සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන්, එකට ජීවත් වීම සහජීවනය නම් වේ.
ජාතිය, කුලය වැනි ඛෙදීම් බැහැර කොට සමානාත්මතා ආකල්පය වර්ධනය කර ගත යුතු බව බෞද්ධ මතයයි.
චත්තාරො වණ්ණා සමසමා - චතුර් වර්ණයන් සර්වසම වේ යන උපදේශයෙන් එය වඩාත් පැහැදිලි වේ.
සටහන:-
චතුර් වර්ණ,
1. බ්‍රාහ්මණ
2. ක්ෂත්‍රීය
3. වෛශ්‍ය
4. ක්ෂුද්‍ර
තමා උපමාවට ගෙන අනුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළැකීමේ ක්‍රමය අත්තූපනායික ධර්ම පර්යාය නමින් ඉදිරිපත් කොට ඇත.
පන්සිල් සුරැකීම හා අන්‍යෝන්‍ය යුතුකම් ඉටු කිරීම සහජීවනයෙන් පිරි සමාජයක් ගොඩනැංවීමේ අඩිතාලම වන්නේය.
අන්‍ය මත ඉවසීමට පුරුදු වීම සහ අවවාද අනුශාසනා පිළිගැනීමට පුරුදු වීම සහජීවනය සඳහා මහෝපකාරී වේ.
අදහස් වල නොගැලපීම් හා ආගමික පිළිගැනීම් සහජීවනයට බාදාවක් කර නොගත යුතු බව බුදුරදුන් ක්‍රියාවෙන්ම පෙන්වා දී ඇත.
අභ්‍යාස:-
ශ්‍රේණි විභාගය 2014
1. සහජීවනය සඳහා ඉවහල් වන කරුණු 2 ක් කෙටියෙන් විස්තර කරන්න. (ල.5)
ආදර්ශ ප්‍රශ්න
1. සහජීවනයෙන් යුතු සමාජයක් ගොඩනැංවීම සඳහා පුද්ගලයා තුල වර්ධනය කරගත යුතු ගුණධර්ම මොනවාදැයි පැහැදිලි කරන්න. (ල. 10)