කම්පයිලර් එකක් www.Codeblocks.org යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකියි. මෙහිදී Codebocks – 13.12 – mingwsetup TDM – GCC – 481. exe  යන සෙටප් ෆයිල් එක ලබා ගැනීම වඩාත් සුදුසුය. codeblocks – 13. 12 setup යන්නෙහි compiler අඩංගු නොවේ.

  3. මෙහිදී එඩිටර් එකක් හා කම්පපිලර් එකක් සහිත (IDE – integrated development enviroment) එකක් ලබාගත හැක.
  4. ෆයිල් එක මත ඩබල් clik  කර ඉන්ස්ට්‍රෝල් වීමට ඉඩ හරින්න.
  5. මෙය වෙනත් පරිගණකට රැගෙන ගොස් ඉන්ස්ට්‍රෝල් කර ගැනීමට අවශ්‍ය නම් අන්තර්ජාලය සබදතාවය ඇති පරිගනකයකින් ඩවුන්ලෝඩ් කර ගෙන පෙන්ද්‍රයිව් එකක  රදවා ගෙන ගොස් තමාට අවශ්‍ය පරිගනකයක ඉන්ස්ට්‍රෝල් කර ගත හැකිය මෙහිදී අන්තර්ජාල සම්බන්දතාවය අවශ්‍ය නොවේ.

අලුත් ප්‍රෝජෙක්ට්  එකක් ආරම්භ කිරීම

කෝඩ් බ්ලොක්ස් ( code Bloks integrated development environment) ඩවුන්ලෝඩ් කර ඉන්ස්ට්‍රෝල් කර  ගැනීමෙන් අනතුරුව කේත ලිවීමට අලුතින් ප්‍රෝජෙක්ට් එක

ඒ සදහා අනුගමනය කල යුතු පියවර හදුනාගනිමු.

  1. ඇප්ලිකේෂන් එක මත දැනට ඇති Start Hear ටැබ් එක තුළින් Create ආ new project නම් ලිංක්  එක ක්ලික් කල යුතුය.
  2. එසේ නැත්නම් File, New, project හරහා ගිය විට new for template නම් බොක්ස් open වේ.
  3. එහි වම් පසින් ඇති project යන්න තේරි තිබියදී Console application නම් අයිකන් එක තෝරා go බට්න් එක ක්ලික් කරන්න.
  4. එවිට Console applicacation නම් බොක්ස්  එකහි  Next බට්න් එක ක්ලීක් කල පසු open වෙන ලිස්ට් බොක්ස් එක තුල C and C++ යන භාෂා දෙකම පෙනේවි මෙ අතරින් C ++ යන්න තෝරා Next බට්න් එක ක්ලික් කරන්න.

 

මීලගට කල යුත්තේ project එකහි විස්තර ලබා දිමයි.

  1. project title - මෙහි project එකට සුදුසු Nameඑකක් ලබාදෙන්න.
  2. Folder to create project - මෙහිදී project එක save විය යුතු ස්ථානය ලබාදෙන්න.
  3. project file name -  project එකේ ප්‍රදාන file එක save වන name එක ඉබේම ලැබේ.
  4. මෙහිදී මෙම Name එක ඉබේ සක්ස්විමෙදී එම Name එක සැකසෙන්නේ project එකට ලබාදුන් title එකට අනුවයි.
  5. මෙය වෙනස් කිරීමට අවශ්‍ය නම් මෙහිදී .cbp ලෙස ඇති Name හි අගට එන කොටස වෙනස් නොකළ යුතුය.
  6. පසුව  Next ක්ලික් කර අවසානයේදී Finish බට්න් එක එක ක්ලික් කිරීමෙන් project එක save කිරීමේ කාර්ය අවසන්වේ.
  7. Code Block එකහි වම්පස ඇති Management පැනල් එකහි project ටැබ් එක තේරීමේදී එහි workspace  යන්නට පහලින් සැකසු project එකහි Name එක පෙන්වයි එහි ඉදිරියේ ඇති + ලකුණ ක්ලික් කල විට

  8. source folder  හි ඉදිරියේ ඇති + ලකුණ ක්ලික් කර එය යටතේ ඇති main . cpp ඩබල් ක්ලික් කල විට සකස් කර ඇති කේත තිරය මත පෙන්වයි.

  9. සකස් කල project එකට අදාලව C ++ කේත ලිවිය යුත්තේ  එම ස්ථානය තුලයි. එය main.cpp file එක තුල save වේ.
  10. කෝඩ් වින්ඩෝ එකහි එම  Name එකින්ම තිබෙන ටැබ් එකහි එය පෙනේවි.

 

 

මෙම ලිපිය මගින් C++ පිලිබදව සරල අවබෝදයක් ලබාගත හැක.

C++ පිලිබදව බොහෝ තොරතුරු ඉදිරිදී කතා කරමු.

ලිපියේ යම් දෝෂයක් ඇති නම් සමාවෙන්න. සුභදවසක්.


ලිපිය නිර්මාණය කලේ,
නිරෝෂා මිහිරානි


MEMBER

අදාල තවත් ලිපි,



නිරෝෂා මිහිරානි

උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

අනෙකුත් ලිපි