ජන කවිය
සාහිත්යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්ය හා පද්ය කෘතියයි. සාහිත්ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.
එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්ර වී අනන්යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත. ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්ය උපකාරක ද සපයනු ලබනවා.
උගතුන් විසින් නිර්මාණය කරන ප්රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.
ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.
“හදවත කියනවා කවියට පණ දෙන්න
දිව මගෙ කියනවා මුමුණා ගෙන ඉන්න
මම දැන් කියනවා කවුරුත් අහ ගන්න
ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ මෝරන්න”
කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.
තාලම් කවි
විසිසත් පලමක් ලෝකඩ උණුකර දෙකකට බෙදලා
යෙදු සත්සර පංචමයෙන් කිරල් නාදයට සරිලා
හූය සත්පටකින් අඹරා ලණු දෑතින් අල්ලාලා
තාලම්පට තැනූ එදා සම්මත මුල පටුන් බලා
පළමුව බඹුගෙන් ආලෝකය ලැබ සාකසමුල ලැබුවේම තිතයි
කලසිත විසිඑක විඤ්ඤාරය ලැබ ඉසිවර මණුලොව සැදූ තිතයි
ජය දෙති තාලය එලෙසන චන්දන ගුරු ලඝු මුලකුරු ආකාරයයි
පලමුව පෘථිවිය පාගා සනයට ඇල්ලු ගදඹය නැටුව තිතයි
දෙවනුව විඳ ආලෝකය තාලෙට වේදනාව මුල තානම නම්
බූනර රාගය තානම තානම දා නම පැවතිණි ගණිතය නමි
උමා ඉසුරු අත කර්ගය අරගෙන මුළු ලොව කම්පිත තාලම නම්
තාලම්පට මේ බූත බලෙන් එන කාම රසය දෙවනා මනරම්
සීල නැමති ඇදුරෙක් සළු සඟල ලිහා අඳිමින්නේ
කෝල නැතිව සබයට විත් පද අල්ලා නටමින්නේ
බාල කතුන් ගී ගයමින් ටිං ටිං නදයට ගෙනේ
තාලම්පට ඔන්න එදයි ගැසූ සැටිය අහපන්නේ
අගය වඩන මගෙ තාලම් හරඹ බලන්නේ
අගේ නොදැන ඇයි නුඹලා කීමට එන්නේ
කගේ ගිල්ල ලෙස බැරිවෙයි නුඹට බොලන්නේ
මගේ දෑත තාලම් පට හරඹ බලන්නේ
එනවා ඇදුරෝ තරගෙට කීම කියාගෙන
දනවා හදවත තාලම් උපත ඇසූ තැන
මොනවත් දන්නේ නැතුව කීමට ආ තැන
දෙනවා මේ තාලම්පට උපත කියාගෙන
සූවිස්සක් කලඹක් ලෝකඩ උණු කර ගනිමින්නේ
මෙලෙසින් විස්කම් සුරිදා පළුදෙක කර බෙදමින්නේ
ඇවිදින් මාතලි දෙව්පුත් ටින් ටින් නාදය දුන්නේ
පසෙකින් විදමනක් කපා මැදට නූල අදිමින්නේ