නාට්‍ය විචාරයේදි සැලකිල්ලට ලක්කල යුතු කරුණු
නාට්‍ය විචාරයේදි සැලකිල්ලට ලක් කල යුතු ප්‍රධාන කරුණු වන්නේ නිවැරදි ,ඇගයීමක් තුලින් එම නාට්‍යයට හිමි තැන ,එහි අගය හා වටිනාකම තක්සේරු කිරිමය. එමෙන්ම නාට්‍ය විචාරකයා විසින් එම නාට්‍යයේ අන්තර්ගතය , තේමාව ,කතා වස්තුව හා සන්දර්භය පිළිබදව විග්රහ කල යුතුය. මෙහිදි නාට්‍ය මගින් ප්‍රේක්ෂකයා වෙතට නාට්‍ය අධ්‍යක්ෂකවරයා ලබා දීමට අපේක්ෂා කර ඇති අනන්‍යතාවය පිළිබදව විචාරකයාගේ අවධානය යොමු කල යුතු අතරම එය කොතෙක් දුරට අධ්‍යක්ෂකවරයා විසින් සාධාරණියකරණය කර ඇත්දැයි අවබෝධයෙන් යුක්තව ක්‍රියා කල යුතුය.
බොහෝවිට නාට්‍යකරුවා විසින් තම නාට්‍යය තමාගේ ම අත්දැකිම් ඔස්සේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස හෝ අනුවර්තන හෝ පරිවර්තන නාට්‍යයක් ලෙස ඉදිරිපත් කල හැකිය. එමෙන්ම එහි මුල් කෘතිය කුමක්ද? රචකයා කවරෙක්ද ? යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් ඒ පිලිබදව දැනුවත් කරමින් නාට්‍ය විචාරකයා විසින් එහි ඇති කරුණු ගොනුකොට දැක්විය යුතුය. නිවැරදිභාවයට පටහැනි බවක් දක්වා තිබේද? එසේ නැතිනම් , එහි නිර්මාණ ක්‍රියාවලිය තුල නාට්‍ය අධ්‍යක්ෂකවරයා දක්වා ඇති සාධාරණිකරණය ඉතා සාර්ථක අන්දමින් සිදුකර තිබේද? යන්න දක්වාලීමද නාට්‍ය විචාරකයාගේ වගකීමක් හා යුතුකමක් වනු ඇත. එමෙන්ම නළු නිළියන් තම චරිත නිරූපණය කිරීමේදි එම චරිත නිරූපණය ඒ ඒ නාට්‍යයේ කථා තේමාවට අනුව සාර්ථකව සහ එම චරිතයන්ට සාධාරණිකරණයක් ඉටු කරන්නේද යන්න නිශ්චය කිරීම ද ඉතා වැදගත් කරුණකි.
එමෙන්ම නාට්‍යයක් නිර්මාණය කිරීමේදි අනුෂංගික අංශ පිළිබදව සොයා කටයුතු කිරිම අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධාන වගකීමක් සේ සැලකෙයි. එකී අනුෂංගික අංශ නිවැරදිව යොදාගෙන ඇද්ද යන්නත් , එහි ඇති අඩුපාඩු සහ ඒවා නිවැරදි කරගත යුතු ආකාරය පිළිබදවත් දැනුවත් කිරීම හෝ එසේ නැතිනම් ඒවා නිවැරදිව කර තිබේනම් එහි අඩුපාඩු නොමැති බව දැක්වීම ද නාට්‍ය විචාරකයා විසින් පෙන්වාදීම හොද විචාරකයෙකුගේ ලක්ෂණයකි.
නාට්‍ය නැරඹීමෙන් ප්‍රේක්ෂකයා ලබන රසය හා දැනීම පිළිබදව ද, නිවැරදි හා සාර්ථක බව පිළිබදව ද කරුණු දැක්වීම නාට්‍ය විචාරකයා විසින් කල යුතු වේ. මේ ආදි කරුණු පිළිබදව වටහා දෙමින් සහ අඩුපාඩු පිලිබදවද පැහැදිලි කරමින් එම අඩුපාඩු මගහරවා ගැනීමට ගතයුතු පියවරවල් සහ එයින් ප්‍රේක්ෂකයාට හොද නාට්‍ය රසවින්දනයක් ලබා ගැනීමට හැකියාව ඇතිවන පරිදි දැනුවත් කිරීමක් ලබාදීමට නාට්‍ය විචාරකයා කටයුතු කළ යුතුය.
එසේ ම අධ්‍යක්ෂකවරයාට කරුණු පමණක් ඉදිරිපත් කිරීමෙන් තමා කරනු ලබන විචාරය සිදු නොකර එහි ගුණදොස් පිළිබදව මෙන්ම ඒවා නිවැරදි විය යුතු බව තර්කානුකූලව හා පිළිගත හැකි පරිදි යෝජනා කිරීම නාට්‍ය විචාරකයා විසින් සිදුකිරීම තුලින් නිවැරදි විචාරයක් ගෙන ඒමට හැකියාව ලැබේ.