ක්ෂුද්‍ර ජීවීන් වර්ගීකරණය(බැක්ටීරියා) - සාමාන්‍යපෙළ විද්‍යාව

ක්ෂුද්‍ර ජීවීන් වර්ගීකරණය(බැක්ටීරියා)

බැක්ටීරියා

 ලෝකයේ වැඩි වශයෙන්මි සිටින ජීවීන් කාණ්ඩය ලෙස බැක්ටීරියා හදුන්වා දිය හැකිය. වෛරස් වලින් පසුව ලෝකයේ සිටින කුඩාම ජීවීන් කාණ්ඩය බැක්ටීරියාවන්ය(බැක්ටීරියාවකගේ දේහයේ ප්‍රමාණය 0.1 mm පමණ වේ). බැක්ටීරියා ඒක සෛලික ජීවියෙන් වන අතර කිසිම ජීවියෙකුට ජීවත් විය නොහැකි පරිසරයකදී පවා මොවුන්ට ජීවත් විය හැකිය. උදාහරණ වශයෙන් අධික සීතල, අධික රස්නය, ගැඹුරු මුහුද, පෙට්‍රල් හා ඩීසල්, උණුදිය උල්පත්, ගිනිකදු මේ ආදී තැන්වල මොවුන් කිසිම අපහසුතාවයකින් තොරව ජීවත් වේ. මොවුන්ගේ දේහ සැකැස්ම පහත ආකාරයට දැක්විය හැකිය. බැක්ටීරියා සෛලයක පිටතින්ම සෛල බිත්තියක් දක්නට ලැබේ. බොහෝ අවස්ථා වලදී ඊට පිටතින් ප්‍රාවරය නම් සෛලමය කොපුවක් දක්නට ලැබේ. ඊට ඇතුළතින් දක්නට ලැබෙන්නේ සෛල පටලයකි. සෛල පටලයට ඇතුළතින් සෛල ප්ලාස්මය පිහිටා ඇති අතර කිසිම බැක්ටීරියාවක් තුළ   සත්‍ය නෂ්ටියක් දක්නට නොමැත. සෛලයේ මැද ගොලාකාර හෝ ඩම්බෙල් (අලිගැට පේර) හැඩයෙන් යුක්ත ප්‍රවේනිමය නියුක්ලියෝන ප්‍රෝටීන් අඩංගුව පවතී.

 

සෛවල හැඩය අනුව බැක්ටීරියා වර්ග හතරකට බෙදිය හැකිය. එනම්,

  1. ගෝලාකාර හෙවත් කොකුසාකාර
  2. දන්ඩාකාර හෙවත් බැසිලස්
  3. කොමාකාර හෙවත් විබ්‍රියෝස
  4. සර්පිලාකාර හෙවත් ස්පිරිලුම

 

බැක්ටීරියාවක් තමාගේ පෝෂණ ක්‍රියාවලිය සිදුකර ගන්නා ආකාර කිහිපයක් පවතී. එනම්,

  1. බැක්ටීරියා වර්ග කිහිපයක පමණක් හරිතප්‍රද වර්ණකය දැකිය හැකි අතර ඔවුන් තමාට අවශ්‍ය ආහාර ප්‍රභාසංස්ලෝෂණය මගින් නිපදවා ගනු ලබයි.
  2. ඇතැම් බැක්ටීරියා වෙනත් ජීවියෙකු නිපදවන ආහාරය මත යැපෙයි. එහිදී එම ජීවීන්ට හානි සිදු කරමින් හෝ හානි සිදු නොකර සහජීවනයෙන් පෝෂණය ලබාගනී.
  3. බොහෝ බැක්ටීරීයාවන් මැරුණු ශාක, මැරුණු සත්ව ද්‍රව්‍ය මගින් පෝෂණය ලබා ගනු ලබයි.

 

(බැක්ටීරීයාවකගේ ගබඩා කරගත් ආහාර වශයෙන් ග්ලයිකෝජන්, වොලියුටීන් හා තෙල් බිංදු දැක්විය හැකිය.)

  

බැක්ටීරීයාවක් ස්වසනය කරන ආකාරයන්ද කිහිපයක් දැකිය හැකිය. එනම්,

  1. ඔක්සිජන් වායුව නොමැතිව ශක්තිය නිපදවා ගත හැකි බැක්ටීරීයාවන් දක්නට ලැබේ. ඔවුන් නිර්වායු බැක්ටීරීයාවන් යනුවෙන් හදුන්වනු ලැබේ.
  2. ඔක්සිජන් සහිතව ශක්තිය නිපදවා ගන්නා බැක්ටීරීයාවන්ද දක්නට ලැබෙන අතර ඔවුන් ස්වායු බැක්ටීරියාවන් යනුවෙන් හදුන්වනු ලබයි. බොහෝ ස්වායු බැක්ටීරියාවන් වියෝජකයන් යනුවෙන් හදුන්වනු ලබයි. එනම් ඔවුන් මල ශාක සත්ව කොටස් වියෝජනය කර ශාක වලට උරාගත හැකි තත්වයට පත් කරයි.  

 

ඇතැම් බැක්ටීරියා මිනිසාට හානිකරය. එවැනි බැක්ටීරියා නිසා මිනිසාට වැළදෙන රෝගයන් කිහිපයක් දැකිය හැකිය. එවානම්,

  • ලාදුරු
  • නියුමෝනියාව
  • කොලරාව
  • ක්ෂය රෝගය
  • ගල පටලය
  • ගොනෝවියාව

 

රෝගයන් මෙසේ දැක්විය හැකි අතර ඔවුන්ගෙන් අපට ලැබෙන ප්‍රයෝජනද බොහෝ ප්‍රමාණක් ඇත. එවා මෙසේය.

  • ලෝහ නිස්සාරණයට
  • කිරි මිදවීමට
  • යෝගට් සෑදීමට
  • පොල්ලෙලි ආදියේ කෙදි වෙන් කිරීම සදහා
  • දුන්කොළ පදම් කිරීමට
  • කොම්පෝස්ට් පොහොර නිශ්පාදනයට
  • විනාකිරි නිශ්පාදනයට

 

 සයනෝපීටා නම් වංශයකට අයත් බැක්ටීරියාවන්ට සමාන ලක්ෂණ දරණ නමුත් කොළ හා නිල් වර්ණ දරණ ජීවී විශේෂය සයනෝ බැක්ටීරියා හෙවත් නීල හරිත ඇල්ගී නම් වේ. බැක්ටීරියා හා සයනෝ බැක්ටීරියා අතර සමාන කම් මෙන්ම අසමාන කම්ද දක්නට ඇත.

 

සමාන කම්

  • සෛල බිත්තියක් පවතී
  • නෂ්ටි පටලයක් නොමැත

 

 

අසමාන කම්

බැක්ටීරියා

සයනෝ බැක්ටීරියා

ස්වයං පෝෂින් හෝ විෂම පෝෂීන් වේ

ස්වයං පෝෂීන් වේ

ප්‍රභාසංස්ලේෂණ වර්ණක නොපවතී

ප්‍රභාසංස්ලේෂණ වර්ණක පවතී

 

සයනෝ බැක්ටීරියා සදහා උදාහරණ වශයෙන් ලිම්බියා, ඇනබීනා, ඔසොලොටෝරියා වැනි බැක්ටීරීයාවන් දැක්විය හැකිය.

 

දැනුම සදහා: ඡෛව සංදීප්තිය යන සිද්ධිය බොහෝවිට දක්නට ලැබෙන්නේ මුහුදු ඡීවීන් අතරය. ඡෛව සංදීප්තිය යනුවෙන් හදුන්වනු ලබන්නේ ඡීවින් තුලින් ස්වභාවිකව විදුලි ආලෝකයක් නිපදවීමය. මෙම සිද්ධිය ඇතිවන්නේ සංදීප්ත සෛල වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් මගිනි. සංදීප්ත සෛල එකතු වි ආලෝක අවයවයක් නිපදවයි. මෙය වර්තමාන ලෝකයේ භාවිතයට තවම පැමිණ නැති අතර පරීක්ෂණ මට්ටම් වලින් පවතී. අප සාමාන්‍යයෙන්  රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් ඉවත් කරයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි. නමුත් මෙය බොහෝ දෙනෙක් අකමැති වේවි යන මතය ඔවුන් සතුව පවතී. මෙය බොහෝ විට මාර්ගයන් අලෝකමත් කිරීම සදහා යොදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව පර්යේෂකයන් පවසති.