VGA Card
VGA Card යනු පරිගණකයේ විවිධ වර්ණ Graphics හසුරුවන විද්‍යුත් පරිපථය. පරිගණකය විසින් සකස් කරන තොරතුරු යන්ත්‍ර භාෂාවෙන් ලබා දෙන අතර ඒවා මිනිසාට තේරුම් ගැනිමට නොහැකි වේ. VGA Card යක අවශ්‍යතාවය පැන නගින්නේ මෙහිදිය. මෙසේ යන්ත්‍රයක් ලබා දෙන තොරතුරු යන්ත්‍ර භාෂාවෙන් මිනිසාට තේරුම් ගැනීමට හැකි ආකාරයට හරවා Monitor යට ලබා දෙන්නේ VGA Card යයි. එනිසා VGA Card නොමැතිව තිරයේ කිසිවක් බලා ගැනීම සිදු කල නොහැක.
පුද්ගල පරිගණක වල VGA Card වර්ග 4කි. ඒවා නම්
VGA Card යද එක්තරා ආකාරයක කුඩා පරිගණකයක් ලෙස හැඳින්විය හැකිය. මෙහි කුඩා Processor යක් ඇති අතර එය මගින් දත්ත අවශ්‍ය ආකාරයට ඇගයීම් කරනු ලබයි. මෙහිද RAM මතක වර්ගයක් ඇත. එම මතකයේ එක් කොටසක් පරිගණකයෙන් ලැඛෙන තොරතුරු රුස් කර තබා ගන්නා අතර අනෙක් කොටස VGA Card මගින් පරිවර්ථනය කර තොරතුරු Monitor යට යවන තෙක් තබා ගනී.
ISA VGA Card යනු පැරණි පරිගණක වල භාවිතා කිරීම සඳහා ISA තාකෂණයෙන් සකස් කර ඇති VGA Card විශේෂයකි. මේවා නුතන පරිගණක වල දැකිය නොහැක.
PCI VGA Card බිහිවුයේ ISA තාකෂණයට වඩා දියුණු තාකෂණයක් මගිනි. ඒවා පෙරට වඩා ප්‍රමාණයෙන් කුඩා. එහෙත් ඒවායේ කාර්යකෂමතාවය පෙරට වඩා වැඩි විය දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩිවීමත් සමගම PCI VGA Card වලටද VGA අවශ්‍යතාවය සපුරා ලීමට නොහැකි විය. එබැවින් දත්ත සම්ප්‍රේශණ වේගය ඉතා උසස් මට්ටමක පවතින AGP VGA තාකෂණය බිහි විය. නුතන පරිගණක වල දැකිය හැක්කේ AGP VGA Card ය.
Inbuilt VGA
පෙරදී මෙන් වෙන වෙනම VGA පරිපථ නිපදවීම වෙනුවට මව් පුවරුවේම මෙම VGA Chip සවි කර නිපදවීම Inbuilt ලෙස හැඳින්වේ. මෙහිදී වෙනම Card ලෙස ගෙන VGA සවි කල යුතු නොවේ. විශේෂයෙන්ම නුතන මව් පුවරුවල භාවිතා කරන Shared Memory තාකෂණය අනුව Inbuilt VGA සහිත මව් පුවරු වඩාත් ජනප්‍රිය වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ VGA මතකය සඳහා අවශ්‍ය මතක ප්‍රමාණයම RAM මතකයෙන් තාවකාලිකව ලබා ගැනීමයි. මේ නිසා මෙම තාකෂණය වඩා උසස් යැයි සැලකේ.
Floppy Disk Drive
Floppy Disk Drive යනුවෙන් හඳුන්වන්නේ Floppy Diskette වල දත්ත තැන්පත් කිරීම හා තැන්පත් කොට ඇති දත්ත කියවීම සඳහා පරිගණකයට සවි කොට ඇති යන්ත්‍රයකටය. පුද්ගල පරිගණක වල අඟල් 5 ¼ ප්‍රමාණයේ හා අඟල් 3 ½ ප්‍රමාණයේ Floppy Disk Drive භාවිතා වේ. කෙසේ වුවද මේ වන විට අගල් 5 ¼ ප්‍රමාණයේ Floppy Disk Drive භාවිතයෙන් ඇත් වෙමින් පවතින අතර අගල් 3 ½ ප්‍රමාණයේ Floppy Disk Drive භාවිතය වර්ධනය වී ඇත.
Floppy Disk Drive විද්‍යුත් හා යාන්ත්‍රික කොටස් වලින් සමන්විත වී ඇති උපකරණයකි. මෙයට සවි කොට ඇති Motor යක් මගින් ඇතුලූ කරනු ලැබු Diskette කරකවන අතර Diskette මතුපිටින් Read Write Head නැමති උපකණය දිවවීම මගින් Diskette හි දත්ත ලිවීම හෝ කියවීම සිදු කරනු ලබයි.
මෙම Read Write Head නම් කොටස .Diskette හි මතු පිට ස්පර්ශ නොකරයි. එය .Diskette හි මතුපිට ගැවෙන නොගැවෙන තරම් පරතරයකින් යුක්තව ගමන් කර විද්‍යුත් චුම්භක මගින් එම .Diskette මත දත්ත ලිවීම හෝ කියවීම කරනු ලබයි.
Floppy Disk Drive යට විදුලිය සැපයීම සඳහා විදුලි සැපයුම් ඒකකයෙන් එන වයරය සවි කිරීමට සොකට්ටුවක්ද දත්ත පරිගණකය වෙත ගෙන යැමට හා දත්ත රැගෙන යාමට මව් පුවරුවෙන් එන Data Cable ය සවි කිරීමට සොකට්ටුවක් ද පිහිටුවා ඇත.
Floppy Disk Drive වල ඇති වන ගැටලු
Read Write Head කොටස Disk ආවරණය මත ස්පර්ශ වීමෙන් Disk විනාශ වීම
Disk Driver යේ Head නැමති කොටස පිහිටා ඇත්තේ ඉතා සියුම් Head Arm කොටස් මතය. මේවා දැඩි ගැස්සීම් පැද්දීම් යනාදිය නිසා කැඩී යෑම සිදු විය හැකිය. මෙවැනි අවස්ථා වලදී Read Write කොටස Diskette ය මත ගෑවීමක් සිදු වීමට පුලුවන. එවැනි අවස්ථාවකදී නැවත භාවිතා කිරීමට නම් එය අලූත්වැඩියා කල යුතුය.
Disk Drive Head විශාල පරතරයකින් යුතුව ක්‍රියාත්මක වීම
Read Write Head මත සමහර විට කුණු දුවිලි බැදීම නිසා ප්‍රමාණයට වඩා උස්ව පිහිටිය හැකිය. එවැනි අවස්ථා වලදි Disk මත දත්ත ලිවීම හෝ කියවීම සිදු කරනු නොලබයි. මෙහිදී නැවත සකස් කිරීම අසිරු විය හැකි බැවින් නව Disk Driver යක් මිලදී ගැනිම වඩාත් සුදුසු වේ.
Read Write head කොටස මත විශාල වශයෙන් කුණු දුවිලි තැවරිම නිසා ඒවාට නිසි පරිදි විද්‍යුත් චුම්භක ඔස්සේ දත්ත ලිවීම හෝ කියවීම කල නොහැකි වීම.
Disk පිරිසිදු නොකර Driver ය තුලට ඇතුල් කිරිමේදී Head කුණු දුවිලි තැවරීම සිදු වේ. මේ හේතුව නිසා Disk මත දත්ත ලිවීම සිදු නොවිය හැක. එබැවින් සති දෙකකට වරක්වත් Disk Driver ය Cleaning Diskette යොදා පිරිසිදු කිරිම වඩාත් සුදුසු වේ.
Disk Driver යේ විද්‍යුත් කොටස් වලට සිදු වන භෞතික හානි
කිසියම් හේතුවක් නිසා Driver යෙහි ඇති විද්‍යුත් කොටස් වලට වැඩි විදුලි ධාරිතාවයක් ගමන් කිරිම හෝ විදුලිය නිසි පරිදි ගමන් නොකිරීම හේතුවෙන් එහි ඇති භෞතික කොටස් විනාශ වී යා හැකිය. මෙවැනි අවස්ථාවකදීද නැවත සකස් කිරීම වඩාත් හොඳ ක්‍රියාවක් නොවන බැවින් වඩාත් සුදුසු වන්නේ නව Driver යක් ගෙන භාවිතා කිරිමය.
කෙසේ වුවද අද වන විට Diskette යනු පැරණි තාකෂණයක් බවට පත්වී ඇත. නූතන පරිගණකයක Disk Drive සවි කිරීම පවා සිදු නොවේ.