දවුල පිළිබඳ තොරතුරු විමසමු.

දවුල පිළිබඳ තොරතුරු විමසමු.

සාම්ප්‍රදායික වාදය බාණ්ඩ ලෙස හදුන්වනු ලබන්නේ ගැටබෙරය, දෙවොල් බෙරය, දවුල, තම්මැට්ටම, උඩැක්කිය, රබාන සහ තාලම්පට උඩරට, පහතරට හා සබරගමු යන සම්‍රදායන්ට ආවේණික වූ භාණ්ඩයන්ය. ඉහත සඳහන් කළ භාණ්ඩ අතරින් සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුලදීර්ඝ ඉතිහාසයක් ඇති වාද්‍ය භාණ්ඩයකි. පුරාතනයේ සිට අගමික අවස්ථාව තේමා හේවිසි වාදන පෙරහර සඳහා මෙන්්ම සන්නිවෙදන කාරයටද දවල භාවිත කරයි.උදාහරණ වශයෙන් හේවිසි, අණබෙර. මලබෙර, රණබෙර දැක්විය හැකිය.මේ සෑම අවස්ථාවකම දවුල් වාදනය ප්‍රධාන වන අතර සමහර අවස්ථාවල තම්මැට්ටම හා හොරණෑවේ සහය වාද්‍ය භාණ්ඩ ලෙස යොදා ගෙන ඇත.

දඹදෙණි අස්නෙහි ලෝ්හ දවුල්, ජින දවල්, මහ දවුල්,... වශයෙන් දවුල් වර්ග කිහිපයක් නම් කර ඇත. ලංකාවේ ඉපැරණි ජන කොටසක්වන වැදි ජනයා අතර පවතින්නේ ද දවුලට සමාන සිලින්ඩාකර බෛරයකි.

සබරගමු නර්තන සම්ප්‍රදාය සඳහා දවුලට මාන බෙර වර්ග ආසියාවේ වෙනත් රටවලද බෙහෙවින් දැකිය හැකිය. කෙසේ වෙතත් දවල අපට ආවේණික සංස්කෘතියට අනව සකස් කරගෙන සාදා ඇත. දවල සැමට මුලිකව ගස කැපීමද සුබ මූර්තියෙන් කරන ආකාරද පහත කවියෙන් විස්තර කෙරේ.

ඇසලය පහළොස්වක දා

එදා මිල්ලපේ කරප එදා

නියමිත සිත මොහොත එදා

දවුලට කද කැපුව එදා

මේ ආකාරයට සුබ මොහෙතින් ඇහැළ, කොහොඹ, මිල්ල, කිතුල් ආදී ගසක වට ප්‍රමානය අගල් 45 ක් වන කදක් දිගින් අගල් 15ක ප්‍රමාණයට ගෙන සකස් කර ගැනේ. ඒ පිළිබඳ දවුල් උපතේ සඳහන් වන්නේ මේ අයුරිනි.

කද දිග පසලොස් අගුණේ

වට 45ස් අගුණේ

ඒ දැක රුසි නියම කළේ

මේ ලෙස නියමයි දවුලේ

මේ අයුරින් සකස් කරගන්නා ලද දවුල් කදට යොදන ඇස සකස් කර ගන්නේ හරක් හම් හෝ එළු හම් හෝ භාවිත කරමිනි. එළු හම් හෝ හරක් හම් හෝ පැය කිහිපයක් (පැය 02 ක් හෝ 03 ක් ) කාලයක් ජලයෙහි පොගවයි. එම සම මෘදු තත්වයට පත් කර ගෙන හොඳින් ඇඳ බෙර කදෙහි ඇති කහරය වැසෙන සේ තබා ප්‍රමිතියට අනව අවශ්‍ය ආකාරයට බැද දවුල සකස් කර ගනී.මෙසේ සක්ස් කරගත් දවුල අත් වාද්‍ය භාණ්ඩ වලට වඩා විශේෂයක් දක්වන තවත් හේතවකි. එක් පැත්තක් අතින් හා අනෙක් පැත්ත උපකරණයක් භාවිත කරමින් වාදනය කිරීම අනෙක් සියලුම භාණ්ඩ වාදනයට ශිල්පීන් යොදා ගන්නේ තම දෑත් පමණි. නැතහොත් උපකරණ පමණක් යොදා ගනී. උපකරණය හදුන්වන්නේ කඩිප්පුව නමිනි. එබැවින් පංචතූර්ය වර්ගීකරණයේ විත තාතත වර්ගයට දවුල අයත් වේ. කඩිප්පුව සෑදීම සඳහා ඇට්ටේරියා වැනි ගස්වල කෝටු උපයෝ්ගී කර ගැනේ. පහත දැක්වෙන්නේ දවුල හා කඩිප්පුව දැක්වෙන රූප සටහනකි.

ඒ වගේම මෙම දවුල ඉතිහාසයේ දැක්වෙන්නෙ මහා සම්මත මනු රජ සමයේය.

තවත් දවුල් පද කිහිපයක් පහත දැක්වේ.

  • ජෙන්ගත්, ජෙන්ගත්, ජෙං ජෙං තා
  • කුකුඳ ගතිත ගත කරිකිට කුංදත් දිරිකිට කුංදත්
  • කිටිතක දොමිකිට ජෙං තක දොමිකිට

දවුලෙහි කොටස් පහත පරිදි වේ.

  1. වුල වාදනය කරන උපකරණය කඩිප්පුව වේ.
  2. දවුලේ හඬ නිපද වීමට දවුල් කට්ටුව යොදා ගැනේ.
  3. දවුල් තට්ටුව වටේට දවුල් ගැටය යොදා ඇත.
  4. ලී වලින් කර ඇති කොටස දවුල් කඳ නම් වේ.
  5. වාදනය සඳහා ඉණේ බැදගන්නා ලනුව දවුල් ලණුවයි.

පහත දැක්වෙන්නේ දවුලේ කොටස් නම් කර ඇති රුප සටහනකි.

පහත දැක්වෙන රූපයේ සදහන් වන්නේ දවුල් බෙරය වානය කරන වාදකයෙකි.

ඒමෙන්ම මෑත කාලයේදී මුදල් නෝට්ටුවක් සටහන් වන මල් පද නැටුම හා එහි නැටුම් කරුවකු හා දවුල් බෙර වාදකයෙක් පහත රූප සටහනින් දැක්වේ.

 


කතෘ : dilmi diwmini
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 12,545
කැමති ගණන : 0




Ayesha Reline
මරු
2022 07 31 19:57:47