තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගැනීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් භාවිත වන ක්ෂේත්‍ර
- අධ්‍යාපනික
- කර්මාන්ත
- සෞඛ්‍යය
- ව්‍යාපාරික
- විනෝදාස්වාදය
- කෘෂි කර්මාන්තය
- කාර්මික
- ඊ - රාජ්‍යය
අධ්‍යාපන ක්ෂේත්රයේ යෙදවුම්
- දුරස්ථ අධ්‍යාපනය සඳහා (E-Learning සහ E – Education)
- වෙබ් ආධාරක ඉගැන්වීම (Web Based Learning)
- පරිගණක ආධාරක ඉගැන්වීම (Computer Aided Learning)
- පාසල් පරිපාලන කටයුතු සඳහා (School Management System)
- ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම( Teaching Aids)
- සැමට ම උසස් අධ්‍යාපනයට ළඟා වීමේ හැකියාව (Distance Learning)
දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ
- දෛනික කාල සටහන් නැති අතර පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව
- පාඨමාලා ලියාපදිංචියේ දී ලබා දෙන අංකිත පුස්තකාල සම්බන්ධතාව
- මාර්ගගත (Online) පැවරුම් සහ ප්‍රශ්නාවලි
- මාර්ගගත ගුරුවරයෙකු හා සම්බන්ධ වීමේ පහසුකම්
- උපදේශන සේවා පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව
සෞඛ්‍ය ක්ෂේත්රයේ යෙදවුම්
වෛද්‍ය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය
- පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය (CAT - Computerized Axial Tomography Machine)
- චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය (MRI - Magnetic Resonance Imaging Machine)
- විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය (ECG - Electrocardiogram Machine)
- හෘදරෝග තිර ගැන්වීමේ යන්ත්‍ර (Cardiac Screening Machine)
- විද්‍යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය (EEG - Electro - Encephalography)
- රුධිරයේ සීනි පරීක්ෂා කිරීමේ උපකරණය (Blood sugar testing machine)
- රුධිර පීඩනය මනින යන්ත්‍රය (Blood Pressure Testing Machine )
දුරස්ථ සෞඛ්‍ය රැකවරණය (Tele Medicine) හි දැකිය හැකි මූලික ලක්ෂණ
- දුරස්ථ සෞඛ්‍ය උවටැන් (Remote Clinical Care) නිසා වෛදරවරයා වෙත යාමට අවශ්‍ය නොවීම.
- නිවසේ සිට අධීක්ෂණය (Linked Home Monitoring System)
- උපදෙස් ලබා ගැනීම මාර්ගගතව කළ හැකි වීම
- දුරස්ථ ශල්‍යකර්ම
- සෞඛ්‍ය සේවයේ යෙදී සිටින සේවක පිරිස් හා කාර්යමණ්ඩල සඳහා දුරස්ථ පුහුණුව ලබාදිය හැකි වීම.
කෘෂි කර්මාන්තයේ යෙදවුම්
පරිගණකගත උපාංග ලෙස පහත ඒවා කෘෂි කර්මාන්තයේ භාවිත වේ
- කාලගුණ මිණුම් යන්ත්‍ර
- ස්වයංක්‍රීය කුරුමිණි පාලන යන්ත්‍රය
- වගා බිමෙහි තත්ත්වය මනින යන්ත්‍රය
- ස්වයංක්‍රීය ජල සැපයුම (Drip irrigation)
- ස්වයංක්‍රීය වල් පැළ ඉවත්කරණ උපාංග
- රොබෝ තාක්ෂණයෙන් පැළ සිටුවීම
- රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙළීම
- හරිතාගාර (Greenhouses)
ගොවිපල කටයුතු කාර්යක්ෂම කරගැනීමට භාවිතා කරන උපකරණ
- ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණය
- සතුන් සිටින ස්ථානය හා සිටින ගණන හඳුනා ගැනීමට භාවිත වන ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණය
- කිරි හා සත්ත්ව නිෂ්පාදන වල තත්ත්ව පාලනය පවත්වා ගැනීමට භාවිත වන පරිගණක ගත පද්ධති
- නොරැහැන් (wireless) තාක්ෂණය මගින් සම්බන්ධ කර ඇති CCTVකැමරා පද්ධති හරහා ආරක්ෂා ව ලබාදීම
- ගොවිපල කළමනාකරණ කටයුතු සඳහා පරිගණක භාවිතය
බැංකු , කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා යෙදවුම්
- වීඩියෝ සම්මන්ත්රණ
- මානව සම්පත් කළමනාකරණය (සේවක පැමිණීම හා අනන්‍යතාව පිරික්සන ඇඟිලි සලකුණු සුපිරික්සකය Finger print Scanner)
- රොබෝ යන්ත්‍ර භාවිතය
- පරිගණක ජාලකරණය මගින් බැංකු කටයුතු පහසුවීමට ATM යන්ත්‍ර භාවිතය
- අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපොළ කටයුතු වල නිරත වීම
- Tele Banking
- විද්‍යුත් වාණිජ්‍යය හරහා භාණ්ඩ හා සේවා විකිණීම හා ලබා ගැනීම (E- Commerce)
- ජංගම දුරකථනයෙන් බැංකු කටයුතු කිරීම (Mobile Banking)
- මාර්ග ගත සාප්පු සවාරි
මාර්ගගත සාප්පු සවාරි වල දැකිය හැකි ලක්ෂණ
- ඕනෑ ම රටක, අන්තර්ජාලයේ ඇති වෙළෙඳ ආයතනයක් තෝරා ගැනීමට හැකි ය.
- 24 පැයෙහි ම විවෘත ව තිබීම.
- පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කර ඇණවුම් කිරීමේ හැකියාව.
- හර කාඞ් පත් මගින් මුදල් ගෙවීමේ පහසුව.
- භාණ්ඩය හෝ සේවාව නිවසට ම ලබා ගැනීමේ පහසුව. එබැවින් ගමන් විඩාව.කාලය යනාදිය ඉතිරි කර ගැනීමට හැකිවීම.
ගමනාගමනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත වන අවස්ථා
- පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම.
- GPS
- ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන පද්ධතිය විදුලි සංඥා ලාම්පු භාවිතය (Traffic Light Control System)
- පරිගණක ගත සංකේත හැඳුනුම් ක්‍රම භාවිතය
විනෝදාස්වාදය සඳහා තොරතුරු තාක්ෂණ යෙදවීම් භාවිතය
- පරිගණක ක්‍රීඩා
- තොරතුරු තාක්ෂණ භාවිතයෙන් චිත්‍රපට නැරඹීම
- ඩිජිටල් රූපවාහීනී නැරඹීම
- ඉ - පුවත්පත් සහ ඉ - පොත්පත් කියවීම
- අන්තර්ජාලයෙන් ගීත බාගැනීම
- සමාජ ජාල (Social Networks) සම්බන්ධතා