සර්වබලධාරී දෙවි කෙනෙකු විසින් සත්වයා මවන ලදැයි ඇතම් ආගම් වල ඉගැන්වූවද, බුදුදහම එම මතය ප්‍රතික්ෂේප කරයි.
උපකරණ කොටස් රාශියක් එකතු වීමෙන් මෝටර් රථය නිර්මිත මෙන් පංචස්කන්ධයේ එකතු වීමෙන් මිනිසා ඇතුලූ සත්වයා නිර්මිතය.
ස්කන්ධ වචනයෙහි අර්ථය රාශිය - සමූහය යන්නයි.
පංචස්කන්ධයේ සෑම ස්කන්ධයක්ම තනි තනිව නොව විවිධාකාර වූ කොටස් සමූහයකින් සැදුම්ලත්ය.
පංචස්කන්ධය පහත පරිදි වේ.
1. රූපස්කන්ධය - 28ක් වන රූප කොටස් සමූහයයි.
2. වේදනාස්කන්ධය - සුඛ වේදනා, දුක්ඛ වේදනා ආදි ආකාර රැසකින් යෙදෙන වේදනා චෛතසිකය යි.
3. සංඥාස්කන්ධය - රූප සංඥා, ශබ්ද සංඥා ආදී ආකාර රැසකින් යෙදෙන සංඥා චෛතසිකය යි.
4. සංස්කාරස්කන්ධය - වේදනා, සංඥා චෛතසික 2 හැර ඉතිරි චෛතසික 50 යි.
5. විඥ්ඥාණස්කන්ධය - චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී ආකාර රැසකින් යෙදෙන සිතයි.
ඉහත පංචස්කන්ධයම නාම රූප වශයෙන්ද ඛෙදා දැක්වේ.
නාම |
වේදනා ස්කන්ධය |
රූප |
රූප ස්කන්ධය |
පංචස්කන්ධයේ අස්ථීර බව බුදුරදුන් විසින් මෙසේ උපමාවකින් පැහැදිලි කොට ඇත.
රූපය පෙණ පිඬක් වැනිය.
වේදනාව දිය බුබුලක් වැනිය.
සංඥ්ඥාව මිරිඟුවක් වැනිය.
සංඛාරය කෙසෙල් කඳක් වැනිය.
විඤ්ඤාණය මායාවක් වැනිය.
අස්ථීර වූ අනාත්ම වූ ස්කන්ධයන්ගෙන් සැදුම් ලත් මිනිසාද අස්ථීරය, අනාත්මය.
ඡන්දරාගය හෙවත් උපාදානය මහින් වෙන වෙනම පවතින පංචස්කන්ධය එකට එකතු කර සත්වයා නිර්මාණය කරයි.
සටහන:-
උපාදාන පිළිබඳ වැඩිදුර විග්‍රහයක් සඳහා 10 ශ්‍රේණිය (පැරණි නිර්දේශය) 20 පාඩම "පටිච්ච සමුප්පාදය" තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානය වන ආකාරය සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන බලන්න.
ඡන්දරාගය දුරු කිරීමෙන් සත්වයා යලි යලිත් උපදිමින් දුකට භාජනය වීම නවතාලිය හැකිය.
පුද්ගලයාගෙන් පුද්ගලයාට නාම ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස්ය.
අභ්‍යාස:-
ආදර්ශ ප්‍රශ්න
1. සත්වයා තුල ආත්ම නමින් ගත හැකි ස්ථීර නොවෙනස් යමක් නැති බව පංචස්කන්ධ විග්‍රහය ඇසුරින් පැහැදිලි කරන්න. (ල:10)