සමාන වචන 3
- නොපෙනී - අතුරුදහන්, අන්තර්ධාන, අදර්ශන, අදෘශ්‍යමාන, අතුරුදන්
- සිංහයා - සිහ,සීහ, කෙසරිදු, මිගිදා, සී
- අවධිය - සමය, යුගය, වකවානුව, කාලසීමාව
- ආරංචි - පුවත්, ප්‍රවෘත්ති
- පාවිච්චිය - පරිභෝජනය, පරිශීලනය
- මෘදු - මොලොක්, මෙලෙක්, සියුමැලි
- වචන - වාග්,වාං, වදන්, පද
- කනවා - බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා
- කරදර - උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා,
- ප්‍රීතිය - සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය,
- උදව්ව - උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර,
- සමූහය - කැන,රැස, රාශිය
- උපත - ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය,
- දියුණුව - ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම
- ස්වාමිපුරුෂයා - සැමියා, හිමියා, බරුවා, වල්ලභයා, ස්වාමියා
- වාඩිවෙන්න - ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න
- බෙල්ල - ගෙල, ග්‍රීවය, බොටුව, කුළල
- රැකියාව - රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය, වෘත්තිය
- කණ්ඩායමක් - රංචුවක්, රොත්තක්, රැලක්, සමූහයක්, පිරිසක්, රෑනක
- මිනිස්ලොව - මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව
- වැටුප - චේතනය, පඩිය
- නිශ්ශබ්ද - නිහඩ, නිසල, නිසසල, නිශ්චල
- උගත් - පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත
- නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
- පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
- ගින්දර - අග්නි, ගිනි
- වගේ - වැනි,මෙන්, සේ,ලෙස, වත්,එව්
- ගල් - සෙල්, ශිලා. ශෛල, පාෂාණ, පහණ්
- හිගන්නා - යාචකයා, යදියා
- විරල - දුර්ලභ, දුබල, අඩු
- ලාම්පුව - ප්‍රදීපය, පහන, පාන
- දැහැමි - ධාර්මික, ධර්මිෂ්ඨ
- නොයෙක් - අනෙක, නොයෙක්, නෙක,නන්
- ගමන - චාරිකාව, සංචාරය
- සේයාරුව - පින්තූරය, ඡායාරුව
- ආශ්‍රය - ඇසුර, සේවනය
- ඔපමට්ටම් - මටසිලිටු. සුමට
- ඔටුන්න - කිරුළ, කිරීටය, ක්‍රීටය
- කපුටා - කාක්කා, කවුඩා
- ආදරය - සෙනෙහස, ස්නේහය, ඇල්ම
- කොහා - කොවුලා, කෝකිලයා
- දුප්පත් - දුගී, දිළිදු, නිර්ධන, දරීද්‍ර, නිවත්
- නුසුදුසු - නොගැලපෙන, නොමනා. නොහොබිනා, නොනිසි, අයෝග්‍ය
- පුරසාරම් - පුරාජේරු, පම්පෝරි
- අවනම්බුව - අපහාසය, අපකීර්තිය. අගෞරවය, නින්දාව
- අවවාද - ඔවදන්, ඔවා
- නියෝගය - අණ, නියමය, විධානය, ආඥාව
- බියසුළු - බියගුලු, බයාදු, බය
- සුබ - හොද, යහපත්, වාසනාවන්ත
- ශක්තිය - වීර්යය, වෙර
- ඊතලය - ඊය,හීය
- බොරු - ව්‍යාජ, මුසා, අසත්‍ය
- උපක්‍රමශීලී - උපායශීලී, ප්‍රයෝගශීලී
- හපනා - ශූරයා, සමතා, සමර්තයා, දක්ෂයා
- මුවා - මිග,මෘග
- අඩක් - භාගයක්, අර්ධයක්
- දබරය - රණ්ඩුව, හබය, කෝළාහලය, සණ්ඩුව
- තේරුම - අදහස, අර්තය, අරුත
- කොණ්ඩය - වරල, මුහුල. කෙස්, හිසකෙස්, ඉසකේ
- සිතුවිලි - අදහස, චේතනාව
- සැලෙන - හෙල්ලෙන, සෙලවෙන, චංචල, කම්පිත
- අමාරු - අපහසු, දුෂ්කර, උගහට
- බළලා - පූසා, බිළාලයා
- සෙබලා - සොල්දාදුවා, භටයා, හේවායා, බළයා
- නපුරු - කුරිරු, කෘර, දුෂ්ට, සැහැසි. දරුණු
- මුදුන - කූටය, කුළ
- නිර්භිත - අභීත, නිර්භය, එඩිතර
- ගෙහිමියා - ගෘහමූලිකයා, ගෘහපතියා, කෙළෙඹියා
- තවුසා - තාපසයා
- තාප්පය - පවුර, ප්‍රාකාරය
- ජනපදය - ජනාවාසය, දනව්ව
- විඩාව - වෙහෙස, මහන්සිය
- පියාපත් - අත්තටු, තටු,පියා
- නිසරු - නිස්සාර, අසරු. අසාර, නිශ්‍රික
- මීමා - මීහරකා
- බමන - කැරකෙන
- මොළය - මස්තිෂ්කය
- ගෝනුස්සා - නුහුසුවා
- ජෝඩුව - යුවළ, දෙක, සගල, යුගල
- සිනහව - හිනාව, හාස්‍ය
- පුද්ගලයා - තැනැත්තා
- ඇතුළ - අභ්‍යන්තරය, තුළ
- පෘෂ්ඨය - මතුපිට, මුහුණත
- පොකුණ - තඩාගය, තටාකය, පුෂ්කරණි
- අදක්ෂ - නොහැකි, අසමත්
- කෙට්ටු - කෙසග, දිරාපත්, වැහැරුණු
- අප්‍රමාණ - අසීමිත, අමිත, අපමන
- පිපෙයි - විකසිතවෙයි, ප්‍රබෝධවෙයි, මිණිමුතුවෙයි, පුබුදුවෙයි
- රෝසමල - සෙව්වන්දි
- තාප්පය - ප්‍රාකාරය, පවුර
- ලංකාව - සිරිලක, ශ්‍රී ලංකාව, ලක්දිව, හෙලදිව, ලංකාද්වීපය
- වියදම - වැය, ගෙවීම
- තෝ - යුෂ්මතා, නුඹ, ඔබ
- බෞද්ධ - බොදු, බුද්ධාගම්කාර
- මැලියම් - ලාටු, ගම්
- වෙළද - වාණිජ, වාණිජ්‍ය
- අනංගයා - මල්සරා, මදන, මලවි, පන්සැර, මින්දද
- පවුකාර - පාපිෂ්ඨ, පාපකාරී
- පස්වරු - අපරභාග
- පෙරවරු - පූර්වභාග
- අනුග්‍රහය - උපකාරය, අනුමැතිය
- විදුහල්පති - විද්‍යාලයාධිපති, මුල්ගුරු, ප්‍රධානාචාර්ය, පදනැදුරු
- මත්පැන් - මද්‍යසාර, රහමෙර, සුරා
- ඇඹුල් - අම්ල,
- ශ්‍රමණ - සමණ, මහණ
- නිවන - නිර්වාණය, මෝක්ෂය, මොක්පුර
- අසන්න - අහන්න, කන්දෙන්න, විමසන්න, සවන්දෙන්න
- අලවංගුව - ගල්ඉන්න, නාරස්නය
- ශක්‍රයා - සුරපති, පුරන්දර, සහසැල්, සහස්නෙත්, සුරිදු, ඉන්ද්‍ර, විදුරවි
- ඊෂ්වර - තිනෙත්, මහෙසුරු, මහේෂ්වර
- අනාවැකිය - සාත්තරය
- බුදුන් - මොකැදුරු, තිලෝගුරු,දම්රද, මරරුපු, මුනිදු, දියනා, දම්රද
- සැතපුම - හැතැප්මය, මයිල
- නිශ්පාදනය - නිපැයුම, නිර්මාණය
- ලනුපට - රැහැන, වරපට
- ඡායාව - සෙවනැල්ල, ප්‍රතිබිම්බය, සේයාව
- රාජ්‍ය - රජය, ආණ්ඩුව
- කවිය - කාව්‍ය, සිව්පදය, කව