ප්‍රාග් ඓතිහාසික යුගය - 3 - සාමාන්‍යපෙළ ඉතිහාසය

ප්‍රාග් ඓතිහාසික යුගය - 3


ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගෙන තිබෙන ගෙන තිබෙන ප්‍රාග් ඓතිහාසික ස්ථානවල නාමාවලියක් මෙසේ ඉදිරිපත් කළ හැක

♦ එලිෆන්ට්පාස්
♦ ත්‍රිකුණාමලය
♦ විල්පත්තු
♦ අනුරාධපුරය
♦ පොම්පරිප්පු
♦ කලාඔය
♦ කලාඔය
♦ වනාතවිල්ලු
♦ කන්දකාඩු
♦ ත්‍රිකෝණමඩු
♦ පොලොන්නරුව
♦ පලාවි
♦ දිඹුලාගල

♦ පුත්තලම
♦ ආණමඩුව
♦ ආඬිගම
♦ බංගදෙනිය
♦ හලාවත
♦ දඹුල්ල
♦ තම්මැන්නාගල
♦ පිදුරංගල
♦ අලිගල
♦ මාපාගල
♦ පොතාන
♦ අලකොළවැව
♦ වෑවල
♦ කලුදියපොකුණ
♦ මහනුවර
♦ පේරාදෙණිය
♦ දානිගල
♦ හේනේබැද්ද
♦ නිල්ගල
♦ බිබිල
♦ ගම්පොල
♦ මඩොල්සියම
♦ වැලිමඩ
♦  පූඩලුඔය
♦ නාවලපිටිය
♦ කිතුල්ගල බෙලිලෙන
♦ බෙලිලෙන අැතුල
♦ අවිස්සාවේල්ල
♦ බියගම
♦ කැලණිය
♦ කොළඹ
♦ මල්වාන
♦ ගැටහැත්ත
♦ බටදොබලෙන
♦ දිඹුල
♦ දික්ඔය
♦ සමනල කන්ද
♦ මස්කෙළිය
♦ නුවරඑළිය
♦ බණ්ඩාරවෙල
♦ රාවණාඇල්ල
♦ හෝර්ටන්තැන්න
♦ ඇල්ල
♦ බගවන්තලාව
♦ ඇහැලියගොඩ
♦ එල්ලාවල
♦ කුරුවිට බටදොඹලෙන
♦ කළුගඟ
♦ රත්නපුර
♦ පැල්මඩුල්ල
♦ බෙලිගල්ගේ
♦ බෙල්ලන්බැඳිපැලැස්ස
♦ බෙලිහුල්ඔය
♦ ගල් තොට
♦ බුත්තල
♦ අලුගල්ගේ
♦ ඔක්කම්පිටිය
♦ පොතුවිල්
♦ කුඩුම්බිගල
♦ බඹරගස්තලාව
♦ ඕකන්ද
♦ කුමන
♦ මිනිහාගල්කන්ද
♦ අත්තනගොඩ අලුලෙන
♦ දියවින්න
♦ බදුරලිය
♦ කුකුලේගම
♦ කහවත්ත
♦ කලවාන
♦ රක්වාන
♦ අලුගල්ගේ
♦ අගුණකොළපැලැස්ස
♦ වලවේ ගඟ
♦ තිස්සමහාරාම
♦ යාල බුන්දල
♦ හම්බන්තොට
♦ අම්බලන්තොට
♦ වැලිපටන්විල
♦ හුංගම
♦ තංගල්ල
♦ මාතර
♦ ගාල්ල
♦ උඩමළල

 

තාක්ෂණය

මේ යුගයට අයත් තාක්ෂණය ගැන දැන ගැනීමට තිබෙන එකම සාධකය ගල් මෙවලම් ය. එහෙත් රත්නපුරේ මැණික් පතල් වලින් සහ ඉරණමඩු සැකැස්ම සොයාගෙන තිබෙන ගල් මෙවලම් ආශ්‍රයෙන් ගල් යුගය තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ අදහසක් ගොඩනැගීම අපහසුය ඊට හේතුව ප්‍රමාණවත් ගල් මෙවලම් ප්‍රමාණයක් නොලැබීමත් ඒවායේ දින වකවානු පිළිබඳ දැනට තිබෙන දැනුම ප්‍රමාණවත් නොවීමත් නිසාය මෙරට ගල් යුගය තාක්ෂණය පිළිබඳව විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට ඉවහල් වන්නේ පුරාවිද්‍යාඥයන් විසින් යාමිතික ක්ෂුද්‍ර ක්ෂුද්‍ර ශිලා මෙවලම් යනුවෙන් හඳුන්වනු ලබන කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් ය මෙවලම්ය මේවා එසේ ය මේවා එසේ නම් කර තිබෙන්නේ ඒවා නිෂ්පාදනය කරන්නට වෑයම් කළ පුද්ගලයන් එකී මේ බලං වලට ජ්‍යාමිතික හැඩයක් ලබා දීමේ අරමුණින් ගල් පතුරු හැඩගස්වා තිබෙන නිසාය මෙවැනි මෙවලමක් දිගින් සෙන්ටිමීටර් 4.5 කට වඩා විශාල නොවේ.

වැඩි වශයෙන් කිරිවානා ගල් සහ සුළු වශයෙන් කහද ගල් භාවිත කොට මෙකී ක්ෂුද්‍ර ගල් මෙවලම් නිෂ්පාදනය කර තිබේ. මේවා සතුන් දඩයම් කිරීමේ සිට කැපීම් සීරීම් තැලීම් හැරීම වැනි දේට උචිත පරිදි සකසා ඇත මීට අමතරව කළු ගල් භාවිත කොට තනන ලද මිටි ඇඹරුම් ගල් ආදිය ද එකල නිපදවා තිබේ .

 

මිනිසුන්ගේ ශරීරය ස්වභාවය

මෙතෙක් සොයාගෙන තිබෙන ඇට සැකිලි ශ්‍රී ලංකාවේ ගල් යුගයකට අයත් මිනිසුන්ගේ මිනිසුන්ගේ ශරීර ස්වභාවය කෙබඳු වී දැයි යන කාරණය අවබෝධ කරගැනීමට ඉවහල් වේ. සාමාන්‍යයෙන් වැඩුනු පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර 174 කි. වැඩුණු කාන්තාවක් නම් සෙන්ටිමීටර 166 කි. ඔවුන් සියලු දෙනාගේ දත් විශාලය. විශාල නිකටක් ඔවුන්ට තිබිණි. වැඩිහිටි පිරිමියෙකු ගේ මොලයේ විශාලත්වය ඝන සෙන්ටිමීටර 1600 කි. වැඩුණු ගැහැණු අයෙකුගේ එය ඝන සෙන්ටිමීටර් 920කි. මානව විද්‍යාඥයන්ගේ අදහස් අනුව ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආයු කාලය වසර 35 ත් 40 ත් අතර වන්නට ඇතැයි සැලකේ.