ස්වභාවික පරිසරයට අනුකුලව ඉබේ වැඩෙන ශාක ස්වභාවික වෘක්ෂලතා වේ.
වෘක්ෂලතා කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ලෙස දේශගුණය,පස,භුමියේ ස්වභාවය,මානව ක්‍රියාකාරකම් හදුන්වා දිය හැකිය.
වනාන්තර වල ස්වරුපය වෙනස් වීම කෙරෙහි අක්ෂංශික පිහිටීම හා ඒ අනුව ඇති වී තිබෙන දේශගුණික රටාවන් බලප ඇත.
ලෝකයේ භූමියෙන් 29% ක් වනාන්තර වලින් වැසී ඇත.
දේශගුණය හා වෘක්ෂලතා වල ලක්ෂණ අනුව ලෝකයේ ප්‍රධාන වනාන්තර වර්ග 03 ක් හදුනාගෙන ඇත.
1.නිවර්තන වනාන්තර (නිවර්තන වර්ෂා වනාන්තර/මෝසම් වනාන්තර)
2.පතනශීලි වනාන්තර
3.කේතුධර වනාන්තර
වනාන්තර වලින් ඇති ප්‍රයෝජන
1.පාංශු ඛාදනය අවම කිරීම හා පසේ සාරවත් බව ආරක්ෂා කිරීම.
2.භූගත ජල ගබඩාව ආරක්ෂා කිරීම.
3.පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වීම.
4.ජෛව විවධත්වය රක ගැනීමට උපකාරී වීම.
5.මිනිසාට අවශ්‍ය දැව ඉන්ධන සපයා ගත හැකි වීම.
6.ඖෂධ ලබා ගැනීම හා වනද්රව්ය එක්රැස් කිරීමට ඉඩ සැලසීම.
7.සමහර කරමන්තවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය සැපයීම.
වනාන්තර අධික පරිහරණය නිසා පන නැගී ඇති ගැටළු
1.වටිනා ශාක විනාශ වී යාම.
2.පාංශු ඛාදනය
3.ලැව් ගිනි හට ගැනීම
4.සතුන්ට වාසස්ථාන හා ආහාර නැති වීම.
5.ඖෂධ ද්‍රව්‍ය විනාශ වී යාම
6.ජෛව විවිධත්වය විනාශ වී යාම
7.ජලය නොමැති වීම
8.පරිසර සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකි වීම.
වන සම්පත සංරක්ෂණය කිරීමට ගත හැකි පියවර
1.ජනතාව දැනුවත් කිරීම
2.හානිය අවම වන පරිදි භාවිත කිරීම
3.හැකි සැම විටදීම දැව වෙනුවට අදේශකයන් භාවිතා කිරීම
4.නැවත වන වගාව
5.නීතිමය ක්‍රියා මාර්ග අනුගමනය කිරීම
6.ගින්නෙන් ආරක්ෂා කිරීම
7.කෘමි උවදුරු වළකාලීම
8.රක්ෂිත වනාන්තර ඇති කිරීම
ලෝකයේ ස්වභාවික පරිසර පද්ධති අතර වනාන්තර වලට වැදගත් තැනක් හිමිවේ.පාරිසරික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද ලෝකයට වැදගත් වේ.ලෝකයේ වන සම්පත මිනිස් කටයුතු වල බලපෑම හේතු කොට ගෙන ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී.බොහෝ ප්‍රදේශ වල අද දක්නට ඇත්තේ ද්විතික වනාන්තර වන අතර දකුණු ඇමෙරිකාවේ ඇමේසන් හා අප්‍රිකාවේ කොංගෝ වැනි ප්‍රදේශ වල මුලික වනාන්තර තවමත් ඇත.වනාන්තර වන ජිවින්ගේ නිවසයි.අපරික්ෂාකාරී මානව කටයුතු හමුවේ වනාන්තර විනාශ කිරීම දැඩි පාරිසරික ප්‍රශ්න රාශියක් නිර්මාණය කරයි.කෙසේ වුවත් වනාන්තර රැක ගත යුතුම සම්පතකි.
ශ්‍රී ලංකාවේ වනාන්තර
අප ජිවත් වන පරිසරයේ මනා පැවැත්ම රදා පවතින්නේ එම පද්ධතියේ පවත්නා ජීවි,අජීවී,සංඝඨක වල තුලනාත්මක පැවැත්ම මතය.ඒ අනුව ස්වභාවික වනාන්තර ජිවින්ගේ පැවැත්මට අත්‍යවශ්‍යය.
රටක භුමි ප්‍රමාණයෙන් අවම වශයෙන් 35% ක් වත් පමණ වන වැස්මක් තිබිය යුතු අතර අද අප රටේ පවතින ප්‍රමාණය එයින් 20% පමණ වේ.
වනාන්තර වර්ග හා ව්‍යාප්තිය
1.නිවර්තන තෙත් සදාහරිත වනාන්තර
2.වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර
3.අතරමැදි සදාහරිත වනාන්තර
4.කදුකර වියලි කලාපීය වනාන්තර
5.කදුකර තෙත් කලාපිය වනාන්තර
6.කටු පදුරු හා ළදු කැලෑ
ජෛව විවිධත්වය අතින් තෙත් කලාපිය වැසි වනාන්තර ඉතා පොහොසත්ය.ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාක විශේෂ වලින් 90%ක් ආවේණික ශාක වලින්ද 75%ක් අවේනික සතුන්ගෙන්ද සමන්විතය.
ලංකාවේ සුවිශේෂී වූ වනාන්තර කිහිපයක්
1.කන්නෙලිය
2.දෙදියාගල
3.නාකියාදෙණිය
4.සිංහරාජය
5.හෝටන් තැන්න
6.නක්ලස්
7.වස්ගමුව
8.රිටිගල
වියලි කලාපිය වනාන්තර අතුරින් රුහුණු ජාතික වනෝද්‍යානය ශාක හා සත්ව විවිධත්වය අතින් පොහොසත්ය.වියලි කලාපිය වනෝද්‍යාන ශාක හා සත්ව විවිධත්වය අතින් අඩු මට්ටමක් පෙන්නුවද විශාල ක්ෂිරපායින්ට වාසභූමි සැලසීම අතින් වැදගත් වේ.විවිධ හේතු නිසා වන විනාශය සීග්‍රයෙන් සිදු වීමට විවධ මානව ක්‍රියාකාරකම් දායක වේ.එම නිසා වන සංරක්ෂණයට පෙලබිය යුතුය.
උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි)
(විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)