තනි පද - උසස්පෙළ සිංහල

තනි පද

මම අද ඔයාලට දෙන්න හදන්නෙ තනි පද ටිකක්. තනි පද කියන්නෙ වචන කිහිපයකින් කියැවෙන දෙයක් තනි පදයකින් දැක්වීමයි. මම ඒ වගේ වචන 90ක් අද ඔයාලට දෙන්නම්. මේ දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව.

 

තනි පද (ඡත්‍ර පද)

 

  1. හොර බොරු වංචා නොකියන - අවංක
  2. මුලින්ම ගෙඩි හටගත් - නාඹුල්
  3. හිස නැති මළ කද - කවන්ධ
  4. සම්පූර්ණයෙන් වසා දමන ආවරණය - පිරිවැස්ස
  5. ප්‍රශ්ණයක් මතු වූ  විට ජනතාව නගන හඩ - උද්ඝෝෂණය
  6. අශ්වයාගේ හඬ - හේෂාරාවය
  7. දෙවතාවක් උපත ලැබූ - ද්විජ
  8. බුදු කෙනෙකුන් නැතිව ගෙවෙන නරක කාලය - අබුද්දස්ස කා‍ලේ
  9. රජ කෙනෙකු නොමැති කාලවකවානුව - අරාජක
  10. තද අව්ව ඇති විට පොළව මතුපිට ජලය මෙන් පෙනෙන්න තිබෙන චායාව - මිරිගුව
  11. ජල‍යේ උපන් - ජලජ
  12. ජලයේ හැසිරෙන - ජලචර
  13. ආකාශයේ හැසිරෙන - ආකාශචාරී
  14. රාත්‍රී කාලයේ හැසිරෙන - නිශාචර
  15. වනයේ හැසිරෙන - වනචර
  16. තමන්ගේ යහපත ගැන පමනක් සිතන - ආත්මාර්ථකාමී
  17. අනුන්ගේ යහපත ගැන සිතන - පරාර්ථකාමී
  18. අනුන්ගෙන් යැපෙන - පරපුටු
  19. අත් සයක් ඇත්තෝ - සවන්
  20. ආහාර හිග කාලය - දුර්භික්ෂය
  21. අනුන් කරන දෙය කරන්නා - අනුකරණය
  22. පා නොමැති - අපා
  23. ඇතාගේ නාදය - කුංචනාදය
  24. අශ්වයා පිට ගමන් කරන්නා‍ - අසරුවා
  25. වෙනත් දේශයකට අයත් - විජාතික
  26. ලී වලින් කරන ලද   - දැවමය
  27. සතුන් බලා ගන්නා තැනැත්තා      - එඩේරා
  28. සපත්තු මසන්නා     - සපතේරුවා
  29. සියල්ල දන්නා වූ - සර්වඥ
  30. සැමදාම කොළපාට ගෙන තිබෙන - සදාහරිත
  31. හිරු උදාවීමට පළමුව දැකිය හැකි ආලෝකය - අරුණළු
  32. රටක් බලයෙන් අල්ලා ගැනීම - ආක්‍රමණය
  33. රෙදි වියන,මහන තැනැත්තා - සන්නාලියා
  34. යකඩින්ම සාදා ඇති දම්වැල - යදම
  35. යමක් දැන ගැනීමේ ආශාව - කුතුහලය
  36. යකඩින්ම කරන ලද දොර - යදොර
  37. මොනරාගේ නාදය - කේකාරාවය
  38. මෑ,බෝංචි වර්ග අයත් ශාක කුලය - රනිල
  39. මුහුද පතුලේ ඇති ගැඹුරු ම විශාල ප්‍රදේශය - ආගාධය
  40. මඩෙහි උපන් - පංකජ
  41. මහන වී සිට සිවුරු හරින ලද - උපැවිදි
  42. බිත්තරයකින් උපන් - අණ්ඩජ
  43. බොහෝ කාලයක් පවතින - චිරස්ථායි
  44. ප්‍රමාණය කළ නොහැකි - අපරිමිත
  45. පුස්කොළෙහි අකුරු ලියන කූර - පන්හිද
  46. අනුන්ගෙන් පෝෂණය වන - පරපපෝෂිත
  47. අනුශාසනා දෙන තැනැත්තා - අනුශාසක
  48. පිනට කැමති - පුණ්‍යකාමී
  49. පාරවල් දෙකක් එකට හමුවන තැන - දෙමංසල
  50. කටට ආ දේ කියන - වාචාල
  51. කන්දක් මැදින් වැටී ඇති දුෂ්කර පාර ‍- ගිරිදුර්ගය
  52. කළගුණ නො සලකන්නා - අකෘතඥයා
  53. උපසම්පදා නොවූ භික්ෂුව - සාමණේර
  54. පාර සොයා ගැනීමට නොහැකි - මංමුළා
  55. නිදා ගැනීමට ඇති කාමරය - සයනාගාරය
  56. නැව්වල බඩුවලට බදු අය කරන ස්ථානය - රේගුව
  57. නිතර කථාවෙහි ඇළුණු - දොඩමළු
  58. ගසක මැද තිබෙන තද කොටස - අරටුව
  59. ගනුදෙනු කාරයන් අතර සිට ලාභ ලබන අය - තැරැව්කරුවන්
  60. දිරා ගිය කිලිටි ඇදුම් - වැරහැලි
  61. තමන්ට අයිති - ස්වකීය
  62. ජීවිතය ඇති තාක් කල් - යාවජීව
  63. දිනපතා පැවැත්විය යුතු - දෛනික
  64. තේරුම් ගැනීමට ඉතා අමාරු - ගැටළු
  65. බොහෝ දුර කල්පනා කරන - දූරදර්ශී
  66. කිසිවෙකුට දෙවෙනි නොවන - අද්විතීය
  67. ජාතිය කෙරෙහි ඇති ඇල්ම - ජාත්‍යාලය
  68. රිදියෙන් කරන ලද - රජතමය
  69. බලා‍පොරොත්තු නොවු කරදරයකට මුහුණ දීමට සිදුවීම - අකරතැබ්බය
  70. හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම - අත්තනෝමතික
  71. දිය පිරී ගිය මඩවගුර - වතුරාව
  72. ඉතා අඩු ඇසු විරූ දේ ඇති - අල්පශෘත
  73. වැඩකට නොමැති හිස් බස්- ප්‍රලාප
  74. මත්පැන් පෙරන ස්ථානය - ස්කාගාරය
  75. සිතූ පැතූ සම්පත් දෙන මැණික - සිතුමිණ
  76. කාන්තාරයේ ඇති සාරවත් බිම් කොටස - ක්ෂේමභූමිය
  77. සතුට උදෙසා දෙන තෑග්ග - පාරිතෝෂිතය
  78. තාපසයන් වාසය කරන ස්ථානය - අසපුව
  79. කවි තැනීමට නොහැකි - කුකවි
  80. කිසිදා නොදිරන - අජරාමර
  81. පොළව පාලනය කරන - භූපල්
  82. වීදුරුවෙන් කළ - වජ්‍රමය
  83. බලාපොරොත්තු කඩ වීම - ඉච්ඡාභංගත්වය
  84. පැයක කාලය - හෝරාව
  85. විවාහ වී දරුවන් නොලද ස්ත්‍රිය - වදකත
  86. පවුලක මුලින්ම උපන් - කුළුදුල්
  87. උසට සරිලන මහත ඇති - ආරෝහ පරිනාහ
  88. සුබෝපභෝගයෙන් තොර - නිරාමිෂ
  89. එක් පක්ෂයකට බරව කටයුතු කරන - පක්ෂග්‍රාහී
  90. දෙව් මිනිසුන් සහිත - සනරාමර