විශේෂණ පද
1. නාම විශේෂණ පද
නාම විශේෂණ යනු, නාමයක යම් ගුණයක් හෝ විශේෂත්වයක් ප්‍රකාශ කරන පදයි.
මෙහිදී නාම පදය "විශේෂ්‍ය" යනුවෙන්ද නාම විශේෂණ පදය "විශේෂණ" යනුවෙන්ද හඳුන්වයි.
විශේෂණ පදය විශේෂ්‍ය පදයාගේ ලිංගයද, විභක්තියද, ඒකවචන/බහුවචන භාවයද ගනී.
ලිංග | විශේෂණ | විශෙෂ්‍ය | අර්ථය |
---|---|---|---|
i. පුල්ලිංගික | සෙතො | ගොණො | සුදු ගොනා |
ii. ස්ත්‍රී ලිංගික | සෙතා | වනිතා | සුදු වනිතාව |
iii. නපුංසක ලිංගික | සෙතං | වත්ථං | සුදු වස්ත්‍රය |
නාම විශේෂණ පද කිහිපයක් පහත දැක්වේ.
i. මජ්ඣිම - මධ්‍යම
ii. නීච - පහත්
iii. උච්ච - උස්
iv. ඛුද්දක - කුඩා
v. රස්ස - කොට
සටහන:-
පද 5ක් පමණ ලිවීමට උපදෙස් දෙන්න.
2. ක්‍රියා විශේෂණ පද
ක්‍රියා විශේෂණ යනු, ක්‍රියා පදයක යම් විශේෂයක් ප්‍රකාශ කරන පදයි.
ක්‍රියා විශේෂණ බොහෝ විට දුතියා විභක්ති ඒකවචනයෙන් සිටී. (දුතියා විභක්ති ඒකවචන ප්‍රත්‍යය - අං)
ක්‍රියා විශේෂණ පද කීපයක් පහත දැක්වේ.
i. සනිකං - සෙමින්
ii. එවං - මෙසේ
iii. දුක්ඛං - දුකසේ
iv. පුරතො - ඉදිරියෙන්
v. පච්ඡතො - පස්සෙන්
සටහන:-
පද 5ක් පමණ ලිවීමට උපදෙස් දෙන්න.
අභ්‍යාසය:-
පෙළ පොතේ අභ්‍යාසය 08, 2 සිට 7 දක්වා කොටස් කරවන්න.