ආයුබෝවන්.
Arduino පාඩම් මාලාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේලිපියෙන් කැමතියි Arduino ගැන කෙටි හැදින්වීමක් කරන්න. මෘදුකාංග සහ දෘඪාංග ඒ කියන්නේ hardware සහ software ලෙසියෙන් සහ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් open-source electronics platform එකක් තමයි මේ Arduino කියලා කියන්නේ. Arduino open-source නිසා ඔනෙම කෙනෙකුට වයස් බේදයකින් තොරව hardwares සහ softwares සංවර්ධනය කරන්න එහෙමත් නැත්නම් Develop කරන්න අවස්තාව තියනවා.
Arduino සදහා තියන ඉල්ලුම නිසාත් ඒ වගෙම open-source වන නිසාත් Arduino board එකට අවශ්‍ය input සහ output devices ඉතා අඩු මිලකට අපට ලබාගන්න පුළුවන් කමක් තියනවා. Arduino open-source වන නිසාම මේ ගැන ඉගෙන ගන්න ඕන තරම් ලිපි අන්තර්ජාලය ඔස්සේ අපට ලබා ගැනීමේ හැකියාව තියනවා. ඒ වගේම මේ සම්බන්ධව කිසියම් හෝ ගැටළුවක් ආවොත් ඒකට අවශ්‍ය විසදුම් පවා අපට අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්කමක් තියනවා.
හොදයි දැන් අපි බලමු මොකක්ද මේ Arduino board එක කියලා. ඇත්තමට Arduino board එකක් නෙමේ Arduino board කිහිපයක්ම අපට දැකගන්නට පුළුවන්. ARDUINO UNO, ARDUINO MICRO, ARDUINO NANO, ARDUINO LEONARDO, ARDUINO ROBOT, ARDUINO MEGA, ARDUINO DUE, ARDUINO PRO වැනි boards හදුන්වා දෙන්න පුලුවන්. මෙම පාඩම් මාලාවෙන් අපි Arduino මූලික දැනුම ඔබට ලබා දෙන්නට බලාපොරොත්තුවන නිසාම මෙම පාඩම් මාලාවට ARDUINO UNO board එක විතරක් අපි භාවිතා කරනවා. අවශ්‍ය උනොත් එහෙමත් නැත්නම් ඉල්ලුම මත අනෙකුත් boards ගැන කතා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
හොදයි මේ තියෙන්නේ ARDUINO UNO board එක.
https://www.arduino.cc/en/Main/ArduinoBoardUno
මේ board එකේ ක්‍රියාකාරිත්වය සදහා ලබා දියයුතු නිර්දේශිත Voltage අගය 7-12 ත් අතර වන අතර chip එකේ ක්‍රියාකාරීත්වට සදහා Voltage 5 ක් තිබිය යුතුයි. මේ board එක ඇතුලෙ තියෙන්නේ Atmel Corporation එක විසින් නිර්මාණය කරපු ATmega328P Microcontroller එකයි. Digital I/O Pins 14 ක් තියන අතර එයින් Pins 6 ක් Pulse width modulation විදියට භාවිතයට ගත හැකියි. ඒ කියන්නේ analog output හෝ analog input ලෙස භාවිතා කල හැකි. Clock Speed එක 16 MHz කුත්, Flash Memory එක 32 KB කුත්, 2 KB ක SRAM (static random access memory) කුත් මෙම chip එකේ දකින්නට පුළුවන්. වැඩි විස්තර පහත වගුවෙන් දැකිය හැකියි.
Microcontroller | ATmega328P |
Operating Voltage | 5V |
Input Voltage (recommended) | 7-12V |
Input Voltage (limit) | 6-20V |
Digital I/O Pins | 14 (of which 6 provide PWM output) |
PWM Digital I/O Pins | 6 |
Analog Input Pins | 6 |
DC Current per I/O Pin | 20 mA |
DC Current for 3.3V Pin | 50 mA |
Flash Memory | 32 KB (ATmega328P) of which 0.5 KB used by bootloader |
SRAM | 2 KB (ATmega328P) |
EEPROM | 1 KB (ATmega328P) |
Clock Speed | 16 MHz |
LED_BUILTIN | 13 |
Length | 68.6 mm |
Width | 53.4 mm |
Weight | 25 g |
අපි ලියන software එක මෙන්න මේ chip එක ඇතුලට තමයි save කරගන්නෙ. ඔයාලට අවශ්‍ය software එක මෙම chip එකට save කරලා වෙනම circute board එකකට සවිකරගන්න පුළුවන්.
Arduino board එක ගැන කතා කරනකොට Arduino IDE එක ගැනත් අපි කතා කරන්න ඔනේ. ඔයාලට Arduino IDE එක මෙන්න මේ ලින්ක් එකෙන් https://www.arduino.cc/en/Main/Software download කරගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා Arduino IDE එක ඔයාලට තනියම download කරගෙන install කරගන්න පුළුවන් ඇති කියලා. Arduino IDE එක ගැන වැඩි විස්තර ඊලග ලිපියෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග කතා කරමු.