නාට්ය හා රංග කලාව නැමැති විශය පිලිබදව කෙටි හදුන්වා දීමක් කිරීමට සූදානම්
මොකක්ද මේ නාට්ය කලාව කියන්නෙ ,,=== ප්රේක්ෂකයන් සමූහයක් ඉදිරියේ යම්කිසි වූ නිස්චිත ස්තානයක අබිනයන් බාවිතයෙන් ඉදිරිපත් කිරීමක් කරන්නේනම් එය නාට්යයක් ලෙස හදුන්වනු ලබනවා ,.අපි දන්නව ලෝකයේ කලාව හා ශිල්ප කියල කොටස් 2ක් තියනව ,මේ අතරින් නාට්ය අයත් වෙන්නෙ කලාවට ,මොකද අලුතින් යමක් නිර්මාණය කරන්නෙ කලාකරුව ,නමුත් ඒ කලාව ප්රගුන කරමින් පුරුදු පුහුනු වෙන්නෙ ශිල්පියා ,,ඒ නිසා නාට්ය යනු කලාවක් .
මේ නාටය ලෝකෙට අවෙ කොහොමද ..ලෝකයේ පලමු නාට්ය ඇතිවන්නෙ දෙවියන් ඇසුරු කරගනිමින් කල පුද පූජා ඇසුරු කරගනිමින් ,,ලෝකයේ පලමුව නාට්ය කලාව ඇරබෙන්නෙ ග්රීසියේ,.මේ ග්රීසියේ හිටිය දියෝනීසියස් නමින් දෙවියන් නමක් .මේ දෙවියන් තමයි ඔවුන් විස්වාස කරපු හැටියට සාපල්ලතාවයට හා මද්යසාරයට අදිපති දෙවියන් ,තවද මොහු ශශ්ස්රීකත්වයට අදිපති දෙවියන් ලෙසද හදුන්වනු ලබනව .
මේ ග්රීසියේ මිදි අස්වැන්න නෙලූ පසු එම මිදි මගින් වයින් සාදා ඒවා බීමත්ව මත් වී නිරුවතින් පෙරහරක් සේ පූජා පවත්වමින් පාරවල් වල සන්චාරය කරමින් ඇවිදීම ග්රීසියේ තිබූ සම්ප්රදායක් සේ සලකනු ලබනව,මේ යන අතර තුරදී තෙස්පීස් නැමැති තැනැත්තා යම් කිසි වුස් ස්තානයකට නැග මම තමයි දියෝනීසියස් යනුවෙන් ප්රකාශ කර ඇති අතර ඔහු ලොව ප්රතම රූපන ශිල්පියා ලෙස හදුන්වනු ලබනව ,.මේ අනුව නලුවන් සදහා තෙස්පියානුවෝ නැමැති වචනය මොහුට ගෞරවයක් වසයෙන් හදුන්වනු ලබනව . පලමු නාට්ය අද්යක්සක වරයා ලෙස 2වන ජෝර්ජ් නැමැති තැනැත්තා හදුන්වා දිය හැකිය .මේ අනුව නාටය කලාවේ ආරම්භය සිදුවන්නේ ග්රීසිය මූලික කරගෙනයි .මෙම ග්රීක නාට්ය පසුව ඉතාමත් දියුනු තත්වයේ නාට්ය කලාවක් බවට පත්වෙනව .ග්රීක නාට්ය ප්රබේද ලෙස ශෝකාන්ත නාට්ය (ට්රැජඩි),සුකාන්ත නාට්ය(කොමඩි),ප්රහසන නාට්ය(සැටර්) නැමැති නාට්ය ප්රබේද 3 පෙන්වා දිය හැකිය .
ඇරිස්ටෝටල් පඩිවරයා සාහිත්ය පිලිබද උනන්දුවක් දක්වා නැතත් ඔහුගේ කාව්ය ශාස්ත්රය නැමැති ග්රන්තයේ 26 වන පරිච්ඡේදයේ ග්රීක ශෝකාන්ත නාට්ය කලාව පිලිබද හැදින්වීමක් කර ඇත.මෙහිදී ඇරිස්ටෝටල් තම සිසුන් සදහා කල දේසන සටහන් ලෙස මෙහි ශෝකාන්ත නාට්ය පිලිබද ව හැදින්වීමක් කර තිබෙනව .මෙහිදී ඔහු සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්ය හොදම ශෝකාන්ත නාට්ය ලෙස හදුන්වන අතර තවත් විචරක මත වලට අනුව ලොව හොදම ශෝකාන්තය ලෙස සැලකෙන්නේ සොෆොක්ලීස් නැමැති කලාකරුවගේ ඇන්ටිගනී නැමැති නාට්ය යි.මෙම ඇන්ටිගනී නාට්ය හා ඊඩිපස් රජ නාට්ය ලොව පුරා විවිද බාශා වලින් පරිවර්තනයක් ලෙස බිහි වූ අතර ලංකාවේ ආරියවංශ රනවීර මහතා විසින් සින්හලයට පරිවර්තනයක් සිදු කරනු ලබනව .කැලණි විශ්වවිද්යාලයෙන් මෙම පිටපත් වේදිකාවට ගෙන එනුලබනව .උදා=ප්රියන්කර රත්නායකගේ ඊඩිපස් රජ හා අද වගේ දවසක ඇන්ටිගනී .
මෙම ග්රීක නාට්ය වල දැකිය හැකි තවත් විසේශන්වයක් වනුයේ ස්ත්රී චරිත රඟපාන ලද්දේ පිරිමින් විසිනි .මෙම ග්රීකයින් වෙස් මුහුනු පැලද සිටි අතර සාත්වික අබිනයෙන් මෙම නාට්ය තොර විය .රංගනයේ යෙදෙන ලද්දේ උපරිම වසයෙන් නලුවන් 3 දෙනෙකු පමනක් වන අතර විසාල කඳුගැට දෙකක් මැද මෙම රංගබූමිය පිහිටා තිබේ ..වරෙකට මිනිසුන් 20000ක් පමන ග්රීක නාටය එක වර නරඹන්නට ඇත .මොඋන් කට හඩවල් ඈතට ඇසෙන පරිදි තම වෙස් මුහුනු වල මුකයන් හැඩගස්වා තිබූ අතර දහවල් කාලයේ නාට්ය රග දක්වනු ලැබීය .දහවල් කාලයේ නාට්ය රග දැක්වූ හේතුවෙන් රංගාලෝකය මෙම නාට්ය සඳහා අවශ්ය නොවීය .
මේ අනුව ලොව පැරනිම නාට්ය කලාව මෙසේ බිහිවන්නට විය .
නාට්ය කලාව පිලිබද තවත් ලිපියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් (ටෙනිල් ප්රබාත් ප්රේමතිලක )