දුටුගැමුණු රජු
දුටුගැමුණු රජු කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුතුය. ඔහුගේ මව විහාරමහාදේවියයි. සහෝදරයා සද්ධාතිස්ස නම් ය. ළමා කාලයේ ඒ වැඩිමහල් පුතා ගාමිණී යැයි නම් විය. කුමාරයාට දොළොස් වයස් වන කාලයේ එක්දිනක් ඔහුගේ පියා කුමාරවරු දෙදෙනා ආමන්ත්රනය කොට දෙමලූන් සමග යුධ වැදීම වැළැක්වීමට බත් පිඬක් ගෙන මම දෙමලූන් සමග යුධ නොකරමි යි දිව්රා වෙන වෙනම කෑමට දුන්නේය.
මා - වැළැක්වීමෙහි
පංච්චකං - වෙන වෙනම
ගැමුණු කුමාරයා තමාගේ බත්පිඬ බිම දමා කිපී ඇඳට ගොස් අත් පා හකුලූවා නිදා සිටියේය. කුමාරයාගේ මව විහාරමහා දේවිය මෙය දැක සමීපයට ගොස් මෙසේ නිදන්නේ කිමදැ යි විචාළේය. කුමාරයා උතුරු දිසාවෙන් දෙමලූන්ය, දකුණු පසින් ගොළු මුහුදය කෙසේ සුවෙන් නිදමි දැයි ඇසීය. කුමාරයා නිසි වයසට පැමිණි කල්හි දෙමලූන් සමග යුධ වදිමියි සිතීය.
පසු කාලයක තමාගේ පියා කරා එළඹ දෙමලූන් සමග යුද වැදීමට ඉල්වීය. පිය නොදුන්නේය. කුමාරයා දෙවනුවද, තෙවනුවද ඉල්වීය. පියා නොදුන්නේය. ගැමුණු කුමාරයා මගේ පියා පුරුෂයෙකු නොවේ ස්ත්රියකි කියා ස්ත්රීන් අලංකාරය සඳහා ගෙලට දමන ආභරණ ආදිය කරවා පියා සන්තකයට යැවුවේය. එහෙයින් පියරජු දන්ඩෙන් පහරකෑ සර්පයෙකු සේ කිපී ගාමිණී කුමාරයා ග්රහණයට ගැනීමට අණ කළේය. හෙතෙම මලය ජනපදයට පලා ගියේය. එතැන්පටන් කුමාරයා දුෂ්ඨ ගාමිණී යැයි පණවන ලදි.
පියා මළ කල්හි රෝහණ මාගම රාජාභිෂේක වී ටික කලෙකින් බලකායක් සංවිධානය කොට අනුරාධපුර රජ කරන එළාර දෙමල රජු සමග යුධ කළේය. කරන ලද සංග්රාම වලින් විජිතපුර මහා සටන අති බිහිසුනුය. සංග්රාම භූමියෙහි එළාර මරාදැමීය. ඉක්බිති මුලූ ලංකාද්වීපයම එක්සේසත් කොට දමිළ කැලිකසල පුලූස්සා දමා ලංකාවේ සම්බුද්ධ ශාසනය බැබළවීය. ලෝවමහාපායද මහා චෛත්යද (රුවන්වැලිසෑය) මිරිසවැටියද නොයෙක් නොයෙක් විහාරද කරවීය.
දුටුගැමුණු රජු ශ්රද්ධාසම්පන්න මහා වීරයෙක් වශයෙන් මහාවංශයේ කියැවී ඇත.
අභ්යාස:-
අභ්යාසය - 01 කොටස් 4 ම කරවන්න.
සටහන:-
පහත සටහන පෙර මතකයන් අලුත් කරගැනීම සඳහා පමණි. දරුවාගේ සටහන් පොතට ඇතුලත් කිරීම අත්යාවශ්ය නොවේ.
මිශ්ර ක්රියා පද හඳුනා ගැනීම
උදා:- ළමයා නටමින් ගෙදර යයි.
මෙහි "නටමින්" යනු මිශ්ර ක්රියාවයි. පාලි භාෂාවේදී මිශ්ර ක්රියාව සඳහා "අන්ත" , "මාන" යන ප්රත්ය දෙකෙන් එකක් යෙදේ.
1. දාරකො නච්චන්තො ගෙහං ගච්චති.
2. දාරකො නච්චමානො ගෙහං ගච්චති.
පූර්ව ක්රියා පද හඳුනා ගැනීම.
උදා:- ඇතා ගස කඩා බිම හෙළයි.
මෙහි "කඩා" යනු පූර්ව ක්රියාවයි. පාලි භාෂාවේදී පූර්ව ක්රියාව සඳහා "ත්වා" ප්රත්ය යෙදේ. ඇතැම් තැනක "ත්වාන" , "තුන" යන ප්රත්යද යෙදී තිබේ.
1. ගජො රුක්ඛං ජින්දිත්වා භූමිං පාතෙති.
නිපාත පද හඳුනා ගැනීම.
උදා:- පියා ද පුතු ද නෑම පිණිස වැවට යති.
මෙහි "ද" , "පිණිස" යනු නිපාත පදයි.
1. පිතා ච පුත්තො ච් නහයිතුං වාපිං ගච්ඡන්ති.
සර්වනම පද හඳුනා ගැනීම.
උදා:- වෙළෙන්දා සියලු ධනය අනාථයන්ට දී එක්තරා රටකට ගියේය.
මෙහි "සබ්බං" (සියලු) , "අඤ්ඤතරා" (එක්තරා) යනු සර්වනාම පදයි.
1. වානිජො සබ්බං ධනං අනාථානං දත්වා අඤ්ඤතරං රට්ඨං අහමි.