සිතේ ගති - I
චෛතසික (52)
සිතෙහි හටගන්නා සිතුවිලි චෛතසික නම් වේ.
සියලූම චෛතසික ගණන 52 කි.
චෛතසික 52 ප්‍රධාන කොටස් 3 කට බෙදා දැක්වියි හැකිය.
අන්‍යසමාන චෛතසික (13)
සබ්බචිත්ත සාධාරණ හා ප්‍රකීර්ණක චෛතසික 13 පොදුවේ අන්‍යසමාන චෛතසික නමින් හැඳින්වේ.
මේවා එකිනෙකින් අන්‍ය වූ (එකිනෙකට වෙනස් වූ) කුසල් සිත් සමගත් අකුසල සිත් සමගත් සමානව යෙදෙන බැවින් අන්‍යසමාන යන නමින් හැඳින්වේ.
සබ්බචිත්ත සාධාරණ චෛතසික (7)
සියලූම සිත් වල අඩු නැතිව යෙදෙන චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසික නම් වේ.
සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 කි.
ප්‍රකීර්ණක චෛතසික (6)
ඒ ඒ සිත් වල සුදුසු පරිදි විසිරී පවතින චෛතසික ප්‍රකීර්ණක චෛතසික නම් වේ.
ප්‍රකීර්ණක චෛතසික 6 කි.
අන්‍යසමාන චෛතසික කිහිපයක් පහත විස්තර කොට ඇත.
ඵස්ස - ඵස්ස යනු ස්පර්ශයයි. සිතක් උපදින්නේ ඇස ආදී දොරටුවකට රූප ආදී අරමුණක් ලැබුණු විටය. සිත හා එම සිතට අදාල චෛතසික එම අරමුණ සමග ගැටීමේදී (ස්පර්ශ වීමේදී) ඵස්ස චෛතසිකය උපදී.
චේතනා - සෙසු චෛතසිකයන්ව ඊට අදාල කටයුතු වල යොදවන්නේ චේතනා චෛතසිකය විසිනි. චේතනා චෛතසිකය සෙසු චෛතසිකයන්ගේ ප්‍රධානියෙකු වැනිය.
ජිවිතින්ද්‍රිය - සෙසු චෛතසිකයන්ව ජීවත්කරවන්නේ ජිවිතින්ද්‍රිය චෛතසිකය විසිනි.
මනසිකාර - අරමුණට චිත්ත චෛතසික යොමු කරවන්නේ මනසිකාර චෛතසිකය විසිනි.
අධිමොක්ඛ - අරමුණ මත සිත හා එම සිතට අදාල චෛතසික දිගින් දිගටම රඳවා තබාගන්නේ අධිමොක්ඛ චෛතසිකය විසිනි.
ඡන්ද - අරමුණ කෙරෙහි කැමැත්ත ඇති කරනු ලබන්නේ ඡන්ද චෛතසිකය විසිනි.
අභ්‍යාස:-
ශ්‍රේණි විභාගය 2015
1. සබ්බ චිත්ත සාධාරණ චෛතසික 7 කි. ඒවා එම නමින් හැඳින්වීමට හේතුව කුමක් ද? (ල. 4)