3 පාඩම, බුද්ධ චරිතයේ අවසාන විසිපස් වසර (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්) - 10-වසර දහම් පාසල (බෞද්ධ)

3 පාඩම, බුද්ධ චරිතයේ අවසාන විසිපස් වසර (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)

  • දෙව්දත් තෙර යශෝදරා දේවියගේ සොහොයුරෙකි.

  • දෙව්දතුන් බුදුරදුන් නැසීමට,
    1. දුනුවායන් යැවුවේය.
    2. ගිජුකුළු පවුවේ සිට ගලක් පෙරලූවේය.
    3. රා පොවා නාලාගිරි ඇතු යැවුවේය.
    4. සංඝ භේදය කිරීමට් උත්සාහ කළේය.

  • අන්‍ය තීර්ථකයන් විසින් බුදුරදුන්ට නින්දා කිරීමට,
    1. සුන්දරී පරිබ්‍රාජිකාව මරා දෙව්රම් වෙහෙර අසල වලදැමූහ.
    2. චිංචා මානවිකාව ගැබිනියක මෙන් සරසා බුදුන් ඉදිරියට යැවූහ.

  • බුදුරදුන් මුලූ ජීවිත කාලයම පරාර්ථ සේවය සඳහාම යෙදවීය.
    උදා:-
    1. කෙත පාලූ වූ ගොවියාට පිහිටවීම
    2. පටාචාරාට පිහිට වීම.
    3. දරුවන්ගෙන් සැලකිලි නොලත් මහළු බමුණාට පිහිට වීම
    4. කිසාගෝතමියට පිහිට වීම
    5. රජ්ජුමාලාට පිහිට වීම

  • බුදුරදුන් සිය අවසන් වස් කාලය ගත කලේ බේලූව නම් ගමේය.

  • බුදුරදුන් වැලඳූ අවසාන දානය, පාවා නුවරදී චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගැන්වීය.

  • අසූ වැනි වියෙහිදී කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනේදී සම්බුද්ධ පරිනිර්වාණය සිදුවිය.

  • බුදුරදුන් ජීවමානව සිටියදී පැවිදි උපසම්පදාව ලැබූ අවසාන ශ්‍රාවකයා සුභද්ද භික්ෂුවය.

  • “මහණෙනි, සියලූ දේ නැසෙන සුලූය. එබැවින් නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න” මේ අවසාන බුද්ධ වචනයයි.

    අභ්‍යාස:-

    ආදර්ශ ප්‍රශ්න

    1. "අවසාන මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ පරාර්ථ චර්‍යාවේ නියැලුණු සේක." මේ කියමනෙහි සත්‍යතාවය විමසන්න. (ල. 10)