දස පනත
- සැබෑවු එකම දෙවියන්ට වන්දනා කරව.
- දෙවියන්ගේ ශ්‍රි නාමය ගැන බොරුවටත් නිරත්ටයටවත් නොදිව්රව.
- ඉරු දිනත් ණය මංගල්‍ය දිනත් නිවාඩු වලංගු කරව.
- මව්පියන්ට සංග්‍රහ කරව.
- ජිවිතය විනාශ නොකරව.
- කාම මිත්‍යාචාරය නොකරව.
- සොරකම් නොකරව.
- බොරු සාක්ෂි නොකියව.
- පරදාර ආලය නොකරව.
- අන් වස්තු ආශා නොකරව.
දේව නිතීය අඩංගු පනත් දෙක:
ක්‍රිස්තුස් වහන්සේ වදාල ලෙස මේ සියල්ල පනත් දෙකක් තුළ අඩංගු වන්නේය.
- සියළු දේට වඩා මුළු සිතින්ද ගතින්ද දෙවිඳුනට ප්‍රේම කරන්න.
- තමාට මෙන්ම අසල්වැසියාටත් ප්‍රේම කරන්න.
පොදුවේ යහපත කරන්නට ද අයහපත නොකරන්නටද කියා දෙන දේව පනත් තුළ අප අනුගමනය කළ යුතු ජිවන පිළිවෙත සටහන් වන්නේය මේ මාර්ගයේ ගමන් කිරිම ඇතැම් විට දුෂ්කර කාර්යයක් වුවත් සෘජුව යහ මඟ ගමන් කරන්නට දේව අනුග්‍රහය අප නොඅඩුව ලැබේ. (ලුක් 10/27)
"ඹහු උත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ සිතින්ද නුඹේ මුළු විර්යෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වු ස්වාමින් වහන්සේටත් නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි කීය."
ශුද්ධවු සභාවේ පණත්:
- ඉරු දිනත් ණය මංගල දිනත් මුළු පූජා ආරාධනා ඇසිම.
- අවුරුද්දකට වරක්වත් පාපොච්චාරණය කිරිම.
- පාස්කු දින වල සත්ප්‍රසාද ලැබිම.
- නියමවු දවස් වල ගොඩමස් වැලකීමත් එක්වරු ශීල රැකීම.
- තහනම්වු කාලයේදී ද නෑකම් ඇතිව ද විවහා නොකිරිම.
- දශ භාගයත් නාඹුල් පලත් දේවස්ථානයට ඹප්පු කිරිම.
මුල් අගුණ පව් සත:
- උඩගුව.
- ලෝභය.
- මෝහය.
- ක්‍රෝධය.
- කෑදරය.
- වේෂය.
- අලසය.
ප්‍රසාද නිධාන සත:
- ප්‍රසාධ ස්නාපනය.
- පාපොච්චාරණය හෙවත් සමගි සන්ධානය.
- දිව්‍ය සත්ප්‍රසාදය.
- අභිවෘද්ධි ආලේපය.
- පුජාත්වරය.
- ආශිර්වාදකාර බන්ධනය. (විවාහය.)
- රෝගීන් ආලේපය.
මෙම ප්‍රසාද නිධාන කොටස් කරනුයේ කෙසේද?
මේවා මළවුන්ගේ ප්‍රසාධ නිධාන හා ජිවිතුන්ගේ ජිවිතුන්ගේ ප්‍රසාද නිධාන හා යනුවෙන් දෙවර්ගයකට කොටස් කළ හැකිය.
ජීවතුන්ගේ ප්‍රසාධ නිධාන:
- දිව්‍ය සත්ප්‍රසාදය.
- අභිවෘද්ධි ආලේපය.
- පුජාත්වරය.
- ආශිර්වාදකාර බන්ධනය. (විවාහය.)
- රෝගීන් ආලේපය.
මළවුන්ගේ ප්‍රසාධ නිධාන:
- ප්‍රසාධ ස්නාපනය.
- පාපොච්චාරණය හෙවත් සමගි සන්ධානය.
ප්‍රසාද නිධාන සත:
- ප්‍රඥාව.
- තේරුම් ගැනිම.
- දැනුමැතිකම.
- ධෛයර්ය්යය.
- දැනගැන්ම.
- දේව භක්තිය.
- දේව භයද වන්නේය.
මෙකී ප්‍රසාධ ලැබිම හෙතු කොට ගෙන දෙවිඳුනට වඩාත් ප්‍රසන්නව ජිවත් වීමේ වරම මිනිසාට හිමි වන්නේය මෙසේ ඹහුගේ පැවැත්ම දේව කැමැත්තට වඩ අනුකූලව විට හේ වඩාත් ශුද්ධවත් වී ශාන්තිය, ආනන්දය බුක්ති විඳින්නේය. ශුද්ධාත්ම වරමින් ක්‍රියා කරන හේ ශු ශුද්ධාත්ම ඵල ලබා ගන්නේය.
ශුද්ධාත්ම ඵල දොලස:
- ස්නේහහය.
- ප්‍රීතිය.
- සමාදානය.
- ඉවසීම.
- කරුණාව.
- යහපත්කම.
- නොබිදෙන දිරිය.
- සාන්තදාන්තකම.
- විශ්වාසවන්තකම.
- මර්ය්යදාවය.
- වෘතභාවය.
- පිරිසිදුකම.
ශ්‍රි ලංකාවේ කතෝලිකයනට නියමවන ණය මංගල්‍ය දවස්:
- මරියවහන්සේ දෙව්මව් විමේ මංගල්‍යය.
- රජුනට ප්රකාශවීමේ මංගල්‍යය.
- අහස් නැගිමේ මංගල්‍යය.
- දෙව් මව් සුරලෝ වැඩි මංගල්‍යය. (අගොස්තු 15)
- දෙව් මව්ගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය. (දෙසැම්බර් 8)
- නත්තල් මංගල්‍යය.(දෙසැම්බර් 25)
ගොඩමස් වැළැකීමේ දවස්:
එක්වරු ශිලය රැකිය යුතු දවස් සහ වසරේ සියළු සිකුරාදා දවස්ය.
එක්වරු ශිලය හෙවත් උපවාසයේ යෙදීමට නියමිත දවස්:
අළු බදාදා සහ මහා සිකුරාදා යන දවස්.
ආත්මික පුන්‍ය ක්‍රියා:
- පව්කරුවන් පාපයෙන් හරවා ගැනීම.
- අඥානයනට ඉගැන්වීම.
- සැක ඇති අයට දැනුමැතිකම් දීම.
- දුකින් පෙළෙන්නන් සැනසීම.
- නින්දා අපහාස ඉවසීමෙන් දරා ගැනීම.
- වැරදි කමා කිරිම.
- ජිවතුන් හා මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරිම.
ශාරිරික පුන්‍ය ක්‍රියා:
- සාගිනි වුවන්ට ආහාර දීම.
- පිපාස වුවන්ට පානය දීම.
- වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දීම.
- ආගන්තුකයනට නවාතැන් දීම.
- රෝගින්ගේ ලෙඩ දුක් බැලීම.
- වහලුන් නිදහස් කිරිම.
- මළවුන් වැළැලීම.
භාග්‍ය අට:
- සිතින් දිළින්දෝ භාග්යවන්තෝය,
මක්නිසාදයත් ස්වර්ග රාජ්‍යය ඹවුන්ගේය.
මක්නිසාදයත් ඹවුහු සැනසීම ලබන්නොය.
- නිහතමානී ගුණ ඇත්තෝ භාග්යවන්තෝය,
මක්නිසාදයත් ඹවුහු දේශය උරුමකර ගන්නෝය.
- යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්යවන්තෝය,
මක්නිසාදයත් ඹවුහු තෘප්තිමත් වන්නෝය.
මක්නිසාදයත් ඹවුහු දයාව ලබන්නෝය.
- සාන්ත සිත් ඇත්තෝ භාග්යවන්තෝය,
මක්නිසාදයත් ඹවුහු දෙවියන්වහන්සේ දකින්නෝය.
- සාමය ඇති කරන්නෝ භාග්යවන්තෝය,
මක්නිසාදයත් ඹවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නේය.
- යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්යවන්තෝය,
මක්නිසාදයත් ස්වර්ග රාජ්‍යය ඹවුන්ගේය.