බුද්ධ ධර්මය / ශෛවනෙරි / කතෝලික ධර්මය / ක්‍රිස්තියානි ධර්මය / ඉස්ලාම් ධර්මය
ප්‍රශ්න පත්‍ර ව්‍යූහය
I පත්‍රය
කාලය පැය 1 යි.
බහුවරණ ප්‍රශ්න 40 කි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු 40 කි.
II පත්‍රය
කාලය පැය 2 යි. මුළු ලකුණු 60 කි.
පළමු වන ප්‍රශ්නය අනිවාර්ය වන අතර කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්නයකි. එය කොටස් 10 කින් සමන්විත වේ. එක් කොටසකට ලකුණු 2 බැගින් මුළු ලකුණු 20 කි. සෙසු ව්‍යූහගත ප්‍රශ්න 6 න් 4 කට පිළිතුරු සැපයිය යුතුය. 7 වන ප්‍රශ්නය සඳහා මාතෘකා හතරක් සපයන අතර ඉන් දෙකකට කෙටි සටහන් ලිවිය යුතුය. එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් මුළු ලකුණු 40 කි.
අවසාන ලකුණු ගණනය කිරීම : I පත්‍රය = 40
II පත්‍රය = 60
අවසාන ලකුණ = 100
සිංහල භාෂාව හා සාහිත්‍ය / දෙමළ භාෂාව හා සාහිත්‍ය
ප්‍රශ්න පත්‍ර ව්‍යූහය
I පත්‍රය
කාලය පැය 1 යි.
බහුවරණ ප්‍රශ්න 40 කි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු 40 කි.
II පත්‍රය
කාලය පැය 2 යි. ප්‍රශ්න 5 කි. (මුළු ලකුණු 80 කි)
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුයි.
1 ප්‍රශ්නය : කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 10 කින් සමන්විත වේ. එක් ප්‍රශ්නයකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 20 කි.
2 ප්‍රශ්නය : රචනා ලිවීම. ලකුණු 25 කි. (නිර්දිෂ්ට ව්‍යූහගත තේමා 4 ක් අතරින් 1 ක් තෝරා ගත යුතුය)
3 ප්‍රශ්නය : සාරාංශකරණය : ලකුණු 10 කි.
4 ප්‍රශ්නය : අවබෝධය : ලකුණු 10 කි.
5 ප්‍රශ්නය : ප්‍රායෝගික ලේඛනය : ලකුණු 15 කි.
III පත්‍රය
කාලය පැය 2 යි. ප්‍රශ්න 7 කි. (මුළු ලකුණු 80 කි)
අනිවාර්ය ප්‍රශ්න හතරකටත් තවත් එක් ප්‍රශ්නයකටත් පිළිතුරු සැපයිය යුතුය.
(1, 2, 3, 4 ප්‍රශ්න අනිවාර්ය වේ. 5, 6, 7 ප්‍රශ්නවලින් එකක් තෝරා ගත යුතුය)
1 ප්‍රශ්නය : කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 10 කින් සමන්විත වේ. එක් ප්‍රශ්නයකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 20 කි.
2 ප්‍රශ්නය : නිර්දිෂ්ට ග්‍රන්ථවලින් තෝරා ගත් ගද්‍ය හෝ පද්‍ය කොටස් ඇසුරින් ප්‍රශ්නය සකස් කෙරෙන අතර අනුකොටස් 2 කින් යුත් කොටස් 5 කින් සමන්විත වේ. එක් අනුකොටසකට ලකුණු 2 බැගින් මුළු ලකුණු 20 කි.
3 ප්‍රශ්නය : වෛකල්පිත ප්‍රශ්න කොටස් දෙකකින් එකකට පමණක් පිළිතුරු ලිවිය යුතු අතර වචන සංඛ්‍යාව 150 - 200 ක් පමණ විය යුතුය. ලකුණු 15 කි.
4 ප්‍රශ්නය : වෛකල්පිත ප්‍රශ්න කොටස් දෙකකින් එකකට පමණක් පිළිතුරු ලිවිය යුතු අතර වචන සංඛ්‍යාව 150 - 200 ක් පමණ විය යුතුය. ලකුණු 15 කි.
5, 6, 7 ප්‍රශ්න : වෛකල්පිත ප්‍රශ්න කොටස් තුනකින් එකකට පමණක් පිළිතුරු ලිවිය යුතු අතර වචන සංඛ්‍යාව 150 - 200 ක් පමණ විය යුතුය. ලකුණු 10 කි.
අවසාන ලකුණු ගණනය කිරීම : I පත්‍රය = 40
II පත්‍රය = 80
III පත්‍රය = 80
අවසාන ලකුණ = 200 බෙදීම 2 = 100
උපුටා ගැනීම : ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් පිටුව (www.doenets.lk/exam)